Chapter 4

2.4K 509 266
                                    

Comment goal 100

"දෙයියනේ පොඩි බේබි මොකද මේ? ඊයෙ රෑ පොඩි බේබිට නින්ද ගියේ නැද්ද.."

ඇස් පොඩි කර කර කෑම මේසේට ඇවිත් ඉදගත්ත ජන්කුක්ගෙ දික්වුන මූන දිහා බලන් විල්සන් ඇහුවේ හොද නින්දක් ලබපු බවක් ජන්කුක්ගෙ මූනෙන් පේන්න නැති නිසා.

ඔලුව දෙපැත්තට වනපු ජන්කුක් මූන පොඩි කරලා අත් දෙක උඩට උස්සලා කම්මැලි කැඩුවේ ජන්කුක් දිහා බලන් විල්සන් හිනාවෙද්දි..


"පොඩි බේබි ජේජු ආවේ සීත කාලෙ පටන්ගැන්මෙදිමනෙ ඉතින් බේබිට මේ පරිසරයට හැඩගැහෙන්න ටික කාලයක් යයි..."


"විල්සන්..."


"හ්ම්ම් පොඩි බේබි... "


විල්සන් දිහා මොහොතක් ඔලුව උස්සලා බලන් හිටිය ජන්කුක් ආයෙමත් මුකුත් නැහැ කියලා ඔලුව වැනුවේ ජන්කුක්ගෙ මේ අමුතු හැසිරීම තේරුම් ගන්න බැරුව විල්සන් ඔහු දිහා බලන් ඉද්දි..


"පොඩි බේබිට අසනීපයක්වත්ද? වත්ත පහලට වෙන්න දොස්තර මහත්තයෙක් නැවතිලා ඉන්නවා විල්සන් ගිහින් මහත්තයව එක්ක එන්නද?"



"නැහැ නැහැ එහෙම එකක් නෙවෙයි විල්සන් මම ඊයෙ රෑ අමුතු හීනයක් දැක්කා...ඒත් ඒක හීනයක්ද නැත්තක්ද ඇත්තක්ද කියලා තේරුම් ගන්න බැරි තරමට මගෙ ඔලුව විකාර වෙලා..."



"පොඩි බේබි නිදාගන්න කලින් "


"නෑ නෑ විල්සන් මොනවද කියවන්නෙ..."


ජන්කුක් බිවුවද කියලා අහන්න රගපාලා පෙන්නන විල්සන් දිහා බලන් ජන්කුක් හිනාවුනා...


"මුලු රෑම හීන දැකලා තමා එහෙනම් පොඩි බේබිට නින්ද නැති වෙලා තියෙන්නෙ...කෝ කෝ දැන් හීන අමතක කරලා කාලා ඉමුකො...පොඩි බේබි ආසම කෑම අද විල්සන් මේසෙට ඇරියේ...පොඩි බේබි කැමතිද ?"



කෑම ටේබල් එක පුරා ඇස් අරන් ගියපු ජන්කුක් දිලිසෙන ඇස් වලින් ඔලුව වැනුවා..

"ගොඩක් කැමති..විල්සන්ගෙ අතින් හැදුව පෑන් කේක් අන්තිමට කෑව දවසත් අද වගේ මට මතකයි.."


"අනේ මගෙ පොඩි බේබි...බේබි කන්නකො එහෙනම් විල්සන් ට කරන්න වැඩ වගයක් තියනවා..."

Stolen Love Место, где живут истории. Откройте их для себя