Chapter 62

1.4K 371 589
                                    

Comment goal 200

හියුජින්,ජන්කුක්, නම්ජුන්, යුන්ගි, ජිමින් ,හෝසොක් ඔවුන් සියලු දෙනාම ටේහියුන්ග් ගෙ කාමරයෙ ඉදිරිපස හිටගෙන හිටියෙ ගොඩක් නොඉවසිලිමත්ව.

අතමිටමොලවගෙන නිකටට තට්ටු කරමින් නම්ජුන් දොර දිහා බලන් ඉද්දි ඇගිලි එකිනෙක හා පටලගෙන ජන්කුක් විසිත්ත කාමරයෙ එහෙ මෙහෙ ගමන් කරනවා. හෝසොක් හියුජින්ග් ලගින් හිටගෙන ඇයව ශක්තිමත් කරන්න උත්සහ කරනවා. වේදනාබර මුහුනකින් ජිමින් ටේහියුන්ග් ගෙ කාමරය දිහා බලන් ඉද්දි ජිමින්ට ටිකක් ඈතින් හිටගෙන ඉන්න යුන්ගි ජිමින් දිහා බලන් ඉන්නවා.


"ක්ලික් "

අවසානයෙ ඔවුන් බලාපොරොත්තු වුන පුද්ගලයා ටේහියුන්ග්ගෙ කාමරයෙන් එලියට ආවා.හිස පහලට බර කරගෙන කාමරයෙන් එලියට ආව ඔහු කතාකරනකන් ඔවුන් සියල්ලක්ම නොඉවසිල්ලෙන් බලන් හිටියා.


"ජින් හියුන්ග් ටේහියුන්ග්ට කොහොමද?"

"කුක්."

ජින් ඔහුගෙ පහලට බරකරගෙන ඉන්න හිස ඔසවමින් ජන්කුක් දිහා බලද්දි ජන්කුක් ඔහු හිටගෙන හිටිය තැනින් අඩි කිහිපයක් පසුපසට ගියා.ජින්ගෙ කදුලු පිරුනු ඇස් ජන්කුක්ව ගොඩක් බය කලා.

"මට කියන්න මගෙ ටේ බෙයාට කොහොමද? එයාට මොකද වුනේ."


රෝදපුටුව තල්ලු කරගෙන ජින් ලගට ආව හියුජින් ඔහුගෙ අතින් අල්ලන් වෙවුලමින් අහද්දි මේ තරම් වෙලාවක් ජන්කුක් දිහා බලන් හිටිය ජින්ගෙ ඇස් ඇය වෙතට ගමන් කලා.


"නූනා. අපේ ටේහියුන්ග්."


ජින්ගෙ මුවින් පිටවුන අවසන් වචන කිහිපයත් එක්කම ඉබේටම හියුජින්ගෙ අතින් ජින්ගෙ අත අතහැරුනා.


"කො..හො.ම.ද.? කො.හො.මද එ.හෙම. වු.නෙ."

හියුජින්හෙ ඇස් වලින් කදුලු වැල් කඩන් වැටෙද්දි ඇය ජින් දිහා බලන් වෙවුලමින් ප්‍රශ්න කලා.ජින්ගෙන් ඇයට උත්තරයක් නොලැබෙද්දි තනියමම ආයෙමත් රෝද පුටුව පැදගෙන ඇය ජන්කුක් ලගට ගියා. ජන්කුක්ගෙ අතින් අල්ලගත්ත හියුජින් ජන්කුක් ගෙ අතින් අදිමින් ඔහුගෙන් ප්‍රශ්න කලා.


Stolen Love Место, где живут истории. Откройте их для себя