10.2

229 98 10
                                    

"ඕහ් සොරි අංකල්.. මං හිතුවේ මගේ ඩැඩා කියලා."

ජීමින්ගෙ උසෙන් බාගෙකටත් ගොඩක් අඩුවෙන් උසක් තිබුණ පොඩි පිරිමි ළමයෙක් ජීමින්ගෙන් සමාව ගනිද්දි කඳුළු පිහදාපු ජීමින් හිනා වුණා.

"ඕ... කෝ ඉතින් ඔයාගේ ඩැඩා?"

"එයා අරහෙ."

තවත් ග්‍රේව් එකක් ඉස්සරහ දණ නවාගෙන ඉන්න පිරිමියෙක් දිහාවට ඇඟිල්ල දික් කරලා පෙන්නද්දි ජීමින් එයාගේ බෙල්ල හැරෙව්වා.

"මෙයා ඔයා ආදරේ කරන කෙනාද?

පිරිමි ළමයා ජීමින්ගේ හස්බන්ඩ්ගේ ග්‍රේව් එක පෙන්නලා අහද්දි එයා ඔළුව වැනුවා.

"ඔයාට පාළු ඇති. මගේ ඩැඩා ඉන්නෙත් පාළුවෙන්. මටත් මමාව මතක් වෙනවා."

ජීමින්ගේ ඇස් වලට ආයෙමත් කඳුළු පිරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඒ පොඩ්ඩගේ හිතට එයාගේ අම්මව කොයි තරම් මතක් වෙනවා ඇතිද? ජීමින් අත්දැකීමෙන් ඒ ගැන දැනගෙන හිටියේ.

"මට පාළුයි තමයි ගොඩාක්."

ජීමින් හිමින් මිමිණුවා. එයා ඒක කිව්වේ කොරියන් වලින් නිසා පොඩ්ඩට කිසිම දෙයක් තේරුණේ නම් නෑ. ඒත් ජීමින් පුදුම වුණා ඒ කොල්ලා දුවගෙන ඇවිත් තමන්ව තුරුළු කරගනිද්දි.

"අංකල් ඩැඩා මාව හොයයි. මං ඔයාව හග් කරලා ඔයාගේ පාළුව මට ගන්නම්. මගේ ඩැඩාටත් මං එහෙම කරනවා."

පොඩ්ඩා ආයෙත් සැරයක් දුවනකන් ජීමින් හිටියේ ගල් වෙලා වගේ. ජීමින් ඉකි ගගහා ඇඩුවෙ හරියට පොඩි ළමයෙක් වගේ. රෝස මල් පොකුර ඉස්සරහින්ම හාන්සි වුණ ජීමින් විනාඩි ගාණක් ඇඩුවා. සීතල දැනෙන්නෙවත් නැති ගාණට එයා හිම උඩ වැතිරිලා හිටියේ.

"ජීමින්!! දෙවියනේ... ඔයාට සීතල හැදෙයි."

ජීමින් ඕනිවටත් වඩා වෙලාවක් ගත්තු නිසා ජන්කුක් සෙමට්‍රි එක ඇතුළට ආවත් එයා දැක්කේ හිම ගොඩ උඩ නිදාගෙන ඉන්න ජීමින්ව.

"ඔයාව වෙව්ලනවා. ජීමින්!! ආහ්... ඔයාව තනියම එවන්නැතුව ඉන්න තිබ්බා මට."

"ජන්කුකා..."

ජීමින්ව නැගිට්ටවලා තමන්ගේ උරහිසකට වත්තම් කරගත්තු ජන්කුක් කියවන්න පටන් ගද්දි ජීමින් කඳුළු අතරින් හිනා වුණා.

"දැන් නම් වචනයක් වත් කියන්න එපා ජීමින්. ඔයාව සීතල වෙලා."

ජීමින් ජන්කුක්ව අරන් යන්න හැදුවත් ජන්කුක්ගෙ අත් අතරෙන් ගැලවුණ ජීමින් ආයෙමත් ග්‍රේව් එක ඉස්සරහා දණ ගැහුවා. රෝස මල් පෙති ලඟට නැවුණ එයා ඒ පෙත්තක් උඩින් හාදුවක් තියලා මුමුණන්න ගත්තේ ජන්කුක් අපහසුවෙන් වගේ වෙන පැත්තක් බලද්දි.

"හැපි බර්ත් ඩේ වින්ටර් බෙයා! "

ජීමින් හිමින් සීරුවේ නැඟිටලා එයාවත් පහු කරන් යන විදිහ වේදනාවෙන් බලන් හිටපු ජන්කුක් ග්‍රේව් එක දිහාට ඇස් හැරෙව්වා.

"මට සමාවෙන්න. මං එයාට ආදරෙයි."

රහසින මුමුණපු ජන්කුක් හිම වැස්ස අතරෙම ජීමින් ඇවිදන් යන දිහාට දුවන් ආවා. ආපහු එනකන්වත් එයාලා අතරෙ කිසිම විදිහක කතාබහක් වුණේ නෑ.

____________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now