4.2

253 104 3
                                    

සීතල නිසා රතු වෙලා තියන ජීමින්ගේ නහයට සොෆියා එක්ක එකතු වෙලා විහිළු කරන ජන්කුක් හිටියේ ජීමින්ගේ ගෙදර ලන්ච් එකට ඇවිත්. තාමත් කම්පැණි එකේ වැඩ පටන් ගත්තු නැති නිසා ජන්කුක් විසි හතර පැයේම හිටියේ වැඩක් නැතුව හරියට ජීමින් වගේම.

"අද ඇත්තටම සීතල වැඩියි තමයි. ලඟදිම හිමත් වැටෙයි."

ජීමින්ගෙන් බැනුම් අහගත්තු සොෆියා ජන්කුක් එක්ක කතාවට වැටුණේ ජෙනී එයාලගේ තාත්තා එක්ක ලන්ච් එක ලෑස්ති කරද්දි. ජෙනී කියන්නේ හොඳ කෝකියෙක් නිසාත් ජන්කුක්ට කොරියන් කෑම හුඟක්ම මිස් වුණා කිව්ව නිසත් සොෆියට කරන්න වැඩක් තිබුණෙම නෑ. ටිකකින් කිචන් එක දිහාවට ජීමින් ඇවිදන් ගියේ ජෙනීගෙයි තාත්තගෙයි උදව්වට.

"ක්‍රිස්මස් එකට කලින් ජීමින්ගේ ඩාන්සින් ක්ලාස් එකේ වැඩ ඉවර කරන්න පුළුවන් වුණොත් හොඳයි."

"මට හිතාගන්නත් බෑ ජීමින් ආයෙමත් ඩාන්සින් පටන් ගන්නවා කියන එක."

ජන්කුක් කියපු දේට සොෆියා පුදුම වෙලා උත්තර දුන්නේ ටීවී එකේ යන ෆුට්බෝල් මැච් එකටත් ලොකු අවධානයක් දීලා.

"එයා ගොඩක් ඇක්ටිව් කෙනෙක් ඉස්සර. ජීමින් එයාගේ හස්බන්ඩ් එක්ක සතුටෙන් හිටියෙ. ඇත්තමයි ජන්කුක් ඔයාට කොහොම තෑන්ක්ස් කරන්නද මන්දා. කලින් තරම්ම නැතත් ජීමින් මේ දවස් වල සතුටින් ඉන්නවා."

සොෆියා තමන්ගේ මල්ලි ගැන දුක් වුණා මේ මුළු කාලෙදිම. ජීමින් වගේ කෙනෙක් එක පාරම නිශ්ශබ්ද කෙනෙක් වෙද්දි එයාගේ ලොකුම අක්කා විදිහට සොෆියට ඒක බලාගෙන ඉන්න බැරි වුණා.

"ඒකට කමක් නෑ. මං අංකල්ට පොරොන්දු වුණා සොෆියා. එයාට ඒ දේවල් අමතක කරන්න බැරි වුණත් කමක් නෑ. අඩුම තරමින් අපි එයාට සතුටින් ඉන්න හේතුවක් හරි හදලා දෙමු."

ජන්කුක් ගොඩක්ම එකතු ජීමින්ගේ ලොකු අක්කට. ඒ දෙන්නගේ එකතුව මේ වෙද්දි ජීමින්ට හිසරදයක් වෙලා තිබ්බත් ජන්කුක් ගැන එයාට තිබුණෙ වෙනස්ම හැඟීමක්. සමහරවිට යාළුවෙක් කියන හැඟීම මේක වෙන්න ඇති කියලා ජීමින් අනුමාන කරා සහ එයාට ඒක හොඳින්ම දැනුණා.

"ජීමින්ගේ හස්බන්ඩ් නැති වුණේ ස්කයි ඩයිවින් කරන්න ගිහින්. එයා කොරියන් කෙනෙක්. ජීමිනුයි එයයි හම්බුණේ මෙහෙ යුනිවර්සිටි එකකදි. අවුරුදු හයකටත් වැඩිය ආදරේ කරල තමයි ඒ දෙන්නා මැරි කරේ."

ජන්කුක්ට ඒ දේවල් අහන්න වුවමනාවක් නොතිබ්බත් එයා දිගටම සොෆියගේ කතාවට ඇහුම්කන් දුන්නා. අනිත් එක එතන තිබුණ වෙඩින් ෆොටෝ එකේ ඉන්න පිරිමි ළමයා කොරියන් කෙනෙක් කියලා බලන ඕනි කෙනෙක්ට පේනවනේ.

"එදා ජිමින් කෑ ගහලා ඇඩුවා නම් අපිට ඉවසගන්න තිබුණා. හැබැයි එදා ඉදන්ම ජීමින් ඕනිවටත් වඩා සයිලන්ට් වෙන්න ගත්තා. ඒක හරිම බය හිතෙන දෙයක්."

"මට හිතාගන්න පුළුවන්. එයා දුක තාමත් හන්ගගෙන ඉන්නේ."

ජන්කුක් කියද්දි ඔළුව වනපු සෝෆියා උඩට ඇදපු දිග හුස්මක් පහළට දාලා කිචන් එක දිහා බැලුවේ එයාට ආයේ කවදාවත්ම දකින්න නොලැබෙයි කියලා හිතපු ජීමින්ගේ ලස්සන හිනාව නිසා දැනුණු සැනසීමකින්.

"මං දන්නෙ නෑ ඔයා ඇයි මෙහෙම කරන්නෙ කියලා නම්. ඒත් මං ඒකට කැමතියි ජන්කුක්. ඔයාට ස්තූතියි මගේ ජීමින්ව ආයෙමත් ගෙනාවට."

සොෆියා හරියට ජීමින්ට අම්මා කෙනෙක් වගේ වුණා. ජීමින්ගේ පොඩි වයසෙන්ම නැති වුණ අම්මගේ තැනට දෙවෙනි අම්මෙක් වෙන්න එයාට පුළුවන් වුණා.

"සමහරවිට අපි පිටින් බලන දේට වැඩිය ඇත්ත හුඟක් වෙනස් ඇති සොෆියා"

"ආහ්?"

"නෑ... මං කිව්වේ ජීමින් තාමත් කොයි තරම් හිනා වෙලා හිටියත් එයා තාමත් අතීතේ ජීවත් වෙන්නේ."

ජන්කුක් සොෆියගේ ප්‍රශ්නාර්ථයට උත්තරයක් බැන්ඳේ හිතට දැනෙන අමුතු හැඟීමට බාධක මහ ගොඩක් දාලා.

____________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now