Comment goal 200
හියුජින්ගෙ නලල මත හාදුවක් තිබ්බ ජැක්සන් රාජකාරි තොප්පිය හිස මත පැලදගෙන ඔහුට පිටුපසින් හිටගෙන ඉන්න දගයා දිහාවට හැරුනා.. ඇස් පුංචි කරන් දගයා දිහා බලන් ඉන්න ජැක්සන්ගෙ බැල්මට හියුජින්ට ඉබේටම හිනාගියා.
මොහොතකට කලින් දගයා බලන්න ආව ජිමින්ගෙ අතින් තවමත් අල්ලන් ඉන්න දගයා හොර ඇස් වලින් ජැක්සන් දිහා බලන් ඉන්නවා..මේ ඇස් නම් හොදකට නෙවෙයි අර අදින්නෙ...දගයගෙ හොර බැල්මෙන්ම ජැක්සන් ඒ බව වටහගත්තා..
"ටේහියුන්ග් ...."
"හියුන්ගි..."
"මොනාටද මගෙ කරදරකාරයා මේ ලෑස්ති වෙන්නෙ..."
"මුකුත් නෑනෙ..."
උරහිස උස් කරලා පහත් කරමින් හරි සැහැල්ලුවෙන් ජැක්සන් ට උත්‍තර දුන්න දගයා බොක්ස් එකක් හැඩේට තොල් පෙරලගනිමින් හිනාවුනා..
"කෝ මං ලගට එන්න.."
දගයට අත වනමින් ජැක්සන් කතාකරද්දි ජිමින්ගෙ අත අතාරින්නෙ නැතුවම දගයා ජැක්සන් ලගට දුවන් ආවා..
"මොනවද ඕනෙ මගෙ පුංචි මහත්තයට..."
දගයගෙ සිනිදු කෙහෙරැලි අතින් පසුපසට පීරමින් ජැක්සන් අහද්දි පුංචි කොල්ලගෙ ඇස් සතුටෙන් දිලිසුනා...
"හියුන්ගි..."
"ම්ම්ම්ම්ම්?"
"හියුන්ගිත් එක්ක අපිවත් කැලේට එක්ක යන්නකෝ..."
දගයගෙ හුරතල් මුහුන දිහා බලන් හිනාවුන ජැක්සන් හෙමින් ඔලුව වැනුවේ හියුන්ගෙ බලාපොරොත්තු නොවුන හදිසි ප්‍රතිචාරයට දගයගෙ ඇස් සතුටෙන් බෝල වෙලා යද්දි..
"ඇත්තමද හියුන්ගීඊඊඊඊ..."
"රගපාන්න එපා කරදරකාර පැටියා..දැන් මං එක්ක ගියේ නැත්තම් යන්නෙම නැතුව ඉන්නද කල්පනා කලේ?"
දගයගෙ කන මිරිකමින් ජැක්සන් අහද්දි කපටි කොල්ලා හිනාවුනේ ඔහු ලග හිටගෙන ඉන්න ජිමින් මේ දිහා හිනාවෙවී බලන් ඉද්දි..
"මගේ කරදරකාර බෙයාත් එක්ක මේ අහිංසකයත් ගියොත් මොනවයින් මොනවා වෙයිද මට හිතාගන්නවත් බැරි තරම්.. අන්න ඒ නිසා අදට විතරක් මම දෙන්නවම කැලේ බලන්න එක්ක යන්නම්..
කොහොමත් ජිමින් සර්ට කැලෑව පෙන්නන්න එක්ක යන එක මගෙ වගකීමක්..."
YOU ARE READING
Stolen Love
Fanfiction"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහි...