5.1

242 101 0
                                    

නොවැම්බර් මාසයේ අන්තිම සතිය වෙනකොට ජේහෝප් හොයලා දුන්න තැනක අලුත් වැඩියාවක් පටන් ගත්තේ ජීමින්ගේ ඩාන්සින් ක්ලාස් එකට. හැම උදේකම ජීමින්ව එක්කන් යන්න ආපු ජන්කුක් දවස තිස්සෙම එහෙ මෙහෙ දුවලා කරන වැඩ තොගේ දැක්කම ජීමින් පුදුමත් වුණා. ආයෙමත් හුඟාක් රෑ වෙනකන් වැඩ කරපු දෙන්නා ගෙදර යනකොට සමහර දාට පාන්දර දෙක තුනත් වෙලා තිබුණා.

විනාඩි කීපෙකට කලින් ජන්කුක් එක්ක ගෙදර ආපු ජීමින් දැක්කා තාමත් ගෙදර ලයිට්ස් ඔන් කියලා. එයා සාලෙට ආවේ ඒ ගැන බලන්න.

"තාත්තා... ඔයා නිදි නැද්ද?"

ජීමින් ගෙදර එනකොටත් මිස්ටර් පාර්ක් හිටියේ ගිනි උඳුන ලඟ වාඩි වෙලා පොතක් කියවන ගමන්. බිත්ති ඔරලෝසුවේ පාන්දර දෙක සටහන් වෙද්දිත් තාත්තා නිදි නැතුව ඉන්න එකට ජීමින් පුදුමත් වුණා.

"ආහ් මං ඔයා එනකන් පොතක් බලන්න ගත්තා."

ජීමින්ගෙ තාත්තා පොතේ පිටකවරෙ ජීමින්ට පෙන්නලා ආයෙත් පොතට එබුණා.

"මං එනකන් නිදි මරන්න ඕනි නෑනේ. අනිත් එක ජන්කුක් වැඩේ හදිස්සි කරන නිසා මේ දවස් ටිකේම පරක්කු වෙයි."

ජීමින් වද වුණා මිස්ටර් පාර්ක් මේ විදිහට නිදි මරන එක ගැන. ඒකත් සීතල හොඳටම වැඩි දවස් වල. ජීමින් බයයි එයා වෙනුවෙන් අනිත් අය මෙහෙම වෙනවට.

"හරි හරි.. ටිකක් වෙලා ඉදලා නිදියන්න තමයි හැදුවේ. මේ පොත ඉන්ට්‍රස්ටින්ග්."

"අනේ අනේ තාත්තා. ඔයා ලෙඩ වෙන්නද හදන්නේ දැන්."

ජීමින්ගේ ජීවිතේ එකම ශක්තිය වුණේ තාත්තා. ජීමින්ගේ අම්මා නැති වුණ වෙලාවේ තාත්තගේ දරාගැනීම වගේම එයාගේ දරුවො තුන් දෙනා වෙනුවෙන් ජීවිතේම කැප කරපු විදිහ ජීමින් හොඳටම දැක්කා. අදටත් ජීමින් ජීවත් වෙලා ඉන්න හේතුව එයාගේ තාත්තගේ දරා ගැනීම.

ජීමින්ගේ හස්බන්ඩ් නැති වුණ වෙලාවේ ජීමින් එයාගේ තාත්තාගේ දරාගැනීම පුරුදු වෙන්න හුඟාක් උත්සහා කරා. හැබැයි එයාට ජීවත් වෙන්න හේතුවක් හොයාගන්න හුඟක් අමාරු වුණා. පවුල කියලා දෙයක් නැත්තන් ජීමින් මේ වෙද්දිත් එයාගේ ආදරේ ලඟ.

"ආයේ ඉන්නෙ නෑ. ඉතින් කොහොමද දැන් එතන වැඩ. ජන්කුක් අපිට එන්න දෙන්නෙ නෑනේ උදව් කරන්නවත්."

"ආහ් එයා නම් වාතයක් තමයි. වැඩ නම් බාගයක් දුරට ඉවරයි. අලුත් ෆර්නිචර්ස් ටිකක් ගෙනාවා අද. ඒකයි පරක්කු වුණේ."

ජීමින් හරිම උද්‍යෝගෙකින් කියන හැටි ජීමින්ගේ තාත්තා අහන් හිටියෙ හිතට දැනුණ ලොකු සැනසීමකින්. මිස්ටර් පාර්ක් හදවතින්ම සතුටු වුණා එයා ජන්කුක්ව විශ්වාස කරපු එක ගැන.

"මං ඔයාට කෝපි එකක් හදන්නද තාත්තා."

"ඒකත් හොඳයි තමයි."

ජීමින්ගේ තාත්තා කීයටවත් ඒ වගේ දෙයක් ප්‍රතිකේෂ්ප කරන මනුස්සයෙක් නෙවෙයි.

"හරි එහෙනම්.. ඒකෙන් පස්සේ ඔයා නිදාගන්න ඕනි."

ජීමින් එහෙම කියාගෙන කිචන් එකට දිව්වේ එයාගේ අත් මේස් ගලවලා තැනින් තැන බිම දාන ගමන්. උදේට ජෙනීගෙන් කණක් ඇහිලා ඉන්න නැති වෙයි ඕක නිසා.

____________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now