Chapter 90

1.1K 286 198
                                    

Comment goal 100

දූවිලි කාශ්ඨීය පොලව මත වැටිලා ඉන්න ජන්කුක් තවම හුස්ම ගන්නවා.නමුත් කලුවර හැර වෙනත් කිසිවක් ජන්කුක් ට පෙනුනෙ නැහැ.වටපිටාව පවා දැඩි නිහඩබවක් විසින් වෙලාගෙන. හිසට වැදුන පොලු පහර නිසා තාවකාලික කම්පනයට සිහිය නැති වුන ජන්කුක් ට යලිත් ටිකෙන් ටික සිහිය ලැබෙනවා. තවම ඔහුට ඔහුගෙ දෑස් විවර කරගන්න බැහැ අදුරම හැර වෙනත් කිසිවක් පෙනෙන්නෙ නැහැ. ජන්කුක් උත්සහ කලා ඔහුගෙ දෑස් විවර කරන්න.

මේ වතාවෙදි නිහඩ පරිසරයෙන් ඔහුට ඇහෙන්නෙ සමනලයෙක්ගෙ තටු ගැසීමක හඩක්. ජන්කුක්ගෙ කන ලගින්ම සමනලයෙක් තටු ගහනවා.

පහලට බර වෙලා තියන ඇස්පිහාටු හෙමින් හෙමින් විවර කරගන්න ජන්කුක් ට පුලුවන් වුනා. ලොකු හුස්මක් ජන්කුක්ගෙ මුවින් එලියට පිට වෙද්දි කාශ්ඨීය පොලවෙ දූවිලි ඒ හුස්මත් එක්ක වාතයට ගහගෙන ගියා.

ටිකෙන් ටික අවදිවෙන ජන්කුක්ගෙ මනස තුල සිද්ද වුන හැම මතකයක්ම එක පෙලට පෙල ගැසෙන්න පටන් ගනිද්දි උමතු වැටිලා මෙන් වේගයෙන් ජන්කුක් ඔහු වැටිලා ඉන්න තැනින් නැගිටින්න උත්සහ කලා. ජන්කුක්ගෙ ඇස් කලබලයෙන් ඒ අතට මේ අතට ගමන් කරනවා .

ජන්කුක්ගෙ හිසෙන් ගලන් ගිය ලේ කාශ්ඨීය පොලවෙ පුරා රූටලා ගිහින් තිබුනත් හිස පිටුපසට අත අරන් ගිය ජන්කුක් ට ඔහුගෙ හිසෙන් තුවාලයක සලකුනක් හොයාගන්න ලැබුනෙ නැහැ.ඒත් ඒ කිසිවක් ගැන හිතන්න විවෘත මනසක් මේ වෙලාවෙදි ජන්කුක් ලග තිබුනෙ නැහැ.ජන්කුක්ගෙ කකුල් වලට දෙපයින් හිටගන්න ශක්තිය ලැබුන ඒ තත්පරයේම උන්මන්තකයෙක් වගේ ජන්කුක් දුවන් ගියේ ඔහුගෙ කාර් එක ලගට. ඒත් .ඒත් ටේහියුන්ග් වත් පුංචි ස්නෝබෝල්වත් කාර් එකේ නැහැ.

හිසෙ තුවාල සලකුනක් නොතිබ්බත් තවමත් වටපිටාව ජන්කුක් ට පෙනෙන්නෙ බොදව ගිහිල්ලා. පුපුරන්න තරම් වේදනා දෙන හිස බදන් ජන්කුක් කෑගැහුවෙ ශාරීරික වේදනාවට නෙවෙයි.

"මැනික"

ටේහියුන්ගෙ නම කතාකරමින් පාර පුරා දුවමින් ජන්කුක් කෑගැහුවා. ඒත් ජන්කුක්ගෙ මැනිකගෙවත් පුංචි ස්නෝබෝල්ගෙවත් සලකුනක්වත් පෙනෙන මානයක නැහැ. කොයි දිශාවට දුවන්නද හිතාගන්න බැරි වුන ජන්කුක් වියරුවෙන් මෙන් ඔහුගෙ හිස කෙස් වලින් ඇදගත්තා. ඇයි ඇයි ඔහු ටේහියුන්ග්ව තත්පරයකට හරි තනි කලේ.

Stolen Love Where stories live. Discover now