12.2

262 98 15
                                    

"ලමයි ජන්කුක් කියන්නේ ටේහ්‍යොන්ගේ යාළුවා. එදා ජන්කුක් මගේ ළඟට ඇවිත් ඉල්ලුවා එයාට ජීමින්ව බලාගන්න දෙන්න කියලා. ඒකට විරුද්ධ වෙන්න මට බැරි වුණා."

ඒත් ජීමින්ගේ තාත්තා කිව්වේ ජන්කුක් එයාගේ යාළුවෙක්ගෙ පුතෙක් කියලා.

"තාත්තා.. ඔයා මට කිව්වේ..."

"මට සමාවෙන්න ජීමින්. මං ඔයාට බොරු කිව්වේ. ටේහ්‍යොන් ස්කයි ඩයිවින් වලට ගිහින් තියෙන්නේ ජන්කුක්ගේ උපන් දිනේ දවසේ. එයාගේ ඉල්ලීමකට."

ජීමින්ගේ තාත්තා කියපු දේ එයාගේ ළමයි තුන් දෙනා අහන් හිටියේ විශ්වාස කරන්න බැරුව. ජන්කුක් ජීමින්ව රවට්ටලා.

"එදා අනතුර වුණේ ටේහ්‍යොන්ට විතරක් නෙවෙයි. ජන්කුක් එතන හිටියා. අපිට හොයාගන්න පුළුවන් වුණේ ජන්කුක්ව විතරයි."

"තාත්තා ඔයා මට බොරු කරා."

ජීමින්ගේ කඳුළු ආයෙත් අලුත් වෙද්දි එයා අමාරුවෙන් කිව්වා.

"මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ ජීමින්. ඔයා අවුරුදු දෙකක් ගිහින්වත් ටේහ්‍යොන්ව අමතක කරේ නෑ. මට බෑ තාත්තා විදිහට මගේ දරුවෙක් දුක් විදිනවා බලන් ඉන්න."

ජීමින්ගේ තාත්තා කරේ ඒ වෙලාවේ ජීමින්ගේ හිතට සහනයක් වෙන කෙනෙක්ව ජීමින් ලඟින් තියපු එක විතරයි.

"ජන්කුක් මොනාද මෙහෙ කරේ?"

ඒ ටේහ්‍යොන්. එයාට හිතාගන්න බැරි වුණා ජීමින්ව දැකලාවත් නැති ජන්කුක් කොහොමද මෙයාලව අඳුරන්නේ කියලා.

"ඔයාට චර්ච් එකේදි එයාව හම්බුණේ නැද්ද?"

සොෆියා ටේහ්‍යොන්ගෙන් අහද්දි එයා ඔලුව දෙපැත්තට වැනුවේ නෑ කියන්න. ටේහ්‍යොන්ව ගාණකටවත් නොගත්ත සොෆියා කලකිරුණ බැල්මක් ජීමින්ට දීලා එයාගේ කෝට් එක අතට අරගෙන ගෙදරින් එළියට බැස්සා. ජන්කුක්ගේ නම්බර් එක ඩයල් කරගෙනම ටැක්සි එකක් ගත්තු සොෆියා ජන්කුක්ගේ ඇනෙක්ස් එකේ ඇඩ්‍රස් එක ටැක්සි ඩ්‍රයිවර්ට දුන්නා. එයා වැඩියෙන්ම බය වුණේ ජන්කුක්ගේ ෆෝන් එක වැඩ නැති නිසා.

ටැක්සි එක නතර කරපු ගමන් එයාගේ ෆෝන් එකෙන් පේ කරපු සොෆියා ජන්කුක්ගේ ඇනෙක්ස් එක දිහාවට දිව්වේ කලින් දවසක ජීමින් එක්කම එහෙට ඇවිත් තිබුණ එක ගැන සතුටු වෙන ගමන්. සොෆියා නොනවත්වාම ජන්කුක්ගේ ගෙදර බෙල් එක ගහද්දි ඒ දොර ඇරුණේ එයාගේ ඉස්සරහ ඇස් රතු වුණ ජන්කුක් කෙනෙක් පේන්න ඉද්දි.

