10.1

240 102 2
                                    

එදා දෙසැම්බර් මාසේ අන්තිම දවසට කලින් දවස ඒ කියන්නේ ඒ අවුරුද්දෙ අන්තිම දවසෙට තව එක දවසක් ඉතුරු වෙලා තියෙද්දි සුදු රෝස මල් පොකුරක් තුරුල් කරගත්තු ජීමින් හිමින් හිමින් අඩි තියන ගමන් ඒ පාළු පාරේ ඇවිදන් යන හැටි ජන්කුක් ඈතට වෙලා බලන් හිටියා. ජීමින්ට විශ්වාසයි එයා කරන දේ. ජන්කුක් හිටියෙ සෙමට්‍රි එකට යන පාරේ නතර කරපු කාර් එකට හේත්තු වෙලා.

ජීමින් තවත් කෙනෙක් එක්ක මෙතනට ආපු පළවෙනි වතාව වුණත් ජන්කුක්ට ඕනි වුණේ නෑ ජීමින් පස්සෙන් ගිහින් එයාව අපහසුතාවට පත් කරන්න. ජීමින් හිම දෙපැත්තට වුණ පාර දිගේ එයා අඳුරන තැනට ආවේ එයාගේ හිත සනසගන්න. ජීමින් දන්නවා කොරියාවෙදි නැති වුණ තමන්ගෙ හස්බන්ඩ්ගේ අළුවත් එතන තැන්පත් කරලා නැහැයි කියලා. ඒත් එයාට තිබුණ එකම සැනසීම ඒක විතරක්ම වෙද්දි ජීමින් අවුරුදු දෙකක් තිස්සේ වෙන මොනා කරන්නද?

කොරියන් වලින් නම ගහලා තිබුණ එයාගේ ජීවිතේ ආදරණීයම කෙනා අද හිම වලින් වැහිලා ගිහින්. ජීමින් ඒ නම අතින් පිරිමැදලා එළියට මතු කරගත්තේ ඒ ඇස් ලාවට තෙත් වෙනවා දැනෙනකොට. ජීමින් සුදු රෝස තේරුවේ එයාට ඒකෙන් තේරුමක් මතු කරන්න ඕනිවට නෙවෙයි. ජීමින් ගෙස් කරා එයාගෙ හස්බන්ඩ් තාමත් ඉස්සර වගේ රෝසස් වලට ආදරේ ඇති කියලා

"මං හිතන් හිටියේ අදවත් ඔයා ඉස්සරහදි මගේ කඳුළු නතර කරගන්න. ඒත් පේනවද? මට තාමත් ඒක කරන්න බෑ."

ජීමින්ගේ රෝස කම්මුල් දිගේ රස්නෙන් කඳුළු බිංඳු එක දෙක කඩන් වැටෙද්දි එයා සීතල නිසා රතු වුණ නහය උඩට ඇද්දා.

"ඔයාගේ මිනී ඔයා හිතුව තරම් ස්ට්‍රෝන්ග් වුණේ නෑ. මට සමාවෙන්න ඒකට. ඔයා දන්නවද මං එදා එයාලා ඉස්සරහා ඇඩුවත් එක්ක."

ජීමින්ගේ තාත්තා ලෙඩ වුණ දවසෙ ජීමින් ජන්කුක්ගේ වාහනේ ඉඳන් කෑ ගහලා අඩපු හැටි මතක් කරගත්තා. ජීමින් ඊට කලින් එයාලා ඉස්සරහා අඬන්න උත්සහ කරේ වත් නෑ.

"මගේ ජීවිතේ එයා වෙනස් කරා. ජන්කුක් ඇත්තටම වින්ටර් ප්‍රින්ස් කෙනෙක්. මට බෑ ඔයාට එයාව මුණ ගස්සන්න නම්."

ජීමින් කඳුළු අතරින් හිනා වෙන ගමන් ආයෙත් සැරයක් මීදුම බැදුණ ඒ නම පිරිමැද්දා.

"ම-මං ලොකු වැරැද්දක් නේද කරන්නේ? මං කොහොමද එයාට ආදරේ නොවී ඉන්නේ?"

ජීමින්ගේ ප්‍රේමවන්තයා ඉස්සර හරිම ඊරිසියාකාර කෙනෙක් ජීමින් වෙනුවෙන්. ඒ දෙන්නම පුදුම විදිහකට එයාලගේ ආදරේට ලෝභකම් කරේ.

"ඒත් අන්තිමට ඔයා මාව තනිකරා නේද? ජන්කුක්, එයාව එව්වේ ඔයා නෙමෙයිද? මං එයාට ආදරේ කරන්න පටන් අරන්. මට සමාව දෙනවද?"

ටික වෙලාවකට නතර වෙලා තිබුන හිම වැස්ස ආයෙමත් පටන් ගනිද්දි ග්‍රේව් එක උඩ තියපු සුදු රෝස මල් පෙති උඩට හිම වැටෙන හැටි ජීමින් බලන් හිටියා. එයා දණගහගෙන හිටියේ එයාගේ හස්බන්ඩ්ගේ ග්‍රේව් එක ඉස්සරහා. සුදු පාට හිම බෝලයක් ඇවිත් එයාගේ පිටේ වැදෙද්දි ජීමින් බෙල්ල හැරෙව්වේ ඊට කලින් එතන කිසි කෙනෙක් හිටපු නැති නිසා.

________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now