Yoongi pov;
flight එකෙන් බැස්ස ගමන්ම පල්ලියට ගියේ එයා අද අනිවාර්යෙන්ම එනවා කියලා දන්න නිසා. ඔව් මං හරි. එයා ඇවිත්. අවුරුදු ගානක් දකින්න ආසාවෙන් හිටපු ඒ රූපේ මගේ ඇස් ඉස්සරහා ඉන්නවා. ඒත්......ඒත් එයා අඬනවද? ඔව් එයා අඬනවා. තවත් ඒ දිහා බලං ඉන්න බැරිම තැන මං එයාට කතා කරා.Yoongi: හ්ම්......අද දවසම මෙතන ඉන්නද හදන්නේ?
Yoongi pov;
ඒ ඇස් රතු වෙලා.කොච්චර දුකක් හිතේ තියන් තනියම විදවන්න ඇතිද? ඉයුන්හා... මට සමාවෙන්න ඔයාව දාලා ගියාට.ඒත් මං පොරොන්දු වෙනවා.ආයේ කවදාවත් මං මගේ හොදම යාළුවව තනි කරන්නේ නැහැ කියලා.
(Wait a minute හොඳම යාළුවා කියලද කිව්වේ yoongi ඔප්පේ 😏)Eunha pov;
පිටිපස්සෙන් ඇහුන කටහඩ නිසා එකපාරටම හැරිලා බැලුවේ මේ වෙලාවේ කවුද මෙතනට ආවේ කියලා බලන්න. ඒත් ඒ රූපේ දැක්කම මට කෙනෙක්ව මතක් වුනා. අවුරුදු ගානකට කලින් මට හිටපු හොදම යාළුවා ආයෙත් ඇවිත් ද කියලා හිතුනා. ඒත් ඒක වෙන්න විදියක් නෑ.එයාට මාව අමතකත් ඇති. ඒත් මේ කවුද? මොනවද මෙයා මෙතන කරන්නේ?....Eunha: කවුද ඔයා. ඔයා මාව අදුරනවද?
??: අනේ දෙයියනේ එච්චර ඉක්මනට මාව අමතක කරාද?
Eunha: අනේ ඔයා කවුද කියන්න මන් ඔයාව දන්නවද?
??: අපරාදේ මට එද්දී cotton candy එකක් අරන් එන්න තිබ්බේ......
.
.
.
.
.
.
.
.
.
.
.
.
Eunha: ඔ....ඔප්පා මේ..... මේ ඔයාමද??
??: නැතුව ඉතිං හොල්මනක් ද😂කොහොමද මම මේක විශ්වාස කරන්නේ. අනේ මේක හීනයක්ද? කාලෙකට කලින් මගේ හොදම යාළුවා වගේම මගේ සහෝදරයා කියලා හිතන් හිටපු ඒ රූපේ මගේ ඇස් ඉස්සරහා හිටගෙන ඉන්නවා.... එයාට....එයාට මාව මතකද... තාමත් මාව මතකද.. මෙච්චර අවුරුදු ගානකට පස්සෙත් මාව හොයන් එන්න තරම් මාව එයාට වටිනවද......
Eunha : ඔප්පා අනේ මේ....මේ ඔයාමද? මට විශ්වාස කරන්න බෑ... ඒත් කොහොමද..... කොහොමද මාව හොයාගත්තේ.....
Yoongi: මගේ හොදම යාළුවව මට අදුරගන්න බැරිද...
( අපිනේ දන්නේ හුම් 😏 )
Eunha : ඔප්පා ඔයා ගොඩක් වෙනස් වෙලා.... ඒ වගේම හැන්ඩ්සම්🤭
Yoongi : I know😌. හැබැයි ඔයාගේ අර වදුරු ලුක් එක තාම තියනවා යුන්😂
Eunha: අහ් කටවහගන්න ඔප්පා😒 එන්න එපා විහිලු කරන්න. මං තරහයි.. ඔයත් මාව දාලා ගියානේ😔
Yoongi: අනේ යුන්....කෝ බලන්න මගේ දිහා.. මට සමාවෙන්න.... මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තෘබ්බේ නෑ. අප්පට විරුද්ධ වෙන්න මට බැහැනේ ඉයුන්හා...
Eunha: හරි හරි මං දන්නවා.ඒකෙන් වැඩක් නෑ දැන් ඉතින් අපි ආයේ හම්බුනානේ..... ආයෙත් යනවද?🙁
Yoongi: නෑ කොහෙවත් යන්නේ නෑ... මේ ගමනක් යමුද?
Eunha : කොහෙද?😳
Yoongi : ආයිශ්. මගේ ගෙදර යන්නේ.. ඔයාට අදුන්වලා දෙන්න කට්ටියකුත් එහේ ඉන්නවා...
Eunha: ඒත්........... ඔප්පා......
Yoongi : මාව විශ්වාස නැද්ද යුන්?
Eunha: අනියා..... අපි යමු😁
YOU ARE READING
~♡ The Christmas gift ♡~
Romanceකිසිම බලාපොරොත්තුවක් නැතුව ඔහේ ගෙවිලා ගිය මගේ ජීවිතේට සතුට අරන් ආවට ගොඩක් ස්තූතියි....... මගේ ආදරණීය නත්තල් තෑග්ග..... මං ඔයාට ගොඩක් ආදරෙයි........♡~