5.2

249 101 9
                                    

"ආව්..."

වෝල් එකේ ගහන්න ගෙනාපු ලොකූ කණ්නාඩි ගැන බල බල හිටපු ජීමින් අතත් අල්ලන් බිමින් වාඩි වුණේ එයාගේ ඇඟිල්ලක් කැපිලා ලේ ගලන්න පටන් ගත්තු නිසා. පරණ දොර වෙනුවට අලුත් එකක් දාන මිනිස්සු දෙන්නා දිහා බලන් හිටපු ජන්කුක් ජීමින්ගේ සද්දෙට ඒ දිහා බැලුවෙ හොඳටම කලබල වෙලා. ජීමින්ගේ අත දිගේ ලේ ගලන් යද්දි ඒ ඇස් වලට කඳුළු ඇවිත් තිබුණ හැටි ජන්කුක් හොඳටම දැක්කා. එයා බලන් හිටපු වැඩේ ගැනවත් සිහියක් නැතුව ජන්කුක් ජීමින් ලඟට දිව්වේ පුදුම තරම් කලබලේකින්.

"ඕහ් ජීමින්.. ඔහොම ඉන්න."

සාක්කුවෙන් ගත්තු ලේන්සුව පැත්තකින් තියලා ලේ ගලන අතින් අල්ලන් ජන්කුක් කියද්දි ජීමින් ඔළුව වැනුවා. ජීමින් හිටියෙ බය වෙලා. පොඩි කාලේ ඉදලම ජීමින් තුවාල කරගත්තම සාමාන්‍ය ගානටත් වැඩිය ලේ යනවා කියලා එයා දැනන් හිටියා. ඉතින් දැනුත් වෙලා තිබුණේ පොඩි කැපුමක් වුණත් ලේ බින්දු දෙක තුන බිමට වැටෙන තරමටම ඒ අතින් ලේ ගැලුවා.

"දැන් ලේ ගලන එක අඩු වෙයි. ජීමින් ඔයාට නැගිටින්න පුලුවන්ද?"

ඇගිල්ල ලේන්සුවෙන් ගැට ගහලා ලේ එන එක නතර කරපු ජන්කුක් ජීමින් දිහා බලලා අහද්දිත් ජීමින් හිටියෙ බයටම ඇස් දෙක පියාගෙන. හිමීට ඔළුව උඩ පහළ කරපු ජීමින් ජන්කුක්ගෙ උදව්වෙන්ම බිම වාඩි වෙලා හිටපු තැනින් හිට ගත්තම ජන්කුක් බිම වැටිලා තිබුණ ලේ බින්දු ටික පිහලා දැම්මේ ජීමින් ඒ දිහා බලන් ඉන්න ගත්තම. තාමත් ජීමින්ගේ ජීවිතේ ගුප්ත හැසිරීම් නොතිබ්බම නෙවෙයි.

"තෑන්ක්ස් ජන්කුක්. මට තුවාල වුණාම ඕනිවටත් වැඩිය ලේ යනවා."

ජන්කුක් හිනා වෙලා එයා ඉස්සරහා හිටපු ජීමින්ගේ මූණ ගාණටම නැමුණේ එක ඇඟිල්ලකින් ඒ ඇස් අගින් වැටිලා තිබුණ කඳුළු බින්දුවක් පිහදාන ගමන්.

"රිදෙනවද?"

ජීමින්ගේ කොණ්ඩෙ අවුස්සන ගමන් ජන්කුක් අහද්දි නහය අකුළුවා ගත්තු ජීමින් ඔව් කියන්න ඔළුව උඩ පහල කරා. ජීමින්ගේ උසටම පහත් වෙලා හිටපු ජන්කුක් හිටියේ ඕනිවටත් වඩා ජීමින්ගේ මූණට ල‍ං වෙලා. ජීමින්ගේ මූණට වැදෙන ජන්කුක්ගේ උණුසුම් හුස්ම ජීමින්ට දැනුණේ වෙනස්ම විදිහකට. හරියට එයා ආදරේ කරපු කෙනා ලඟදි දැනුණා වගේ.

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now