12 😞🌼

497 81 21
                                    

💜📞 " ආහ් ඔන්නි !!! මොකටද මෙහෙට කතා කළේ ? "

" ඇයි මං කතා කරන්න එපාද ? "
මේ පිසාච වැඳිරි ඇහුවෙ නැතැයි ගත් කටටම....

💜  " අනියෝ !! වෙනදා ඉතින් ඔන්නි කතා කරන්නෙ නැහැනෙ "

" අද මට කතා කරන්න ඕනි වුණේ ඔයාට "

ලිප්ස්ටිකී එන පොට නම් හොඳ නැහැ යෝජිනෝ...මොකක් හරි චකබ්ලාස්ට් සීන් එකක් තමයි සිද්ධ වෙන්න යන්නෙ...

💜 " දේ !! ඔන්නි ...."

මං ඒක ඇහුවා විතරයි මේකි අඬන්න පටන් ගත්තා නේද " ඉහි ඉහි " ගාලා...කන් බෙරෙත් එක්ක ලෙප්ට් වෙනවා තව පොඩ්ඩෙන් ....

" ඔ......ඔ....ඔයා Taehyung ට කිව්වද මාත් එක්ක කතා ක......ක....ක...කරන්න එපා කියලා....එ....එ...එයා මට කෑ ගැහුවා දොන්සන්ග්..."

හිත හොඳ යෝජින්ගෙ හිත ටිකක් ගැස්සුණා ළමයි ....මට ගොඩක් කේන්ති යනවා ඒ වගේම දුක හිතෙනවා....

💜 " ඉතින් ඔයා මොනවද මට කරන්න කියන්නෙ ? " 
මම කිසිම හැඟීමක් නැතිව ඒක ඇහුවෙ...

" ඔයා Taehyung ,  මායි අතරට ඇවිත් අපිව ඈත් කරන්න හදන්න එපා ....ඔයාගෙ ඔප්පට දැන්වත් එයාට ඕනි විදිහට ජීවත් වෙන්න දෙන්න...දැන් ඔයා ලොකුයිනෙ...ඔප්පට හැමදාම ඔයාගෙ පස්සෙන් ඉන්න බැහැ...."

ඒ කතාව මගෙ ඇස් වලට කදුලු ගෙනාවා...ෆෝන් රිසිවර් එකත් සද්දෙටම ටේබල් එකට අත ඇරලා මම දිව්වෙ මගෙ රූම් එකට.....

ඇඳට පැනලා කොට්ටෙත් හපා ගෙන මම පුලුවන් උපරිම ශක්තිය දාලා කෑ ගැහුවා....විනාඩි ගාණක්ම ඒ විදිහට හිටපු මම කඳුලුත් පිහිදා ගෙන ඇඳෙන් නැගිට්ටෙ ඔප්පගෙ කාර් එකේ සද්දෙ ඇහුණ නිසා ....

" යෝජින් !! ග්වෙන්චානා ? ඔයාගෙ මුණ මොකද්දෝ වෙලා " 

මාව දැකපු ගමන් ඔප්පා ඇහුවෙ මගෙ නළලට අතත් තියලා රස්නෙද කියලා බලන ගමන් .....

මම මුකුත් නොකියම එයාට පිටුපාලා ඇවිත් හිට ගත්තා....

" මොකද්ද ප්‍රශ්නෙ යෝජින් ? ස්කූල් එකේ අවුලක්ද ? "

💜  " අරයා කතා කළා !! "  මං ඔප්පට කිව්වෙ එයා දිහා බලන්නෙවත් නැතිව ...

Small World   ♡ 작은 세상  ♡  [ Completed ] Where stories live. Discover now