11.2

255 100 14
                                    

"එදා ඔයා වගේම ටේහ්‍යොනුත් බේරිලා ජන්කුක්. එයා අවුරුදු දෙකක්ම ඉදලා තියෙන්නේ කෝමා එකක. එයාව හොයාගත්තු අය ලඟයි ටේහ්‍යොන් මෙච්චර කාලයක් ඉඳලා තියෙන්නේ."

ජන්කුක්ට ඒ වචන ඇහුණේ හීනෙන් වගේ. ඒක එයාට සතුටක්ද දුකක්ද කියන්නවත් බැරි මහා අමුතු හැඟීමක් ගෙනාවා.

"ජන්කුක් ඔයා අහගෙනද ඉන්නේ?"

"ඔ-ඔව් අංකල්.."

"ටේහ්‍යොන්ට මාසෙකට කලින් සිහිය ඇවිත් තියෙනවා. එයාට මෙමරි ලොස්‍ට් එකක්වත් වෙන කිසිම බරපතල හානියක් වත් නොවුණ නිසා කොරියාවෙදිම එයාගේ පවුලෙ අයව හොයන් ගිහින්. ඒ වගේම එයා අද ජීමින්ව හොයාගෙන මෙහෙට ආවා."

ජන්කුක් අතින් ෆෝන් එක වැටෙන්න ගියත් ඒ සැනින් එයාගේ අත් අතරට ෆෝන් එක තද වුණා. එයාට මතක් වුණේ ජීමින්ව. කෝල් එක කට් කරපු ගමන් ජන්කුක් චර්ච් එක ඇතුළට දිව්වේ.

.

"ටේහ්‍යොන්? මං මේ ඔයාව මවාගෙනද?"

ජීමින්ට හොඳටම විශ්වාසයි එයාට එහෙම ලෙඩක් තිබුණෙ නෑ කියලා. මෙච්චර කාලෙකට ජීමින් ටේහ්‍යොන්ව මවාගෙන දුක් වුණේ නෑ.

"මට සමාවෙන්න මිනී... ආයෙත් එන්න මෙච්චර කාලයක් ගත්තට."

ජීමින්ගේ ඇස් වල කඳුළු පිරිලා තිබුණෙ දැනටමත්. මේ ටේහ්‍යොන් කියාගන්න කෙනා එයා එක්ක කතා කරන එකට ජීමින් බය වුණා.

"නෑ... ඔයා ටේහ්‍යොන් නෙවෙයි. ප්ලීස් මෙතනින් යන්න."

"මිනී... බබා මේ බලන්නකෝ. මං ඉන්නවා."

ටේහ්‍යොන් ජීමින්ගේ උරහිස් වලින් අල්ලගෙන එයාගේ පැත්තට හරව ගත්තේ ඒ ඇස් දෙකත් කඳුළු එක්ක දිළිසෙද්දි. ජීමින්ගේ ඇස් නතර වුණේ ටේහ්‍යොන්ගේ කඳුළු පිරුණ ඇස් ලඟ.

"ජීමිනී.."

"ඇයි ඔයා මං බලන් ඉද්දි එන්නැතුව දැන් ආවේ ටේහ්‍යොන්. මං අමාරුවෙන් හිත හදාගත්තා විතරයි. මෙච්චර කාලයක් කොහෙද හිටියේ?"

ජීමින් ඒ ඇස් දිහා බලාගෙනම ඇහුවේ හැඬුම් පාලනේ කරගෙන.

"මං කියන්නම්. හැමදේම කියන්නම්."

ටේහ්‍යොන් ජීමින්ගේ චූටි අතක් එයාගේ ලොකු අත් අතරට අරන් කිව්වේ. ජීමින් හැමදාම බලාපොරොත්තු වුණේ මෙහෙම දෙයක් වුණත් අද ඒක ඇත්තටම වෙලා තියෙද්දි එයාගේ සතුටට බාධා වෙන ලොකු දුකක් හිත ඇතුළෙ තිබුණා.

"මට ඔයාව ගොඩක් මිස් වුණා මිනී. මං ඇහැරෙද්දි අවුරුදු දෙකක් කියලා දැනගත්තු ගමන් මං බය වුණා ඔයා ගැන. තැන්ක් යූ මැණික මං වෙනුවෙන් ජීවත් වුණාට."

ටේහ්‍යොන් ජීමින්ගේ නළල සිපගත්තේ ඒ ඇස් වල ලොකු ආදරයක් පුරවගෙන. ඒත් ජීමින්, එයාගේ හිත සීතලට අහු වෙලා වගේ ගැහෙනවා.

"ම-මං..."

"ඔයා හිතන් ඉන්නේ මං හොල්මනක් කියලද? යාහ් මගේ මිනී ස්ට්‍රෝන්ග් නැද්ද මේ ටේහ්‍යොන් හොල්මනටත් බය වෙන්නේ?"

ටේහ්‍යොන් ඉන්නේ ආයෙත් මැරෙන්න තරම් සතුටකින්. එයාගේ මුළු ලෝකෙම එයා ඉස්සරහනේ.

"ඔයාට හිතෙන්නෙ නැද්ද මං මේක කොහොම දරාගන්නවද කියලා? ඔයා මැරුණා කියලා හිතන් අවුරුදු දෙකක් මං... මට කියන්න. කොහොමද? කොහොමද ටේහ්‍යොන් මේක දරාගන්නේ? මං පපුව පැලිලා මැරිලා යයි."

ජීමින් හැඩුම් අතරින් ටේහ්‍යොන්ගෙන් අහද්දි එයාගේ මැරුණා කියලා හිතන් හිටපු හස්බන්ඩ්ට පුළුවන් වුණේ ජීමින්ව තුරුළට ගන්න විතරයි.

"මට පුළුවන් කමක් තිබුණා නම් මං මීට කලින් එනවා මැණික. මට පුළුවන් කමක් තිබුණා නම් මං ඔයාව තනි නොකර ඉන්නවා."

ටේහ්‍යොන් කී වතාවක් ජීමින්ගේ සුවඳ කොණ්ඩෙ ඉම්බද කියලා එයාටවත් හිතාගන්න බෑ. හැබැයි ඒ දෙන්නම දැක්කෙ නෑ චර්ච් එකේ ඇතුල්වීම ලඟ හිටගෙන හිටපු ජන්කුක්ව. ජන්කුක් කොහොමද ටේහ්‍යොන්ට මූණ දෙන්නෙ කියලා දැනගෙන හිටියෙ නෑ. අනික දැන් ජීමින්ට එයාව ඕනි නෑ. ජන්කුක් කියන්නේ පුළුවන් තරම් හිනා වෙන මනුස්සයෙක්. හැබැයි වේදනාව අස්සෙන් හිනා වෙන කෙනෙක්. ජන්කුක්ගේ ඇස්වලින් කලාතුරකින් දකින කඳුළු බිංදු ගලාගෙන ගිය හැටි ආදරවන්තයො දෙන්නා නම් දැක්කෙම නෑ. ජන්කුක් එතනින් ආවේ දැන්ම එයා ටේහ්‍යොන්ට මූණ දෙන්න ලෑස්ති නැති නිසා. අනික දැන් ජන්කුක්ට ඕනි එයාගේ දුර්ලබ කඳුළු එකින් එක එළියට දාන්න විතරමයි.

____________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now