8.2

232 99 3
                                    

"වාහ්හ්හ්.... ජේහෝප් නේද අර? මාව කොනිත්තන්න. ජීමින් ඔයා මට කිව්වේ නෑ ඒ ගැන."

ජේහෝප්ගේ යූටියුබ් චැනල් එකේ තියන හැම වීඩියෝ එකක්ම දහ පාරකටත් වැඩිය බලලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එතනින් මුලටම ජීමිනුයි ජෙනීයි හිටියා. ඒ ගැන දන්න නිසාම ඕපනින් එක දවස වෙනකන් ජීමින් ජෙනීට ඒ කිසිම දෙයක් කියන්න ගියෙ නෑ.

"යාහ් සප්‍රයිස් කරන්නේ කොහොමද නැත්තන්?"

ජීමින් හිනා වෙලා ජන්කුක් එක්ක කතා කර කර හිටපු ජේහෝප් ලඟට ගියේ ජෙනීවත් ඇදගෙනමයි.

"ජීමිනීඊඊඊ... ඔයාලා මේ තැන ලස්සනට හදාගෙන."

"තෑන්ක්ස් හොබී හ්‍යොන්ග්. හැබැයි ඒ හැම දෙයක්ම ජන්කුක්ගේ වැඩ."

ජේහෝප්ගේ ඩාන්සින් ටීම් එකත් ජීමින්ගේ ඕපනින් එකට ඇවිත් හිටියා. ඒ ඉන්දියන් කොල්ලො ටිකගේ ලස්සන දිහා බලන් හිටපු සොෆියා, එයා හලපු පැණි ගොඩේ එයාම වැටිලා ඉන්න විදිහ එතන හිටපු හැමෝටම දකින්න ලැබුණා. හෝප්ගේ ටීම් එකේ වැඩිමල්ම ඉන්දියන් තරුණයා ඒ වෙද්දිත් සොෆියා එක්ක කතාවට වැටුණේ ඒකෙ ප්‍රතිඵල විදිහට.

"ආහ් හොබී හ්‍යොන්ග්. මේ මගේ අක්කා ජෙනී. එයත් ඔයාගේ ලොකුම ලොකු ෆෑන් කෙනෙක්."

ජෙනී ලැජ්ජාවෙන් රතු වෙන හැටි බලන් හිටපු කොල්ලො තුන් දෙනා එයාලගේ හිනාව හිරකරන් හිටියෙ අමාරුවෙන්. ජෙහෝප් කියන්නේ ජෙනීගේ දිගු කාලීන ක්‍රෂ් එකනේ.

"හායි ජෙනී."

ජේහෝප් ජෙනීට එයාගේ අත දික් කරත් කොරියන් තාලෙට හිස පහත් කරපු ජෙනී ලැජ්ජාවෙන් හිනා වුණා.

"හ්‍යොන්ග් එහෙනම් මෙයා එක්ක කතා කරන්න. මං ජීමින්ව එක්කන් යනවා. තාත්තා ආවද ජීමිනී?"

ජන්කුක් ජීමින්වත් ඇදගෙන එතනින් ආවේ ජෙනී ගැනයි හෝසොක් ගැනයි මෝඩ ප්ලෑන් එකක් හිතේ තියාගෙන.

"ඔව්... එයාට යාළුවෙක් හම්බුණා."

"මට පේන්නේ සොෆියත් යාළුවෙක් හොයාගෙනද කොහෙද. ඒ බෝයි ලස්සනයි."

ජන්කුක් සොෆියා එක්ක කතා කර කර හිටපු කොල්ලව පෙන්නලා කියද්දි ජීමින් ඇස් කැරකුවා. ජන්කුක්ට වටින්නෑනේ මෙතන එයා ලඟින් ලස්සන කොල්ලෙක් තියාගෙන වෙන අයට ලස්සනයි කියන්න.

"ඇයි ඉන්දියන් කොල්ලෙක්ට හිත ගියාවත්ද? වැඩක් නෑ සොෆියා එයාව අල්ලගෙන."

"ආහ් මට ඕනි නෑ. පිස්සු කතා කරන්න එපා. මට ඕනි ඉන්දියන් කොල්ලෙක් නෑ."

