Chapter 89

1.1K 284 201
                                    

Comment goal 100

ලී ජනෙල් පියන් අතරින් ඈත පෙනෙන මිටියාවත දිහා බලන් ඉන්න ජන්කුක්ගෙ උරහිස මතින් ටේහියුන්ග් අත තිබ්බා. ටික වෙලාවක් තිස්සෙම කිසිම වෙනසක් නැතුව එකම ඉරියවුවෙන් ජන්කුක් මෙහෙම හිටගෙන ඉද්දි ජන්කුක් ලගට නොයා ඉන්න ටේහියුන්ග් ට බැරි වුනා.

ටේහියුන්ගෙ ස්පර්ශය දැනෙද්දි ගැස්සිලා ගිය ජන්කුක්ට ටේහියුන්ග් වෙතට හැරෙන්න මොහොතක් ගත වුනා. මොහොතක් ගත වෙනකන් ඒ විදියටම හිටිය ජන්කුක් හෙමින් ටේහියුන්ග් වෙතට හැරුනා. ජන්කුක් ගොඩක් ලස්සන හිනාවකින් ටේහියුන්ග් එක්ක හිනාවුනා. ජන්කුක් ටේහියුන්ග් එක්ක හිනාවුනත් ටේහියුන්ග් ජන්කුක් එක්ක හිනාවුනෙ නැහැ. ටේහියුන්ගෙ දුබුරු දිගටි ඇස් හරි කෙලින් ජන්කුක්ගෙ කෝපි කලු දුබුරු ඇස් දිහා බලන් ඉන්නවා.

ටේහියුන්ගෙ ඇස් වල බැල්ම දරාගන්න බැරිම තැන ජන්කුක් ටේහියුන්ගෙ දෑස් වලින් ඇස් අහකට ගත්තා. ඒත් ඔහු දිගටම හිනාවෙන්න උත්සහ කලා.

"තව කොච්චර දවසකට ඔයා මාව රවට්ටන්න හිතන් ඉන්නවද ජන්කුක්?"

"තව කොච්චර දවසකට ඔයා ඔයාවම රවට්ටගන්නවද?"

අහක බලන් ඉන්න ජන්කුක්ගෙ කම්මුල මත අත තියමින් ජන්කුක්ව තමන් වෙත හරවගනිමින් ටේහියුන්ග් අහද්දි ටේහියුන්ග් මොනවද කියන්නෙ නොතේරෙනවා වගේ ජන්කුක් ටේහියුන්ග් දිහා බලන් හිටියා

"වේදනා දැනෙද්දි මිනිස්සු අඩන්න ඕනෙ ජන්කුක්. අඩන එක දුර්වල කමක් නෙවෙයි. කදුලු හිරකරගනිද්දි දැනෙන වේදනාව තවත් වැඩියෙන් අපේ හදවතට දැනෙනවා."

මේ වතාවෙ ජන්කුක් ටේහියුන්ග් දිහා බලන් හිනාවෙන්න උත්සහ කලත් ඔහුගෙ ඒ උත්සහය අසාර්ථක වුනා. ටේහියුන්ග්ව මගහරිමින් වේගයෙන් ආයෙමත් ජනේලය වෙත හැරුන ජන්කුක් ලී ජනෙල් පියන්පතක් තදින් අතට ග්‍රහනය කරගත්තා.

"ජන්කුක් "

"මම අහන් ඉන්නෙ මගෙ මැනික."

"ජන්කුක් මට වෛර කරනවද?"

"මොනවද කියවන්නෙ ටේහියුන්ග් ."

"මම ජන්කුක්ගෙ මල්ලිව ජන්කුක්ගෙන් උදුරගත්තා."

Stolen Love Where stories live. Discover now