මම ඉතින් කටයි ඇස් දෙකයි හායි ගාලා ඇරගෙන ස්ටේජ් එක දිහා බලා ගෙන ඉන්නකොට එක පාරටම ස්ටේජ් එකින් මතු වුණා නේද නිකන් චිත්රයක් වගේ පොරක්...
කවුරු කියලද හිතන්නෙ...වෙන කවුරුත් නෙවෙයි ඒ මගේ පරම මිත්රයා ජන්ග්කුකා හොඳේ....
ඩයල් එක ටී ෂර්ට් එකයි ඩෙනිමටයිත් පට්ට හැන්ඩ්සම් අප්පා...ස්ටේජ් එකට නැගපු ගමන් එයා ඇස් කරකවා කරකවා ඔඩියන්ස් එක දිහා බැලුවෙ මං ඉන්නවද කියල වෙන්න ඕනි....මට ඉතින් නැගිටින්නත් බැරි නිසා මම හොරා වගේ ඉඳගෙනම හිටියා...
ජිමිනා නම් නැගිටලා උඩ පැනලා කෝළමක් කරා ජන්ග්කුකාට පේන්න...එයා ඒකෙන් දැන ගන්න ඇති මමත් ඉන්නවා කියලා...
මියුසික් එක ප්ලේ වෙන්න පටන් ගත්තට පස්සෙ ජන්ග්කුකා සින්ග් කරන්න පටන් ගත්තා....ජජ් බෝඩ් එකත් එක්කම ඕඩියන්ස් එකම ෆුල් හොල්මන් ඉතින්...මමත් ෂොක් වුණා යකූ කුකියා ඒ තරමටම ෂෝක්....
Perfomance එක අතරමඟ කුකියා ඩාන්ස් බ්රේක් එකක් දැම්මා ඒකට නම් මගෙ හුස්මත් එක්ක නතර වුණා...සෙස්සි හලෝ !!!
YOU ARE READING
Small World ♡ 작은 세상 ♡ [ Completed ]
Fanficදෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