6.2

234 99 6
                                    

එයාලා හොස්පිටල් එක ඇතුළට යද්දි ජෙනී අයි.සී.යූ. එක ඉස්සරහ පුටුවකින් ඉඳගෙන හිටියෙ. ජීමින්වයි සොෆියවයි එතනින් ඉන්දවපු ජන්කුක් අනිත් වැඩ ටික බලාගත්තේ මේ වෙලාවේ ඒ ගැන බලන්න තරම් ජීමින්ට සිහියක් නොතිබ්බ නිසා. පැයකට විතර පස්සේ ඇමරිකන් ජාතික තරුණ වෛද්‍යවරයෙක් එළියට එද්දි කෙල්ලො දෙන්නා කලබලෙන් ඒ දිහාවට ගියේ ජීමින් බෙල්ල විතරක් උස්සලා ඒ දිහා බලන් ඉද්දි.

"ඩොක්ටර්, අ-අපේ තාත්තට කොහොමද?"

"බය වෙන්න එපා. මිස්ටර් පාර්ක් මේ වෙද්දි අවධානම් තත්වෙ පහු කරලයි ඉන්නේ. මේ මිස්?"

"මං සොෆියා පාර්ක්. ඒ ඉන්නේ මගේ තාත්තා. ඩොක්ටර් එයාට මොකක්ද වෙලා තියෙන්නේ?"

"මිස්ටර් පාර්ක්ට මිනි හාට් ඇටෑක් එකක් ඇවිත්. ඔයාලා පරක්කු නොවුණ එක නම් ලොකු දෙයක්."

ජීමින් එයාලගෙ කතාව අහන් ඉද්දියි හිතට සහනයක් දැනුණේ. මේ වෙනකන් ජීමින් තමන්ගෙ පිට වැරැද්ද පටවන් හිටියත් එයා ආපු නිසයි තාත්තව හොස්පිටල් එකට ගේන්න පුළුවන් වුණේ කියලා හිතද්දි ජීමින්ට සැහැල්ලුවක් දැනුණා.

"එයාව දැන් වෝඩ් එකකට මාරු කරයි. ඊට පස්සේ ඔයාලට පුලුවන් තාත්තව බලන්න යන්න. මිස් පාර්ක් ඔයාට පුලුවන්නේ මාත් එක්ක ඇවිත් තාත්තගේ රිපෝට්ස් ටික ගන්න."

සොෆියා ඩොක්ටර් එක්කම එතනින් ගියාටත් පස්සේ මිස්ටර් පාර්ක්ව වෝඩ් එකකට මාරු කරා. එතන ඉදන් මිස්ටර් පාර්ක්ට සිහිය එනකන් ගෙවුණ කාලෙදි ජෙනීවත් ජීමින්වත් එතනින් හෙලවුණේ වත් නෑ. මහන්සියෙන් හිටපු ජන්කුක් එතනම තිබුණ සෝෆා එකකට වෙලා නිදාගත්තේ මොනා වුණත් ජීමින්ව තනිකරලා යන්නෙ නෑ කියලා හිතාගෙනමයි.

"ජීමිනී, අපි ජන්කුක්ව ඇහැරවලා ගෙදර යවමුද? එයා පව්නේ. මේ දවස් ටිකේම මහන්සි වෙලා දැනුත් අපි නිසානෙ මෙහෙම ඉන්නේ."

සොෆියා ජීමින්ගෙන් අහද්දි මිස්ටර් පාර්ක්ගේ ඇඳ ගාවින් නැගිටපු ජීමින් ජන්කුක් ලඟට ආවේ පාන්දර පහත් පහු වෙලා තියෙද්දි.

"ජන්කුක්, ඇහැරෙන්න. ජන්කුකා..."

"ඇයි ජීමිනී. තාත්තට සිහිය ආවද?"

ජන්කුක් කලබලෙන් නැගිටිද්දි ජීමින්ට හිනාවකුත් ගියා. ඇස් පොඩි කරගෙන සෝෆා එකෙන් නැගිටින ජන්කුක්ට නම් ඒ හිනාව මග ඇරුණා.

"තාම නෑ. ඔයා දැන් ගෙදර යන්න. අපි තුන් දෙනාම ඉන්නවනේ. බලන්න, ඔයාට හොඳටම මහන්සියි."

"යාහ්... දැන් මාව එලවන්නද හදන්නේ?"

ජන්කුක් නහයෙන් අඩන්න ගත්තේ ජීමින අපරාදේ එයාට කතා කරේ කියලා හිතද්දි.

"මහ මෝඩයෙක්. මං ඔයාට මහන්සි ඇති කියලා යන්න කිව්වේ."

"ඉතින් එහෙනම් ඔයාටත් මහන්සි ඇතිනේ."

"හරි හරි යන්න ඕනි නෑ නිදාගන්න."

සෝෆා එකේ නිදාගෙන හිටපු ජන්කුක්ගේ කකුල් දෙක තිබුණ තැන ලාවට ඉඳගෙන හිටපු ජීමින් එතනින් නැගිට්ටේ ජන්කුක් ඕනි දෙයක් කරගත්තුදෙන් කියලා හිතාගෙන. හැබැයි ඊට කලින් ජීමින්ගේ අතින් ඇදපු ජන්කුක් සෝෆා එකට ජීමින්ව වට්ටගෙන එයාගේ ඉස්සරහින් ජීමින් හාන්සි වෙන විදිහට තුරුලු කරගත්තා. ඒ වුණේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුණ ජීමින් ඇස් දෙකත් රවුම් කරගෙන එයාගේ පිටිපස්සෙන් ඉන්න ජන්කුක් ගැන අමතක කරලා අක්කලා දෙන්නා දිහා බැලුවා.

ඒ වෙද්දි ජෙනී හිටියෙ නින්දෙ තාත්තගේ ඇඳ උඩින් ඔළුව තියාගෙන. සොෆියා වුණ දේ දැක්කත් නොදැක්කා වගේ ෆෝන් එක දිහා බලාගනිද්දි ජීමින් බෙල්ල විතරක් හරවලා ජන්කුක් දිහා බැලුවා. මසල් පිරුණ ශක්තිමත් අත් දෙකෙන් ගැලවෙන එක ජීමින්ට හීනයක්.

"ජ්-ජන්කුක්!!"

"ෂ්ෂ්... ඔයාටත් මහන්සිනේ. තාත්තට සිහිය ආවම සොෆියා කතා කරයි. දැන් නිදාගන්න ජීමිනී."

___________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now