ජන්කුක් කලබලෙන් කියද්දි ජීමින් කට ඇද කරලා ෆෝන් එක අතට ගත්තේ ක්ලාස් එකට ඔන්ලයින් ඇප්ලයි කරලා තිබුණ ළමයිට එයා මේල් එකක් දාන්න ඕනි නිසා. මෙච්චර දවස් ජන්කුක් තමයි ඒ වැඩෙත් කරේ. අන්තිමේදී ජීමින් තේරුම් ගත්තා ඒ දේවල් තමන් තනියම කරගන්න ඕනි වැඩ කියන එක.

"ආහ් ජන්කුක් සොෆියා කියන්න කිව්වා හෙට අපේ ගෙදර ක්‍රිස්මස් පාටි එකට ඔයාටත් ඉන්වයිට් කරා කියලා. අනිවාරෙන්ම එන්න."

"හහ්! මං බයෙන් හිටියේ මේ පාර තනියම ක්‍රිස්මස් සමරන්න වෙයි කියලා."

ජන්කුක් හැම අවුරුද්දකම එයාගේ පවුලෙ අය එක්ක යාළුවෝ එක්ක සමරපු නත්තල මේ පාර තනියම සමරන්න වෙයි කියලා දුකෙන් හිටියේ. ඉතින් ජීමින්ගේ ඉල්ලීම කොහොමටත් ජන්කුක් අහක දාන්නෙ නෑ.

එයාලා ඕපනින් එකේ වැඩ ඉවර කරලා අනිත් හැමෝම ගියාට පස්සේ ජීමින්ගේ බල කිරීමටයි ජන්කුක්ගේ අපාර්ට්මන්ට් එකට ආවේ. ජීමින් ගෙවුණ අවුරුදු දෙක ඇතුළෙදි හුරු වුණ දෙයක් තිබුණා නම් ඒ ඩ්‍රින්ක්ස් ගන්න එක තමයි. එයාලට ජීමින්ගේ ගෙදරදි බොන්න තහනමක් නැතත් ජීමින්ට ඕනි වුණා ජන්කුක් ජීවත් වෙන තැන බලන්නත්.

"මං හිතුවෙ නෑ ජීමින්ට මෙච්චර හොඳට ඩ්‍රින්ක්ස් ගන්න පුළුවන් ඇති කියලා."

ජන්කුක් හිස් වුණ බෝතල් දිහා බලාගෙන කියද්දි තවත් වීදුරුවක් උගුරට හලාගත්තු ජීමින් හිනා වුණා. අනිවාරෙන්ම ජීමින් අද බොන්නෙ නම් සතුටට. එයා ඉස්සරහින් ඉන්න ජන්කුක් එයාට ආයෙත් වතාවක් හිනාවෙන්න කියලා දීපු කෙනා. ඒක වැරැද්දක් ද කියන්න දන්නෙ නැතත් ජීමින්ට විශ්වාසයි එයා ජන්කුක්ට ආදරේ කරනවා කියලා.

"මං අද ඉන්නේ සතුටින් ජන්කුකා."

ජීමින් යන්තමින් මත් වෙලා හිටියත් හරි සිහියෙ හිටියා.

"අද විතරද සතුටු?"

"ම්හු..."

හුරතලේට කටත් හදාගෙන ඔලුව දෙපැත්තට වනපු ජීමින් තවත් විස්කි වීදුරුවක්ම හිස් කරා.

"ජන්කුක් මගේ ජීවිතේට ආව දවසෙ ඉදන් මං සතුටෙන්. ඔයා මැජික් එකක්ද? නැත්තන් ඒන්ජල් කෙනෙක්ද? නැත්තන් සැන්ටාවත්ද? අනේ මන්දා... ඔයා තමයි මේ වින්ටර් එකේ මට ලැබුණ හොඳම තෑග්ග."

__________________________________
Blacklove ✨️

•𝚂𝚝𝚘𝚕𝚎𝚗 𝙿𝚊𝚒𝚗• | 𝙹𝚒𝚔𝚘𝚘𝚔 ✔️Where stories live. Discover now