9.1

219 101 3
                                    

"ඔයාට පිස්සුද? මෙච්චර කල් මං හිතන් හිටියේ සොෆියට විතරයි පිස්සු කියලා. යාහ් ඔය වැඩේ නම් කරන්න එපා."

ජීමින් කෑ ගහන්න ගත්තේ ජන්කුක් නත්තල් දවසේ රෑ එයාලගේ ෆැමිලි පාටි එකට ආපු වෙලාවේ. සොෆියා නමක් නොදන්න අමුතු රෙසිපියකට කිචන් එකම බදු ගත්තු වෙලේ ජෙනී හිටියේ කේක් එක ඩිසයින් කරන ගමන්. පැත්තක තිබුණ හිම පාට නත්තල් ගහේ පාට පාටින් පත්තු වෙන එළියත් එක්ක එයාලගේ ගෙදර සාලෙට ලැබිලා තිබුණේ හරිම ලස්සනක්. අද හවස ඉදන් සීතල වැඩි වෙන්න ගත්තු නිසා ජීමින්ගේ තාත්තා හිටියේ ගිනි උඳුනට දර එකතු කරන ගමන්.

"ඔයා බලන් ඉන්නකෝ. අනිවාරෙන්ම ජෙනී කැමති වෙයි."

"හොබී හ්‍යොන්ග් ලෝකේ වටේ ඇවිද ඇවිද ඉන්න කෙනෙක්. ජෙනී ඒකට කැමති වෙන එකක් නෑ මෝඩයෝ."

"ඉතින් ජෙනීටත් පුළුවන්නේ හ්‍යොන්ග් එක්කම ලෝකේ වටේ ඇවිදින්න. අනික ජෙනී ඉපදිලා තියෙන්නෙත් කොරියාවෙදි. හොබී හ්‍යොන්ග් ජීවත් වෙන්නෙත් කොරියාවේ."

ජන්කුක් ජීමින් කියන දේ අහන්න ලෑස්තිම නෑ. එයාට ඕනි මෙච්චර කල් තනිකඩ ජීවිතේට වැඳගෙන හිටපු ජේහෝප්ට ජෙනීව එකතු කරන්න. අනික එයාගේ හොබී හ්‍යොන්ග් ජෙනීගේ නම්බර් එකත් ජන්කුක්ගෙන් ඉල්ල ගත්තෙ නිකන් නෙවෙයිනේ. ජීමින් එයාව දැක්කේ නත්තලට තෑගි බෙදන සැන්ටා කෙනෙක් වගේ. ජීමින් වැරදිත් නෑ. මොකද ජන්කුක් මොනා නැතත් එයාලට සතුට බෙදනවානේ.

"ඔයා සැන්ටා නෙවෙයි ජන්කුකා."

"ඔයා ඊයේ කිව්වා මං සැන්ටා කියලා. ඒන්ජල් කෙනෙක් කියලත් කිව්වා. ආහ් මට මැජික් කරන්නත් පුළුවන්. බොරු නෙවෙයි. හේයි... කොහෙද යන්නේ? මං මැජික් දන්නවා."

ජන්කුක්ගේ විකාර අහන් ඉන්න බැරිම තැන ජීමින් සොෆියා බදු අරන් හිටපු කිචන් එකට ඇවිද්දේ එයාගේ බඩ කෑ ගහන්න අරන් තිබුණ නිසා.

සොෆියා හදපු අමුතු පහේ කෑම එකේ වරදක් නොතිබ්බ නිසාත් ඒක නත්තල වෙනුවෙන් ගැලපෙන දෙයක් නිසත් ජීමින්ට ආයෙත් සැරයක් ඒක කන්න ඕනි වුණ නිසත් සොෆියගේ මූණෙ තිබුණෙ ලොකු හිනාවක්. එයා සාමාන්‍යයෙන් කිචන් එකේ වැඩ වලට ලොකූ කැමැත්තක් තිබුණ කෙනෙක් නෙවෙයි. ජන්කුක් නිසා එයාලගේ කෑම මේසේ තිබුණෙ හිනා සද්ද වලින් පිරිලා. ජීමින් මීට කලින් අවුරුදු වල එයාලා එක්ක නත්තල සමරන්න කාමරෙන් එළියට ඇවිත් තිබුණෙ නෑ. හැබැයි දැන් ජන්කුක් නිසා ආයෙමත් ඇස් හන්ගන් හිනා වෙන ජීමින් එයාලගෙ කෑම මේසෙන් ඉඳගෙන.

