12.1

255 102 5
                                    

ජීමින්ට අඩලා අඩලම මහන්සී. එයා ටේහ්‍යොන් එක්ක ගෙදර එනකන් කරේ එක දිගට අඩපු එක. හැබැයි ඒ එයා වෙනුවෙන්ද ටේහ්‍යොන් වෙනුවෙන්ද ජන්කුක් වෙනුවෙන්ද කියන්න එයාවත් දැනන් හිටියෙ නෑ. කොහොමහරි අන්තිමේදී ජීමින්ට ටේහ්‍යොන්ගේ වාහනේම නින්ද ගිහින් තිබුණා. ජීමින්ව අත් අතරට අරගෙන ඇතුළට එන ටේහ්‍යොන්ව දැක්කම සොෆියාවයි ජෙනීවයි ගල් ගැහුණා. තාත්තා කලින් එයාලට විස්තරේ කිව්වා තමයි. ඒත් අවුරුදු දෙකක්ම මැරුණා කියලා විශ්වාස කරපු කෙනෙක් ආයෙම දකින එක එයාලා කොහොම භාර ගන්නද?

"එයාට නින්ද ගිහින්."

ටේහ්‍යොන් ජීමින්ගේ තාත්තට කියලා එයාව සෝෆා එකෙන් තියද්දි සොෆියා බලන් හිටියේ එයාලා ආවට පස්සේ වැහිලා ගිය දොර දිහා. සොෆියගේ හිත රිදෙන්න ගත්තේ ඒ දෙන්නා එක්ක ජන්කුක් ඇවිත් තිබුණෙ නැති නිසා. මේ මාසෙට ජන්කුක් සොෆියා එක්ක හුඟක් එකතු වෙලා තිබුණා. සෝෆා එකෙන් තියද්දිම වගේ නින්ද ගිහින් හිටපු ජීමින්ට ඇහැරුණා.

"දැන්වත් අපිට කියනවද මෙතන මොකක්ද වෙන්නෙ කියලා."

ජෙනී ඇහුවේ සොෆියා මුකුත්ම කතා කරන්න ගියෙ නැති නිසා. ටේහ්‍යොන් ජීමින් දිහා බලලා අනිත් අය දිහාවට ඇස් ගෙනිච්චා.

"මං දන්නෑ ඒක කොහොම වුණාද කියන්න. හැබැයි අවුරුදු දෙකකට පස්සේ මං අඳුරන්නෙම නැති පැත්තක අඳුරන්නෙවත් නැති මිනිස්සු ලඟ ඇස් ඇරියේ. මං ඒ පැත්තෙම ගඟකට වැටිලා ඉද්දි මාළු අල්ලන්න අපු මිනිස්සු දෙන්නෙක් මාව හොයාගෙන තිබුණා."

"ඒත් එහෙ අය එදා ඔයාව හෙව්වත් ඔයාව හම්බුණේ නෑ."

අවුරුදු දෙකකට කලින් ටේහ්‍යොන්ව හොයාගන්න ලැබුණෙ නෑ කියන එක ජෙනීට මතක තිබුණා. ඊට මාසෙකට පස්සේ ඒ ගඟේම තිබිලා ඩෙඩ් බොඩි එකක් හොයාගෙන ටේහ්‍යොන්ගේ පවුලෙ අය ටේහ්‍යොන්ගේ අවසන් කටයුතු කරපු විදිහත් එයාලට අමතක නෑ.

"ඔව්, වාසනාවකට මං ජීවත් වෙනවා."

"ජීමින් ජීවත් වුණත් හිටියෙ මැරිලා වගේ."

සොෆියා පළවෙනි වතාවට කතා කරා. එයාට ටේහ්‍යොන් එක්ක තිබුණෙ තරහක් නොවුණත් ජීමින් ජීවත් වුණ විදිහ එයාගේ ඇස් ඉස්සරහා මැවි මැවි පෙනෙද්දි සොෆියා කලබල වුණා. අනිත් එක එයාට ඕනී දැන් ජන්කුක්ව හොයන් යන්න. එයාට මොනාද වුණේ දැනගන්න.

"මට සමාවෙන්න. එහෙම දෙයක් වෙනවා කියලා දන්නවා නම් මං කීයටවත් කොරියාවට යන්නෙ නෑ."

ටේහ්‍යොන් හිටියේ කියාගන්න බැරි තරම් වේදනාවකින්. හැබැයි මේ වෙලාවේ රිද්දුවේ ආදරය මහ ගොඩක් පුරවගත්තු හදවත් තුනක්.

"ඔයාගේ අම්මලා ජීමින්ට නොකියපු කතාවක් නෑ ටේහ්‍යොන්."

"සොෆි ඇති... දැන් ටේහ්‍යොන් ජීවත් වෙනවනේ. ඒ ඇති."

ජීමින් කෑ ගහද්දි සොෆියා පුදුම වුණා. ජීමින්ව පේන්නේ හැම දෙයක්ම අමතක කරපු අලුත ඉපදුණ ලමයෙක් වගේ.

"ජන්කුක්‍ට මොකද වෙන්නේ ජීමින්??"

සොෆියත් කෑ ගැහුවා. ජීමින්ට හිනා වෙන්න ආයෙත් සැරයක් පුළුවන් වුණේ ඒ මනුස්සයා නිසා. ඒ දෙන්නට දෙන්නා නොකිව්වට ආදරේ කරා. සොෆියා දැක්කා ජන්කුක්ගේ හිතේ ජීමින් වෙනුවෙන් ඉතුරු කරපු ලොකු ආදරයක්.

"ජන්කුක්?"

ටේහ්‍යොන්ට එවෙලෙයි මතක් වුණේ ජීමින් චර්ච් එකේදි තව කෙනෙක්ගේ නමක් කිව්වා. ඒත් ඒ නම ජන්කුක් වුණේ කොහොමද කියලා ටේහ්‍යොන්ට හිතාගන්න බෑ.

"ඔයාලා කියන්නේ ජියෝන් ජන්කුක් ගැනද?"

ජීමින් ටේහ්‍යොන් දිහා බැලුවේ හරිම වේගෙන් බෙල්ල හරවලා. ටේහ්‍යොන් කොහොමද ජන්කුක්ව දන්නේ?

_____________________________
මං තරහයි.
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now