18. සාර්ථකත්ව අනුපාතය

38 16 3
                                    

මායා ගුලි නිස්සාරණය කිරීම දුෂ්කර කාර්යයක් ලෙස හෝ පහසු කාර්යයක් ලෙස සැලකිය නොහැක. එම ක්‍රියාවලිය ඔවුන් මෙතෙක් පුහුණු වූ දෙයට - එනම් ඔවුන්ගේ ආත්මීය ශක්තිය පාලනය කිරීමේ හැකියාවට සම්බන්ධය. ඔවුන්ගේ හැකියාව ඉහළ නම්, අසාර්ථක වීමට ඇති ඉඩකඩ අඩුය. මෙහි ප්‍රතිවිරුද්ධය තත්ත්වයද සත්‍යය. වූ ශිශියොංග්, යූ ෂිආඕ මෝට මායා ශාක වර්ග හයක් ලබා දුන්නේ එබැවිනි. ඔහුගේ හැකියාව පහත් නොවූ නිසාය. මෙයද ඔහුගේ දක්ෂතාව අගය කිරීමකි.

අනෙක් සිසුන් සිව්දෙනා මින් ඉතාමත් අතෘප්තිමත් වූ නමුත් ඔවුන්ගේ විරෝධය ප්‍රකාශ කිරීමට තරම් එඩිතර වූයේ නැත. මෙය වූ ශිශියොංග් විසින් ගනු ලැබූ තීරණයකි. ඔහු ජ්‍යෙෂ්ඨත්වය අතින් දා ශිශියොංග්ට සම විය. ඔවුන් කෙතරම් අසතුටට පත් වූවද, එයට එරෙහි වීමට තරම් එඩිතර වූයේ නැත. තවද, සත්‍යය නම් ඔවුන් යූ ෂිආඕ මෝගේ තලයට ළඟා වී නොතිබීමය. ඔවුන් මේ මොහොතේදී අසාධාරණ ඉල්ලීම් කිරීම, ඔවුන් කෙරෙහි වූ ශිශියොංග් තුළ නොපසන් හැඟීම් ඇති කළ හැක. නමුත් යූ ෂිආඕ මෝ කෙරෙහි නම් මෙවර ඔවුන් නිසැකවම අමනාපයක් ඇති කර ගත්තේය. ඔහු සැබවින්ම වූ ශිශියොංග් ඉදිරියේ කැපී පෙනුණු අතර, ඔහු හා සසඳන විට ඔවුන් කිසිත් නොකළ හැක්කන් සේ දිස්විය.

යූ ෂිආඕ මෝට මේ පිළිබඳව කිසිදු අදහසක් නොවීය, නමුත් එසේ තිබුණද, ඔහු කුමක් කරන්නද? මායා ශාක ලැබීමෙන් පසු ඔහු හුදෙක් මායා ගුලි නිස්සාරණය කිරීමට සිත යොමු කළේය. මායා ගුලි නිස්සාරණය කිරීමේ පියවර කිහිපයක් විය. සෑම පියවරක්ම ඔහු පෙර පුහුණු වූ දෙයට සමාන විය. ආත්මීය ශක්තිය ගෙන ඒවා කුඩා විවර තුනට දමන්න. මෙම කුඩා විවරයන් තුනෙහි සැබෑ ප්‍රයෝජනය වූයේ මායා ශාක සාරය ලබා ගැනීමය.

ආත්ම ශක්තිය ඇතුළු කිරීමෙන් පසු, යූ ෂිආඕ මෝ මායා ශාක වර්ග තුනක් තෝරාගත්තේය. තාඩිත ශාකය (Contusion herb), ජීව මූල ශාකය (Life Root Herb) සහ ශාන්ත මනසේ පුෂ්පය. මෙම මායා ශාක තුනෙන් නිස්සාරණය කෙරෙනා මායා ගුලිය විසුරුම් ඖෂධය (Dispelling Pill) ලෙස හැඳින්විය; එය විෂක් සිරුරෙන් විසුරුවා හැරීමට භාවිතා විය. නමුත් එහි බලපෑම එතරම් ප්‍රබල නොවීය. එයට හැකිවූයේ උග්‍ර නොවන විෂ විසුරුවා හැරීමට පමණි.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now