පිරිසිදු වස්ත්ර කිහිපයක් ගැනීමෙන් පසු යූ ෂිආඕ මෝ කඳුළු බිඳුව ස්පර්ශ කළේය. ඔහු සිය දෑස් විවර කළ විට ඔහු සිටියේ අනෙක් මානයේය. මෙවර ඔහු විල් දිය මතට නොව, විලට ආසන්න ස්ථානයකට පතිත විය. මෙය ඔහු පසුගිය රාත්රියේ කළ පරීක්ෂණයක ප්රතිඵලයයි. එසේ අවැසි තැනට ළඟාවීමට ඒ පිළිබඳව ඔහු සිතින් පැතීම ප්රමාණවත් විය. ගතට සැහැල්ලුවක් දැනෙනා තුරු විලෙන් ස්නානය කළ යූ ෂිආඕ මෝ සිය සළු සේදීමට පටන්ගත්තේය. ඔහු මෙහි නිතර ස්නානය කිරීමට බලාපොරොත්තු වූ නිසාවෙන් යූ ෂිආඕ මෝ එදින උදෑසන උණ ලීයෙන් තනන ලද රාක්කයක් එහි ගෙනැවිත් තිබිණි. ඔහු සෝදා අවසන් කළ වස්ත්ර රාක්කයේ වැනුවේය. මෙසේ කළ විට ඔහුට ඊළඟ දිනයේ වස්ත්ර ගෙන ඒමට සිදු නොවනු ඇත.
එදින ඔහුට කිසි හදිස්සියක් නොතිබූ නිසා වැඩ කටයුතු අවසන් කිරීමෙන් පසු, යූ ෂිආඕ මෝ මෙම මානය පිරික්සා බැලීමට තීරණය කළේය. මේ වනතුරු ඔහුට මෙම මානයෙන් ගත හැකි යැයි සිතුණු එකම ප්රයෝජනය වූයේ ස්නානය කිරීමයි. එම ස්ථානය සැබවින්ම ඉතාමත් සරල වූ නිසා එක් වරක් බැලු පමණින්ම සියල්ල දැකිය හැකිවිය. එහි තණකොළ හා විල හැරුණුකොට අන් කිසිවක් නොවීය. ඔහු පළමුව සිතුවේ මෙය මායාවී ස්ථානයක් බවයි. නමුත් එහි සැරිසැරීමෙන් අනතුරුව ඔහුට කිසිවක් සොයා ගැනීමට නොහැකි විය.
විලක් හා ඒ වටා ඇති භූමිය, ඉන් කළ හැක්කේ කුමක්ද? යූ ෂිආඕ මෝ හිස ඔසවා පැහැදිලි දීප්තිමත් අහස දෙස බලා, ඉන්පසු ඔහුගේ දෙපා මුල සරුවට වැවී තිබූ වල්පැළෑටි දෙස බැලුවේය. ඉන්පසු ඔහු එක්වරම හඬ නැගුවේය. "ආහ්. එය තමයි, එය තමයි. සැබවින්ම මෙම ස්ථානයට තවත් එක් ප්රයෝජනයක් ඇති බවයි පෙනී යන්නේ! මා මේ පිළිබඳව මින් පෙර නොසිතුවේ මන්ද?"
යූ ෂිආඕ මෝ උද්යෝගයෙන් යුතුව ඔබ මොබ සක්මන් කිරීමට පටන් ගත්තේය. ඉමහත් සොම්නසින් යුතුව සිය හිසට තට්ටු කළ ඔහුට සිතුණේ තමාට වැදගත් යමක් අමතක වූ බවයි. ඔහු සිය දෙපා මුල වූ තෘණ වෙත සිය අවධානය යොමු කළේය. ඔහුට අවසානයේදී දිවා ආහාර වේලාවේදී චාඕ ශිශියොංග් පැවසූ යමක් සිහි විය.
ඉන්ද්රජාලිකයන්ගේ අංශයේ නීතිවලට අනුව සෑම සිව්වන මට්ටමේ ඉන්ද්රජාලිකයෙකුටම බිම් කොටසක් හිමිවේ. එම බිම් කොටස මායා ශාක වගා කිරීම සඳහා භාවිතා කළ හැක. එය එතරම් විශාල භූමියක් නොවුවත්, එය සෑම ශිෂ්යයකුගේම සිහිනයක් විය. සැබැවින්ම බිම් කොටස ලැබුණු විට රාජකාරි කිරීමට හෝ කඳු පාමුලට ගොස් මායා ශාක මිලදී ගැනීමට අවැසි නැත. දෙවන මට්ටමේ මායා ශාක එතරම් මිල අධික නොවුවද, ඒව දිනපතා අවැසි වුවහොත් තරමක් ධනවත් පුද්ගලයන්ට පවා එම මිල දරා ගත නොහැකි වනු ඇත. තුන්වන අදියරේ මායා ශාක පිළිබඳව කවර කතාද. අයෙකුට තමාටම අයත් බිම් කොටසක් තිබීම විශාල තෘප්තියක් ගෙන දෙන්නේ මේ නිසාවෙනි.
STAI LEGGENDO
උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුම
Fantasy"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇතැම්විට මිහිරිවන්නේ ඔබේම දෙතොල් විය හැකියි." "එසේනම් ඔබට ඒවා මිහිරිදැයි පිරික්සිය හැකිද? මට එය තහවුරු...