Eunha pov;
ඊයේ රෑ අපි හිටියේ Tae ඔප්පගේ ගෙදර..... ඒත් උදේ පාන්දරම ආයෙ මෙහෙට ආවේ කට්ටිය අද තම තමන්ගේ වැඩ වලට යන්න ඕන නිසා.... ඔව් අද තමයි ඒ සදුදා කියන අප්රසන්න දවස.... ඇත්තමයි මට පේන්න බෑ..... හැමෝම එක එක වැඩ වලට ගියාම ඉතුරු වෙන්නේ මායි, Annya යි, ඔන්නිලා ටිකයි විතරයි... මොකද ඉතින් අනිත් අය ඔක්කොම ලොකු ලොකු post වල නේ වැඩ කරන්නේ...... ඇත්තටම මටත් දැන් පාළුයි.... කලින් ඉතින් මාත් coffee shop එකක වැඩ කරානේ.. ඒත් මෙහෙට ආවට පස්සේ ඒකත් නැවතුනා....ඊයේ දවස නම් ඇත්තටම පුදුම දවසක්.... මගේ ඔප්පා මට ආදරෙයි කිව්වා...... හිතාගන්නවත් බෑ.... මං හිතුවේ එයා ආදරය කරන්නේ වෙන කෙනෙක්ට කියලා මොකද කාත් කවුරුවත් නැති මං වගේ කෙල්ලෙක්ට ආදරේ කරයි කියලා ඔප්පට ලැබෙන දෙයක් නෑනේ... එයා මට ආදරෙයි කියපු වෙලාවේ ඇත්තටම හිතට දැනුන සතුට වචනෙන් විස්තර කරන්න අමාරුයි..... ඒක හරි අමුතු හැගීමක්... හරියට මුලු ඇගම සීතල වුනා වගේ......මගේ ජීවිතේ ඉස්සරහට ගොඩක් ලස්සන වෙයි කියලා මං හිතනවා. ඒත ඊට කලින් මේ හැම ප්රශ්නයක්ම ඉක්මනට විසදගන්න ලැබෙන්න ඕනේ...
ඕ ෂිට් ඉයුන්හා..... කෝ ඔයාගේ මාලේ.... නෑ නෑ කොහෙද ඒක... අයියෝ.... මට මගේ පවුලෙන් කියලා හම්බුනේ එච්චරයි.... අහ්.... කොහොමද මං මෙච්චර careless වුනේ.....අනේ ඒක මට ගොඩක් වටිනවා.... කොහෙන්ද මං ඒක දැන් හොයාගන්නේ.....ඇයි මටම මෙහෙම වෙන්නෙ..... මට ඒක ඕනේ.....අනේ කොහෙද මගේ මාලේ.😭😭😭😭😭😭....Jimin pov;
මං උඩට ආවේ Rosie ව හම්බවෙන්න room එකට යනවා කියලා හිතාගෙන........ අද මට business meeting එකක් තියෙනවා...... Rose free නම් එයාවත් එක්කගෙනම මං office යනවා කියලා decide කරේ එයාට තරම් හොදට කාටවත්ම බෑ මගේ වැඩ වලට help කරන්න.... ඒත් ඉයුන්හගේ කාමරේ ලගින් යද්දි මට එයා අඬනවා ඇහුනා.... පලවෙනි වතාවට මගේ ඔම්මා අඬද්දි දැනුන දුක ඉයුන්හා අඩද්දිත් මට ඒ විදියටම දැනුනා.. ඒ ඇයි කියන්න නම් මං දන්නේ නෑ... ඒත් මට එයාව තුරුල් කරන් අඬන්න එපා අයියා ඔයා ලගින් ඉන්නවා කියලා කියන්න ඕන වුනා...... මොකක්ද.... මොකක්ද මං ඒ හිතුවේ......අනේ මන්දා මේ පාත්ත මොලේට මොනවා හිතෙනවද කියලා මටම හිතා ගන්න බෑ. තවත් බලං ඉන්න බැරි නිසා එක විනාඩියක් වත් පරක්කු නොකර මං එයා ලගට ගියේ එයා අඬන එකට හේතුව මොකක්ද කියලා දැනගන්න ඕන වුන නිසයි...
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romantikකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~