සියල්ලන්ම ඔහු දෙස බලා සිටීම යූ ෂිආඕ මෝ ලැජ්ජාවට පත් කළේය. තරමක දෙගිඩියාවකින් පසු, ඔහු "කුමක් හෝ ගැටළුවක් තිබේද?" යි විමසුවේය.
එසැණින් සියල්ලෝම පියවි සිහියට පැමිණියහ. වූ ශිශියොංග් හැරුණු කොට, අනෙක් සිසුහු ඔවුන්ගේ ඇහිබැමි රැලි කළෝය. සාමාන්‍යයෙන් හැඟීම් විරහිත වූ වූ ශිශියොංග් අවසානයේදී මඳ සිනහවක් පා ඔහුට හිස වැනුවේය, "කිසිදු ගැටළුවක් නැහැ. ඔබ ඉතාමත් හොඳින් එය කළා. දා ශිශියොංග් ඔහු සිසුවෙක් කළ කළා මෙන් පළමු උත්සාහයේදීම ආත්මීය ශක්තිය සාර්ථකව වෙන් කළා."
මෙම වදන් නොවරදවාම ප්‍රශංසාත්මක විය. අනෙක් සිසුහු එසැණින් විමතියට පත් වූහ. වූ ශිශියොංග් සැබවින්ම ඔහුව දා ශිශියොංග් හා සැසඳුවේය. මින් පැහැදිලිවම අදහස් වූයේ ආත්මීය ශක්තිය පාලනය කිරීමට ඔහුට වූ හැකියාව ඉතාමත් සුවිශේෂී බවයි. ඉන්පසු, ඔවුන් උත්සාහයන් කිහිපයක්ම අසාර්ථක වූ ආකාරය ගැන සිතූ ඔවුන්ගේ මුහුණු තරමක් අවලක්ෂණ විය. ඔවුන්ගේ සහජ දක්ෂතාව යූ ෂිආඕ මෝ හා සමාන විය. කහ පැහැති රශ්මියක් සහිතව ඔවුන් අතර පහත්ම හැකියාව සහිත වූ තැනැත්තා හැරුණු කොට අනෙක් තිදෙනාම පලාවන් රශ්මි ප්‍රභාවන් ඇත්තෝ වූහ. නමුත් මේ මොහොතේදී ඔවුන් අතරින් ලාබාලතම තැනැත්තා ඔවුන් පසුකර ගියේය. එමෙන්ම, ඒ ඔවුන් අකැමැතිම තැනැත්තාය. ඔවුහු මින් හදිසියේම කලකිරීමට පත් වූහ.
යූ ෂිආඕ මෝ ඒ පිළිබඳව වැඩිදුර සිතුවේ නැත. වූ ශිශියොංග්ගේ ප්‍රශංසාවට ලක්වීම ඔහුව ලැජ්ජාවට පත් කළ බැවින් ඔහු මඳ සිනාවක් පෑවේය. යූ ෂිආඕ මෝට සැබවින්ම කැපී පෙනීමට අවැසි නොවීය. තමා පළමු අවස්ථාවේදීම සාර්ථක වේයැයි ඔහු දැනගන්නේ කෙසේද? එය මෙසේ සිදුවන බව දැන සිටියා නම්, ඔහු මෙය වළක්වා ගැනීමට කිහිප වරක් අසාර්ථක වනු ඇත. සැබවින්ම, මේ සිසුන් සතර දෙනා ඔහුට අකමැති බව ඔහු දැන සිටියේය. නමුත් ඔහුට කරදරවලට අත වැනීමට අවැසි නොවූ බැවින් ඔහු කිසිත් නොදත් බව ඇඟවූයේය. දැන් ඔහු ඔවුන්ව අභිබවා ගිය නිසාවෙන්, ඔවුන්ගේ අමනාපය තවත් වැඩිවූ බවක් පෙනෙන්නට තිබුණි!
ඔහු සාර්ථක වූ පමණින්ම වූ ශිශියොංග් ඔහුට වෙනත් දෙයක් පුහුණු වීමට ඉඩ දුන්නේ නැත. ප්‍රශංසාවෙන් අනතුරුව, ඔහු ඔවුන්ට දිගටම පුහුණු වීමට ඉඩ හැරියේය. යූ ෂිආඕ මෝටද ඕනෑවට වඩා කැපී පෙනීමට අවැසි නොවූ බැවින් ඔහුද දිගටම ආත්මීය ශක්තිය වෙන් කිරීමට පුහුණු විය. නමුත් එකම දෙය නැවත නැවතත් කිරීම සැබවින්ම නීරස වූ බැවින්, ඔහුගේ සිතෙහි පැනයක් හටගත්තේය. ආත්මීය ශක්තිය සතරකට බෙදිය හැකිද?
DU LIEST GERADE
උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුම
Fantasy"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇතැම්විට මිහිරිවන්නේ ඔබේම දෙතොල් විය හැකියි." "එසේනම් ඔබට ඒවා මිහිරිදැයි පිරික්සිය හැකිද? මට එය තහවුරු...