11.1

236 95 13
                                    

ජන්කුක් ඒ අවුරුද්ද පටන් ගන්න දවසෙ ජීමින්ට කියන්න හිතන් ඉන්නේ එයාගේ හිතේ තියන හැඟීම. එයාට විශ්වාසයි ජීමින්ටත් එයාව ඒ විදිහටම දැනෙනවා ඇති කියන එක. තිස් එක රෑ එයාට ජීමින්ගේ තාත්තා කිව්වා ජන්කුක්ට එහෙ නතර වෙන්න කියලා. මොකද එදා ඩ්‍රින්ක්ස් ගද්දි ඒ කාටවත් පාලනයක් තිබ්බෙ නෑ.

"ආහ් ජන්කුකා සොෆියා ඇහැරෙන එකක් නෑ දැන්ම නම්. ඔයාලා දෙන්නට තනියම තමයි චර්ච් යන්න වෙන්නේ."

ජෙනී නිදි මතේ පහළට එද්දි ජන්කුක් හිටියේ මිස්ටර් පාර්ක් එක්ක කොෆි එකක් බොන ගමන්. අද හිම වැස්ස තිබුණෙ නැතත් ලොකු සීතලක් තිබුණා.

"ඒකට කමක් නෑ.."

"මේ කෙල්ලො දෙන්නට ලැජ්ජාවක් නෑ පුතා. දැන් බලන්න... ඔයා උදේම ඔයාගේ ගෙදරටත් ගිහින් ආවා. සොෆියා තාම නිදි."

ජීමින්ගේ තාත්තා ජෙනීට රවන ගමන් කියද්දි දිව එළියට දාපු ජෙනී වතුර එකක් වීදුරුවට පුරවගෙන ආයෙත් උඩට යද්දිම වගේ ජීමින් ලෑස්ති වෙලා පහළට ආවේ.

"ගුඩ් මෝනින්.. මං ඇහැරෙද්දි ඔයා ගිහින්."

"ගුඩ් මෝනින් ජීමිනී. මං හිතුවා ඔයාගේ ඇඳුම් මට පොඩි වැඩි ඇති කියලා."

ජන්කුක් හිනා වෙවී කිව්වේ ජීමින්ගේ චූටි ඇ‍ඟයි එයාගේ යෝධ ඇඟයි සංසන්දනේ කරලා.

"අපි යන ගමන් උදේට කන්නම් තාත්තා. ඔයා කාලා මතක් කරලා බෙහෙත් බොන්න."

ජීමින් පොඩි ළමයෙක්ට වගේ උපදෙස් දීලයි ජන්කුක් එක්ක ගෙදරින් ආවේ. ගිය මාසෙම එයා හැම උදේම මේ විදිහට ජන්කුක් එක්ක එළියට ගිහින් තිබුණ නිසා ජීමිනුත් ඒකට හුරු වෙලා.

"මං හෙට කම්පැණි එකට යන්න ඕනි."

ජන්කුක් ආපු ප්‍රධාන හේතුව ජීමින්ට මතක් වුණේ දැනුයි. මේ අවුරුද්දෙ මුලම එයාට එයාගේ තාත්තගේ බිස්නස් එක භාරගන්න වෙනවා කියලා ජන්කුක් හුඟක් සැරයක් කිව්වා. එයාලා දැන් හිටියෙ රෙස්ටුරන්ට් එකකට වෙලා උදේ කෑම ගන්න ගමන්.

"ඉස්සර අප්පා නිව් යෝර්ක් වල බිස්නස් බලාගන්න කාලෙ මං කොරියාවේ බිස්නස් ගැන බැලුවා. ඒ වුණාට මෙහෙ ඉන්නෙම අලුත් මූණු ටිකක්නෙ."

"ඒ වුණාට ඔයාට පුළුවන්."
ජීමින් හිනාවකින් උත්තර දුන්නා.

"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. අපි චර්ච් එකට ගියාට පස්සේ මං ඒක කියන්නම්. දැන් කන්නකෝ."

ජන්කුක් ඉස්සරහට නැවිලා ටිෂු එකකින් ජීමින්ගේ තොල් අග පිහදාද්දි ජීමින් ඇස් ලොකු කරගත්තා. තමන් කාලා තියෙන්නේ කට වටේ ගාගෙන කියලා මතක් වෙද්දි ජීමින්ව රතුම වෙලා ගියා.

"ඔයා රතු වෙනකොට කියුට්."

ජන්කුක් හිනා වෙවී කිව්වේ ප්ලේට් එකේ තිබුණ සැන්ඩ්විච් එකෙන් කෑල්ලක් කටේ පුරවගෙන.

"අනේ ජන්කුක්, නවත්තගන්නකො අප්පා..."

ජීමින් නහයෙන් අඩන්න ගනිද්දිත් ජන්කුක් හිනා වුණ එකමයි කරේ.

ඊටත් පැය බාගෙකට විතර පස්සේ තමයි ඒ දෙන්නා චර්ච් එකට ආවේ. ජීමින් ජන්කුක් වෙන වෙනම ප්‍රේ කරලා ඉස්සරහා තිබුණු අල්තාරය දිහා හුඟක් වෙලා බලන් හිටියා.

"ජීමිනා..."

ජන්කුක් එයාට බංකු දෙකක් ඉස්සරහින් ඉඳගෙන හිටපු ජීමින් ලඟින් වාඩි වෙද්දි එයාගේ හදවත හොඳටම ගැහුණා.

"මං__"

ඒක කාගේ වාසනාවද කාගේ අවාසනාවද කියන්න නොදන්නවා වුණත් ඒ වෙලාවෙමයි ජන්කුක්ගේ ෆෝන් එක රින්ග් වුණේ. කෝලර් අයි.ඩී එක දැකපු ගමන් ජන්කුක් ඒක කණේ තියාගත්තේ ජීමින් ඉස්සරහා බලන් ඉද්දි.

"ඔතන ජීමින් ඉන්නවා නම් ඔයාට පුළුවන්ද පොඩ්ඩක් එළියට යන්න."

"ඕ.. හරි අංකල්. ටිකක් ඉන්න."

ජන්කුක් ජීමින්ව තනි කරලා එළියට ගියේ ජීමින්ගේ තාත්තගේ හඬේ තිබුණු කලබලේට හේතුවක් හිතාගන්න බැරුව.

"මං එළියෙ ඉන්නේ අංකල්."

"ජන්කුක් ජීමින්ගේ හස්බන්ඩ්... ටේහ්‍යොන් මැරිලා නෑ."

.

ජීමින් ජන්කුක් එනකන් ආයෙත් වතාවක් ප්‍රේ කරන්න ගත්තේ ජන්කුක් ඕනිවටත් වඩා වෙලාවක් කෝල් එකට ගත්තු නිසා. ටිකකින් එයාට දැනුණා එයාගේ එහා පැත්තෙන් කවුරුම හරි වාඩි වෙනවා. ජීමින් හිතුවා ජන්කුක් කෝල් එක අරන් ඉවර ඇති කියලා.

"ජන්කුක් ඔයා___"

ජීමින් ඔළුව උස්සලා බලපු වේගෙටම ගල් ගැහුණා කිව්වොත් හරි. එයාගේ පපුව ගැහෙන එක නතර වෙන තරමටම ජීමින් බය වුණාද පුදුම වුණාද සතුටු වුණාද කියන්න හිතාගන්නවත් බැරි වුණා.

"ට්-ටේහ්-හ්‍යොන්?"

______________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now