Epilogue

3K 345 1.2K
                                    

උරහිස මතින් පුංචි බරක් දැනෙද්දි ඇස් පියන් හුලග විදිමින් හිටිය ටේහියුන්ග් හෙමින් ඇස් ඇරියා. තවමත් හිරු බැස යනවා. කොයිතරම් කාලය ගෙවුනත් ගෙවුන හැමදවසකම සන්ද්‍යා කාලය ලී බංකුව මත ඉදගෙන ගෙවන්න ටේහියුන්ග් අමතක කලේ නැහැ.

ටේහියුන්ගෙ උරහිස මතින් හිස තියන් ඉන්න ජන්කුක් දිහා හැරිලා බැලුව ටේහියුන්ග් හිනාවෙමින් ඔහු අතෙ තියන පොත වැහුවා.තවමත් ටේහියුන්ගෙ අත ඒ විදියටම සෙනෙහසින් ජන්කුක් අල්ලන් ඉන්නවා.

"කූ."

ජන්කුක්ගෙ රැලි ගැහුන අත සිපගනිමින් ටේහියුන්ග් කතාකරද්දි බැස යන ඉර දිහා බලන් හිටිය ජන්කුක් ටේහියුන්ග් දිහා හැරිලා බැලුවා.

ටේහියුන්ගෙ හිනාවෙන් පිරුනු ඇස් දිහා ජන්කුක් බොහොම සන්සුන්ව බලන් හිටියා. ජන්කුක්ගෙ ඇස් තමන් දිහා බලන් ඉන්න විදිය දකිද්දි ටේහියුන්ගෙ මුහුනෙ හිනාව තව තව වැඩි වුනා.

"කූගෙ ඒස්‍රා ගොඩක් ලස්සනයිලු නේද?"

හිස පැත්තකට ඇල කරගනිමින් ටේහියුන්ග් අහද්දි ඔහු දිහා බලන් හිටිය ජන්කුක් හෙමින් ඔලුව වැනුවා. ටේහියුන්ගෙ උනුසුම් අතක් ජන්කුක්ගෙ වම් කම්මුල හෙමින් ස්පර්ශ කලා. ජන්කුක්ගෙ නලල මතින් නලලත තියාගනිමින් ඔහු ඇස් පියාගත්තා.

"කූගෙ මුලු ලෝකයම ඒස්‍රාලු නේද."

"මගෙ ඒස්‍රා..මගෙ ලස්සන ඒස්‍රා .

ටේහියුන්ගෙ ඇස් පිහාටු තෙමමින් කම්මුල් දිගේ පහලට ගලන් ආව උනු කදුලක් ජන්කුක්ගෙ අත්ල මතට කඩන් වැටෙද්දි කුතුහලය පිරුනු ජන්කුක්ගෙ ඇස් ටේහියුන්ග් දිහා බැලුවා. ජන්කුක්ගෙ බෝල වුන ඇස් ටේහියුන්ගෙ මුහුන ලගටම ලං වෙලා කුතුහලයෙන් බලන් ඉද්දි හැඩුමක් අතරින් පුංචි හිනාවක් ටේහියුන්ගෙ තොල් අතරින් පිට පැන්නා.

ටේහියුන්ගෙ අත අතනොහැරම ටේහියුන්ගෙ කම්මුලෙන් පහලට ගලන කදුල පරිස්සමට පිහදැන්ම ජන්කුක් තවමත් කුතුහලයෙන් ටේහියුන්ග් දිහා බලන් ඉන්නවා.

"අඩන්න එපා. ඔයා ඇඩුවොත් මට දුක හිතෙයි."

"දුකට ඇස් වලින් කදුලු වැටෙන්න මගෙ කූ ඒස්‍රාට හේතු හදලා දීලා නැතිකොට මේ කදුලු වැටෙන්නෙ සතුටටම විතරයි කියලා මගෙ කූට හිතුනෙ නැද්ද?"

Stolen Love Where stories live. Discover now