Comment goal 150
එක දිගටම පිටවුන උන්ඩ හයක් හරි එකෙල්ලෙ ඉලක්කය හරි මැදට වැදුනා. දැවයෙන් නිමකරලා තියන ඉලක්කය මත සටහන් වෙලා තිබුනෙ එකම එක සිදුරක් පමනයි.
"වාහ්. වාහ්. වාහ් .මින් යුන්ගි ."
කන් ආවරනය වෙන්න පැලදගෙන ඉන්න ගාර්ඩ්ස් අයින් කරමින් යුන්ගි ඔහුට ඇහෙන අත්පුඩි හඩ දිහාවට හිස හැරෙවුවා. යුන්ගිට පසුපසින් තුවක්කු අසුරපු මේසයට හේත්තු වෙලා අත් දෙක පපුවට බැදගෙන අමුතුම හිනාවක් දාගෙන ජන්කුක් යුන්ගි දිහා බලන් ඉන්නවා.
ජන්කුක් දිහා ඕනෙවට එපාවට එක වතාවක් බලපු යුන්ගි ජන්කුක්ව ගනන් නොගෙන ආයෙමත් ඉලක්කය වෙත හැරුනා.යුන්ගි තමන්ව ගනන් ගත්තෙ නැහැ කියලා දැක්ක ජන්කුක් අමුතුවට හිනාවෙමින් ඔහු හේත්තු වෙලා ඉන්න මේසයේ තුවක්කු දිගේ ඇගිලි ගෙනිච්චා.
අසුරපු තුවක්කු අතරින් මිලෙන් අදිකම යැයි හිතෙන තුවක්කුව අතට ගත්ත ජන්කුක් යුන්ගි දිහා බලාගෙනම තුවක්කුවට උන්ඩ පිරෙවුවා.
Shall we? බ්‍ර ද ර්.
යුන්ගි ලගින් හිටගත්ත ජන්කුක් සමච්චල් හිනාවකින් මුව සරාගෙන යුන්ගි එක්කම ඉලක්කය වෙත තුවක්කුව දික් කලා. මාලිගා එලිමහන් වත්තෙ හිටගෙන ජන්කුක්වත් යුන්ගිවත් ගාර්ඩ් කරන ගාර්ඩ්ස්ලත් පහලට හිස නවන් ඉන්න සේවකයිනුත් ඔවුන් දෙදෙනා දිහා බලන් හිටියෙ තැතිගැන්මකින්.
ජන්කුකුත් යුන්ගිත් දෙදෙනා එක ලග ඉන්නවා කියන්නෙ විශේශයෙන් තුවක්කු දෙකකුත් අතේ තියන් මේ සිදුවීමෙ අවසානයෙ ප්‍රතිපලය සුබදායි එකක් නම් වෙන්නෙ නැහැ.
ජන්කුක්ගෙ තුවක්කුවෙන් පලවෙනි උන්ඩය පිටවෙද්දි යුන්ගි තුවක්කුවෙනුත් පලවෙනි උන්ඩය පිටවුනා.ජන්කුක්ගෙ තුවක්කුවෙන් පස්වෙනි උන්ඩයත් පිටවුනා . ඊට තත්පර කිහිපයකට පස්සෙ යුන්ගි ගෙ තුවක්කුවෙන් හයවෙනි උන්ඩය පිටවුනත් මේ වතාවෙ ජන්කුක් ගෙ තුවක්කුවෙන් උන්ඩයක් පිටවුනෙ නැහැ .
"පො.ඩි බේ.බි."
ජන්කුක්වත් යුන්ගිවත් වටකරගෙන ඉන්න ගාර්ඩ්ලා කලබලෙන් ඔවුන් වෙත ලං වෙන්න උත්සහ කලත් අත උස්සලා ගාර්ඩ්ස්ලව නවත්තපු යුන්ගි ඩිමාන්ඩින් ලුක් එකකින් ජන්කුක් දිහා බැලුවා.
YOU ARE READING
Stolen Love
Fanfiction"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහි...