💜 " මොකද යකූ කෑ ගහන්නෙ ? "
මම ඇහුවෙ බනී දත් සෙට් එකත් පෙන්නගෙන හිනා වෙවී ෆෝන් ඒක දිහා බලන් ඉන්න කුකියගෙන්....." ටිකට් දෙකක්ම ගන්න පුලුවන් වුණා...වාසනාව යෝජින් !!!! "
💜 " ම්වෝ ? අපායටද ? "
මං එහෙම ඇහුවේ මේකා මේ මෙච්චර හැපි එකේ කෑ ගහන හේතුවක් එකපාරට ඉන්ස්ටෝල් වුණේ නැති නිසා...
ටිකට්ලු වාසනාවලු !!" අනියෝ !!! දිව්‍ය ලෝකෙට "
අනේ මංදා මූට මොනව වෙලාද කියලා...💜 " තේරෙන්න කියනවකො කුකියෝ !!! "
මං එහෙම කීවම එයා මට ෆෝන් එක පෙන්නුවා.....Yaaaaaaahh !!! පුදුම වුණ පුදුම විල්ලට මම නැවතුණේ පුටුවෙනුත් පල්ල වැටිලා....
කුකියා හිකි හිකි ගගා හිනා වෙනවා පින්වතුනි....දෙන්න හිතෙනවා හක්ක ගැලවිලා යන්න......
ඌට හිනා වෙන්න ඉඩ ඇරලා මම ස්වෝත්සාහයෙන් නැගිට්ටා....
තමන් හිසට තම අතමය ෂැඩෝ එක...😌
මටත් එයිනෙ චාන්ස් එකක්...!!! එදාට හිනා වෙනවා දොඹෙන් යන්න...
අපි දෙන්නගෙ ආසම ආටිස්ට් කෙනෙක් තමයි IU ඔන්නි....ඉතින් අපි දෙන්න කොරියාවෙ තියන එයාගෙ කොන්සට් එකක්වත් මඟ හරින්නෙ නැහැ....
මේ දැන් අපි දෙන්නා පිස්සො වගේ හැසිරුණෙත් ළඟදීම තියන එයාගෙ කොන්ස'ට් එකකට ටිකට් ගත්ත සතුටට....
බඩ පැලෙන්නම කෑම කාලා ආපහු කුකියයි මායි ඉස්කෝලෙට පැන ගත්තෙ Econ පීරියඩ් එක තියන නිසා....නම්ජුන්ශී නෙ උගන්නන්නෙ 😌💕
>>>Time skip <<<
💜 " ඔප්පා ඔයාටත් එන්න තිබ්බනම් මරුනේද..."
මම ඇහුවෙ ලොස් ඇන්ජලීස් යන්න ලගේජ් පැක් කර කර ඉන්න ඔප්පගෙ කරට පැනලා.....
YOU ARE READING
Small World ♡ 작은 세상 ♡ [ Completed ]
Fanfictionදෙවියෝ මාව මවන වෙලාවෙ සෝජු බීලලු හිටියේ 😞🌼