Comment goal 200
"මී මැස්සි.."
"ඇයි මහත්තයා.."
"කෝ අපේ බෙයා..."
"බෙයා."? ඉන්න බලන්න ටිකකට කලින් පෙයාර්ස් ගහ යට උඩ පැන පැන ඉන්නවා දැක්කනෙ මම.."
ගේ දොරකඩට වෙලා වත්ත පුරා ඇස් ගෙනියමින් ජැක්සන් අහද්දි මී ගුල ලග බඩ ඉරිගු ඇට තියමින් හිටිය හියුජින් ඇය කර කර හිටිය කාර්ය අතහැරලා දාලා ජැක්සන් ලගට ආවා..
"මේ මෙතන හිටියනෙ ටිකකට කලින් මහත්තයා..."
බෙයාගෙ හෙවනැල්ලවත් පේන්න නැති ගෙවත්ත දිහා බලන් හියුජින් කියද්දි හුස්මක් පිට කරපු ජැක්සන් හියුජින් වෙතට හැරුනා.
"මී මැස්සි ඔයාටත් හිතෙන්නෙ මට හිතෙන එකමද?"
හෙම්බත් වුන ජැක්සන්ගෙ මුහුන දකිද්දි හියුජින්ගෙ තොල් අගින් හිනාවක් පැන්නා.. අතින් කට වහගත්ත හියුජින් හුරතල් විදියට හිනාවෙද්දි ඇස් හීනි කරලා ඇය දිහා බලපු ජැක්සන් ..
"ආඅහ්හ්හ්හ්හ්හ් මහත්තයා මාව බිමින් තියන්න.. අනේ එපා.."
"යන් ඇද උඩින්ම තියන්නම්කෝ.."
"මහත්තයා..."
___________________________________
පයින් ගස් යාය මැදින් වැටිලා තියන පටු පාර දිගේ උඩ පනිමින් දුවන් යන දගයා දිහා බලන් නිල් අහස හිනාවුනා. දගයා දුවන පාර දෙපැත්තෙ වැවිලා තියන පුංචි පුංචි මල් දගයා ඔවුන් ලගින් දුවද්දි ඉබේටම දගයා දිහාවට බර වුනා..
හමන් ආව හුලගක් තනකොල මත පිපුනු පුලුන් පිහාටු මල් මැදින් හමන් ගියේ පුලුන් මල් වල පුංචි පිහාටු නටුවෙන් නිදහස් කරමින්...නටුවෙන් නිදහස් වුන පුලුන් පිහාටු මල් දගයාගෙ සිනිදු කම්මුල් වල වදිමින් වාතලයෙ පාවෙන්න ගත්තෙ පුංචි දගයාගෙ හුරතල් රෝස තොල් ඒ දිහා බලන් හිනාවෙද්දි..
YOU ARE READING
Stolen Love
Fanfiction"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහි...