"ගුඩ්මෝනින් ජීමින්, මං පරක්කුද?"
ඉරිදා උදෙන්ම ඕනිවටත් වඩා කලින් ජීමින්ගේ ගෙදරට ආපු ජන්කුක් ඇහුවේ කෑම මේසේ ඉඳගෙන ටෝස්ට් කරපු පාන් පෙත්තක් කටට ඔබාගත්තු ජීමින්ගෙන්. ජීමින්ගේ දෙපැත්තෙන් ඉඳගෙන හිටපු ගෑණු ළමයි දෙන්නා ජීමින්ගේ අක්කලා වෙන්න ඇති කියලා ජන්කුක් අනුමාන කරපු නිසා අංශක අනූවක්ම කොන්ද නමලා එයාලව පිළිගත්තේ සාමාන්ය කොරියානු විදිහට.
"පරක්කු? ඔයා ගෙදරටම ආවද? මං හිතුවේ චර්ච් එක ලඟට එයි කියලා."
ජීමින් එයාගේ අන්මැරීඩ් අක්කලා දෙන්නා දෙපැත්තෙ ඉඳන් එයාගේ කකුලට ඇඟිල්ලෙන් අනින එක ගණන් නොගෙනම ජන්කුක් දිහා බැලුවෙ පුදුමෙන්. ඒකට උත්තරයක් හැටියට ජන්කුක් කරේ එයාගේ කොණ්ඩෙ පිටිපස්සෙන් අත ගාලා නහය අකුළුවපු එක.
"ඒකට කමක් නෑ. ඔයා උදේට කෑවද?"
ජීමින් ඉක්මණින් ඇහුවේ ජන්කුගේ අපහසුතාවේ තේරුම් අරගෙන. ජන්කුක් ඔව් කියන්න එයාගේ ඔළුව වනලා සාලෙට වෙලා ටීවී එකේ ෆුට්බෝල් මැච් එකක් බලන් හිටපු ජීමින්ගේ තාත්තගේ ලඟින් ඉඳගත්තේ ජීමින් එනකන් එයාටත් ඒක බලන්න පුළුවන් කියලා හිත හදාගෙන.
"හායි... ජීමින් ලෑස්ති වෙලා ඉක්මණට එයි. මං සොෆියා. ජීමින්ගේ ලොකු අක්කා."
අවුරුදු තිහක වගේ ඇමරිකානු පෙනුමක් ගත්තු ලස්සන ගෑණු ලමයෙක් ජන්කුක්ගේ ලඟින් ඉඳගත්තේ ලොකු හිනාවකින්. ජන්කුක්ට හිතාගන්න බැරි වුණා ජීමින්ගේ අක්කා කොරියන් පෙනුමක් නොගත්තේ කොහොමද කියන එක.
"ආහ්... අපේ මමා ඇමරිකන් කෙනෙක්. අවාසනාවකට එයා දැන් අපි එක්ක නෑ."
තමන්ව දැකපු හුඟක් අයගේ පළවෙනි ප්රතිචාරය ජන්කුක්ගෙනුත් ලැබුණ නිසා ලාවට හිනා වුණ සොෆියා පැහදිලි කරා.
"ඕහ් අයිම් සොරි... මං ජන්කුක්. ඔයා හරිම ලස්සනයි."
ජන්කුක්ගේ අක්කලා දෙන්නා කෑම මේසෙ ලඟින් නැගිටලා ඉක්මණට සාලෙට ආවෙත් මේ අලුත් හාදයා ගැන විස්තර දැනගන්න තමයි. ජන්කුක් කියන්නේ හැන්ඩ්සම් පිරිමි ලමයෙක් වුණත් ඒ දෙන්නටම වැඩිය ජන්කුක් වයසින් බාල වුණා. හොඳ වෙලාවට ජීමින්ගේ අක්කලාගේ ටයිප් එකේ කොහෙවත් වයසින් බාල කෙනෙක් ගැන සඳහනක් තිබුණෙ නැත්තේ.
"හෙලෝව්... මං ජිමින්ගේ අනිත් අක්කා ජෙනී. ඉතින් කොහොමද ඔයා ජීමින්ව අඳුරන්නේ?"
ජෙනී ජන්කුක්ට හිනාවකින් සංග්රහ කරලා ඇහුවා.
"ඇත්තටම අපි දෙන්නා අඳුරන්නෙ නෑ."
ජන්කුක් කෙටියෙන් උත්තර දෙද්දි ජීමින්ගේ අක්කලා දෙන්නගේ ඇස් උඩ ගියේ ඒක නම් කොහොමත් වෙන්න බැරි දෙයක් නිසා.
"වාව්... ඔයා දන්නවද? ජීමින් එයාගේ හස්බන්ඩ්ගේ මරණෙන් පස්සේ එයා වෙන කෙනෙක් එක්ක එළියට යන පළවෙනි වතාව මේ. ඒකත් අවුරුදු දෙකකට පස්සේ."
"ම්-මං හිතන්නේ එයාට එයාගේ තාත්තගේ ඉල්ලීම අහක දාන්න බැරි වෙන්න ඇති."
ජන්කුක් බිම බලාගෙන අමාරුවෙන් මූණට ගත්තු හිනාවක් එක්ක කියද්දි ජීමින්ගේ තාත්තා ජෙනීව නතර කරේ ලීයෙන් හදපු පඩි පෙළ ඇස් දෙකෙන් පෙන්නලා. තාම පහළට ඇවිත් නැති වුණත් මේ ගෙදර ජීමින් ඉන්න තැනක ඔය මාතෘකාව කතා කරේ නැතිම තරම්. විනාඩි ගාණකින් ජීමින් පහළට ආවේ සීතලෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහෙ ලොකු ඇඳුමක් ඇඳගෙන. ඒකට ජීමින්ව පෙනුණෙ ඕනිවටත් වැඩිය හුරතලේට.
"මං හිතන්නෙ නෑ කීයටවත් ඔයාලට වඩා පොඩි කොල්ලෙක් ඔය දෙන්නට ගැළපෙයි කියලා. ජන්කුක් අපි යමුද? අපිට පරක්කු වෙනවා."
ජීමින් එයාගේ අක්කලා දෙන්නට කියන ගමන් ජන්කුක්වත් එක්කගෙනම එළියට ආවා.
___________________________________
Blacklove ✨️
![](https://img.wattpad.com/cover/327789158-288-k249832.jpg)
YOU ARE READING
•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️
Fanfiction"Sometimes it lasts in love, but sometimes it hurts instead" Published date :- 2022.12.08