Comment goal 100
මුලු මාලිගයම දැඩි නිහඩතාවයකින් පිරිලා ගිහිල්ලා. නොසන්සුන්කාරීව හුස්ම ගන්න හන්ගෙ හුස්මෙ හඩ පමනක් දෙසවන් හා ගැටෙන තරමට සියල්ලක්ම නිහඩයි. හිස් පහලට බර කරගෙන තදින් ඇස් පියන් ඉන්න සේවකයින් ඔවුන් ලගින් හිටන් ඉන්න අනෙකාට ඇහෙන්න සද්දෙන් හුස්මක් ගන්න පවා බිය වුනා.
ජියොන්ලා අද ඊයෙක සමාජය තුල පැසසුම් ලත් මිනිස්සු නෙවෙයි. ගෙවුනු පුරා අවුරුදු ගනනාවකම අතීතය සටහන් වෙලා තියන ලිපි ලේඛන වලට අයිති ඉහලම පැලැන්තියේ පරම්පරා වලින් උඩින්ම වැජබුන අවසන් රාජකීය පරම්පරාවයි ඔවුන්.
ජියොන් රාජ්‍ය සමයෙන් පස්සෙ කොරියාව තුල පාර්ලිමේන්තු ඩයස්පෝරාවක් පැතිරිලා ගියත් සමාජය තුල ජියොන්ලට තියන ගෞරවය තවමත් පරම්පරා ගනනක් පුරාවටම ඒ විදියටම පවතිනවා..ජන්කුක්ගෙ අප්පා ජියොන් හන්ග් නිතරගයෙන්ම කොරියාවෙ අගමැති තන්තුරට පත් වුනෙත් ඒ ගෞරවය නිසාමයි.
සමාජය සහ ජනමාධ්‍ය ඉදිරියෙ කොරියාවෙ අගමැති ඔවුන්ට දෙවියන් මෙන් වටිනා පුද්ගලයෙක්..නමුත් ජියොන් හන්ගෙ ඇත්තම ස්වරෑපය දන්නෙ මේ සමාජයෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් අතලොස්සක් පමනයි.
ඒ පිරිස අතලොස්සක් තරම් සුලු ප්‍රමානයකට සීමා වුනෙ ඊට එහා ජියොන්ලට විරුද්ද වෙන කිසිම මනුස්සයෙක්ට ඒ දවසින් පස්සෙ එක මොහොතක්වත් මේ ලෝකයෙ ජීවත් වෙන්න ජියොන් හන්හ් ඉඩ නොදුන් නිසා .
ВЫ ЧИТАЕТЕ
Stolen Love
Фанфик"පොඩි බේබි මොකක්ද දෙවියනෙ මේ කරන්නෙ" "මගෙ වැඩ වලට හරස් වෙන්න එපා විල්සන් ..අයින් වෙනවා" "ඔය දරුවව අතාරින්න පොඩි බේබි" "පොඩි බේබි දෙවියන්ගෙ නාමෙට මුරන්ඩු කම් කරන්න එපා...ලොකු මහත්තයා දැනගත්තොත් පොඩි බේබිට නෙවේ අපිටයි මේවට වන්දි ගෙවන්න වෙන්නෙ.. අහි...