35. භෝජනාගාරයේ කලබලය

44 11 7
                                    


එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනා පෙනී සිටි විට, යූ ෂිආඕ මෝ නැවතත් සියළුදෙනාගේම අවධානයේ කේන්ද්‍රස්ථානය වීමයි. එහි වෙනසකට තිබුණේ මෙවර ලින්ග් ෂිආඕද එහි සිටීමයි. එය රාත්‍රී ආහාරය සඳහා කාර්යබහුලම වේලාව විය. ඔවුන් එහි පැමිණෙන විටද, විශාල පිරිසක් ඇතුළත අසුන්ගෙන සිටියහ.

ඔවුන් දෙදෙනා දුටු විට, වඩාත් නිවැරදිව පැවසුවහොත්, ඔවුන් යූ ෂිආඕ මෝගේ පසෙකින් සිටි තැනැත්තා, ලින්ග් ෂිආඕ, දුටුවිට, ඒ මොහොතේදීම එක් සිසුවෙක්ගේ මුව තුළ වූ ආහාර පිටතට විසිවිය. ඒ සියල්ලම ඔහුට ඉදිරියෙන් අසුන්ගෙන සිටි සිසුවාගේ සිරුර පුර විසිරී ඔහුගේ මුව ආහාරවලින් වැසී ගියේය. නමුත් ඔහු කෝපයට පත් වීමට හෝ තමාව පිසදමා ගැනීමට සමත් වූයේ නැත. මන්ද ඔහු ද දුටු දෙයින් ගල් ගැසී සිටි බැවිනි.

ඒ මොහොතේදී සියල්ලන්ටම පහළ වූ සිතුවිල්ල නම්, එම කටකතාව සැබැවින්ම අසත්‍යයක් නොවනා බවයි. රණශූර අංශයේ ලින් ෂිආඕ සැබවින්ම ආහාර ගැනීමට ඔවුන්ගේ සීමාවට පැමිණ ඇත. නිසැකවම මින් පෙරදී කිසිවෙකුත් මෙවැන්නක් විශ්වාස කරන්නේ නැත.

නමුත් මේ වනවිට, ඔහු එහි පෙනී සිටියා පමණක්ම නොව, ඔහු පසුගිය දින කිහිපය තුළ කටකතාවන්ට වස්තු බීජය වූ යූ ෂිආඕ මෝ හා එක්ව එහි ආවේය. තවද, ඔවුන්ගේ සබඳතාව කෙතරම් සමීපද යත්, ඔවුන් සියල්ලන්ම ඉදිරියේ එක්ව ආහාර ගන්නේය. ඔවුන් අතර කිසිවක් නොමැති බව පැවසීමට තරම් යමෙකු නිර්භීත වන්නේ නම්, නිසැකවම ඔවුන් මරණය තෙක් ශාප ලබනු ඇත.

භෝජනාගාරයේ සාමාන්‍යයෙන් පැවති ඝෝෂාකාරී හා උද්‍යෝගීමත් සල්පිලක්-වැනි වාතාවරණය අසාමාන්‍ය ලෙස නිහඬ විය. ‍යූ ෂිආඕ මෝ කඳුළු නොමැතිව කඳුළු සැලුවේය. ඔහු මෙයට විරුද්ධ නොවූවා නොවේ. නමුත් ලින්ග් ෂිආඕට හමුවේ ඔහුගේ විරෝධතා අසාර්ථක හා නිෂ්ඵල කිතිකැවීම් සේ පෙනුණි.

"ලින්-ශිශියොංග්, අප යළි කුටිය වෙත ගියහොත් කෙසේද?" යූ ෂිආඕ මෝ ප්‍රවේශමෙන් විමසුවේය.

ලින්ග් ෂිආඕ පිළිතුරක් ලෙස ඔහු වෙතට බැල්මක් හෙළමින්, "අප දැනටමත් මෙහි පැමිණි නිසාවෙන්, යළි කුටියට යාම පිළිබඳව ඔබ පවසන මෙවැනි ප්‍රලාප මොනවාද? ගොස් ආහාර ගෙන එන්න, මා මේසයක් සොයාගෙන ඔබ එනතුරු බලා සිටින්නම්."

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWo Geschichten leben. Entdecke jetzt