එයා මාව බ්ලොක් කරලා !!!!!!!!
මාව බ්ලොක් කරන්න තරම් එයාට තියන හේතුව මොකද්ද....මට හිතුණෙම එයැයිව හොයා ගෙන ගිහින් අහන්න ඒ ඇයි කියලා....මං එයාට දැනුවත්ව කිසිම වැරැද්දක් කරල නැහැනෙ...
ඒත් ඉතින් මට මෙතනින් කොහෙටවත් යන්නත් බැහැ...හොබී ඔප්පා මාව හෙව්වොත්....!!
එක අතකට මොකද අනේ මම එයාගෙ පස්සෙන් යන්නෙ....යෝජින් කවද්ද කොල්ලො පස්සෙන් ගියේ...හුම් !!එතකොටම මම දැක්කෙ ප්‍රින්සිපල් කෙල්ලගෙ ඔෆිස් එක පැත්තෙ ඉඳලා ඈතින් එන අර තක්කඩි දොස්තරයව...මාව දැකල බොරු හිනාවක් වගේ එකක් මවාගෙන එක පාරටම අහක බලාගෙන මාව පාස් කරල යන්න හැදුවෙ එයා....ඒකට මගෙ චිත්ත සන්තානය හත් කඩකට අම්බ්රෙල්ලාස් පවුඩර් වෙලා ගියා....
හැබැයි ඩයල් එකට වැඩි දුරක් යන්න හම්බුණේ නැහැ......හදිසි අනතුරකට මූණ දෙන්න වෙලා පත බෑවුණා....
යස වැඩේ !!!
හරීම රසවත් සීන් එකක් ඒක !!!
ඔන්න මැප් එක...😌
ජින්ජිබරස් ඒ පැත්තෙන් එනකොට හොබී ඔප්පා වොෂ්රූම් තියන පැත්තෙ ඉඳන් බ්‍රේක් ඩාන්ස් පාරක් දාගෙන ආවා...
ඒ අස්සෙ අයිස් ඇමරිකානෝ කප් එකකුත් අරගෙන මුණත් වැහෙන්න බාල්දියක් වගේ තොප්පියකුත් දාගෙන කැන්ටින් එක පැත්තෙ ඉඳලා ආවේ අපේ කුටිපැටියා 🐱 යුන්ගි ඔප්පා !!! උන්නැහේ ඒ මදිවට අර දෙකට නමන සැම්සන්ග් ෆෝන් එකත් ඔබ ඔබ සන්සුන් ගමනින් ආවේ මෙලෝ සිහියක් නැතිව....
YOU ARE READING
Small World ♡ 작은 세상 ♡ [ Completed ]
Fanfictionදෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