"ඕකේ ගායිස්, ක්‍රිස්මස් දවසෙ මට කියන්න දෙයක් තියෙනවා."

සොෆියා වයින් වීදුරුව මේසෙ පැත්තකින් තියලා කතාව පටන් ගත්තේ හැමෝමව නිහඬ කරවලා. ජීමින්ගේ පැත්තකින් හිටපු ජන්කුක්, සොෆියගේ එහා පැත්තෙන් හිටපු ජෙනී වගේම මුල් පුටුවෙ වාඩි වෙලා හිටපු එයාලගේ වැඩිමලත් ඒ කතාවට ඇහුම්කන් දුන්නා.

"තව දුරටත් මං සින්ගල් නෑ. මං මගේ ෆස්ට් ලව් ස්ටෝරි එක පටන් ගත්තා. ආදි, එයා ඉන්දියන් තමයි. ඒත් අපි දැන් ඩේටින්. ඔයාලා දන්නවනේ ඉතින් ඒක."

"යාහ් සොෆියා, ඔයා ඊයේ දැකපු කෙනෙක්ව ඩේට් කරන්න පටන් ගත්තද?"

ජීමින් කෑ ගහන්න ගත්තේ ජන්කුක් පිස්සෙක් වගේ හිනා වෙද්දි. අක්කලා දෙන්න මෙච්චර කල් සින්ගල් වෙලා හිටපු හේතුව දැනුයි ජන්කුක් දැනගත්තේ. ජීමින් හරිම ඊරිසියාකාරයි අක්කලා දෙන්නට.

"කෑ ගහන්න එපා ජීමිනී. අපි ටික දවසකින් අඳුරගනී."

"ඒක හරිම මෝඩ වැඩක්. ඊයේ දැකපු කෙනෙක්ව විශ්වාස කරන එක."

ජීමින් නහය අකුළුවගෙන වයින් වීදුරුව එක හුස්මට බීලා ඉවර කරා. එයාගේ මුණු මුණුව ඉවර නැතත් අනිත් අය ඒක ගණන් ගත්තෙ නෑ. ජන්කුක් වයින් වීදුරුව අතට අරන් හිටගනිද්දි ජීමින් ඔරවගෙන බලන් හිටියා.

"හරි අපි එහෙනම් සොෆියා වෙනුවෙන් මේක සමරමු."

වීදුරු එකට ගැටෙන හඬත් එක්ක එයාලගෙ හිනා සද්දෙ වැඩි වුණේ ජීමිනුත් ඕනිවට එපාවට වගේ චිය' කරන්න එකතු වුණ නිසා.

"සොෆී, ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට කියන්න මාව හම්බෙන්න කියලා."

"ආහ් තාත්තා, ඔයා එයාව බය කරන්න හදන්නෙ ඔය."

ජීමින්ගේ තාත්තා කියද්දි සොෆියා නහයෙන් අඩන්න ගත්තේ පළවෙනි පාරට ජීමින්ගෙ බෝයිෆ්‍රෙන්ඩ්ව එක්කන් ආපු දවසෙ එයාට දීපු රැග් එක මතක නිසා. ඒක ජීමින්ටත් මතකයි. සතුටු හිනාව අස්සෙන් හිත පෑරීගෙන එන වේදනාව ජීමින්ගේ ඇස් වලට එකතු වෙද්දි ජීමින් දැක්කා තවත් මොනාදෝ කියවන ගමන් හයියෙන් හිනාවෙන ජන්කුක්ව. ජීමින්ගේ ජීවිතේ ජන්කුක් කියන්නේ හැපි වෛරස් එකක්. වේදනාව පිරුණ ඇස් වලට සහනයක්. ඒක කවදා කොහොම වුණාද කියන්න ජීමින්වත් දැනගෙන හිටියෙ නෑ.

"ඔයා දැන් ඔය හිතන්නේ ලස්සන දෙයක්ද ජීමිනී?"

_______________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now