"ජන්කුකා... මං ඔයාගේ ෆෝන් එකට ගත්තා."

"ආහ් ඒක ඕෆ් වෙලා."

ජන්කුක් උත්තර දුන්නේ අවසරයක් නැතුවම ජන්කුක්ගෙ ගෙදර අස්සට යන සොෆියා දිහා බලාගෙනම. හැබැයි සොෆියගේ ඇස් තිබුණේ ජන්කුක්ගේ සාලේ තිබුණ සූට්කේස් දෙකයි මේසෙ උඩ තිබුණ පාස්පෝට් එකයි ලඟ.

"මේවා මොකටද?"

"ආහ්... කලින් කියන්න බැරි වුණානේ. මං අද රෑට ආයෙම යනවා."

ජන්කුක් බොරුවට හිනාවෙන ගමන් කිව්වේ සොෆියා ඒක අඳුරගන්නවා කියලා දැන දැනමයි.

"ටේහ්‍යොන් ආවේ නැත්තන් ඒත් ඔයා යනවද?"

සොෆියා අහද්දි ජන්කුක් ගැස්සුනේ නෑ කිව්වොත් බොරු. සොෆියා හැම දේම ගැන දැනගෙනයි ඇවිත් තියෙන්නේ.

"මං කොහොමත් යන්න හිටියේ."

"කවදද ජන්කුක් ඔයා අපිට ඇත්ත කියන්නේ?"

"ආහ්... මට සමාවෙන්න සොෆියා. මට ජීමින් ලඟට යන්න බෑ දැන්."

ජන්කුක් බිත්තියට හේත්තු වෙලා බිම ඉඳගනිද්දි සොෆියා ජන්කුක් ඉස්සරහට ආවා. සොෆියගේ හිතේ මේ වෙලාවේ තිබුණෙ එකම එක ප්‍රශ්නයයි.

"ඔයා එයාට ආදරේ නැද්ද?"

"මං ආදරෙයි. හිතාගන්න බැරි තරම් ආදරෙයි. ඒ නිසාමයි මං දැන් යන්න ඕනී."

ජන්කුක් කියද්දි සොෆියා වේදනාවෙන් වුණත් ජන්කුක්ට උණුසුම් වැළදගැනීමක් දුන්නා. එයාට පිළි ගන්න බෑ ජන්කුක් මේ වේදනාවට පොඩ්ඩක්වත් සුදුසුයි කියන එක. ජන්කුක් ජීමින්ට ළං වුණේ එයාගේ වේදනාව ගන්න මිසක් වෙන දේකට නෙවෙයි කියන්න සොෆියට සීයට දාහක් විශ්වාසයි.

"ඔයා ඇයි ඒ වෙනුවෙන් ෆයිට් කරන්නැත්තේ ජන්කුකී.."

"ඒ වෙන කෙනෙක් වුණා නම් මං එහෙම කරනවා. ඒත් ඒ ටේහ්‍යොන්. ජීමින්ගේ හස්බන්ඩ්. එයාව අයිති කෙනා."

ජන්කුක් කියන දේ ඇත්ත වුණත් සොෆියා හිටියේ වචන වලින් හිර වෙලා.

"ජීමින්ට සමු දෙන්නෙ නැතුවමද යන්න හදන්නේ?"

අන්තිමේදී සොෆියා ඇහුවා. එයා ජන්කුක්ට එයාගේ උරහිස දුන්නා වේදනාව පිට කරන්න. සොෆියා කියන්නේ ඇත්තටම හොඳ සහෝදරියක්.

"මං හිතන්නෑ එහෙම ඕනි වෙයි කියලා. එයාව වැරදිකාරයෙක් කරන්න මට ඕනි නෑ."

සොෆියා නිහඬ වුණා. ජන්කුක් කියන්නේ ජීමින්ගේ කතාවේ නිහඬ ප්‍රේමවන්තයා වෙලා ඉවරයි.

___________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now