කළමනාකරු තම අත්ල මත වූ මායා ගුලිය දෙස විස්මිතව බැලුවේය. මෙය පැහැදිලිවම ශක්ති සංකේන්ද්‍රණ මායා ගුලියක් වූ නමුත්, එය සම්පූර්ණයෙන්ම ඒ හා සමාන නොවීය. එය හොඳින් පිරික්සුවහොත් වර්ණයෙන් යමෙකුට එම වෙනස හඳුනාගත හැකිය. මෙම මායා ගුලියෙහි ලා නිල් පැහැය මුල් බෝතලය හා සසඳන විට තරමක් තද විය. ඔහු මෙම සිද්ධිය මින් පෙර දැක ඇත. නමුත් ඒ සියල්ල මධ්‍යම මට්ටමේ මායා ගුලි විය.
මධ්‍යම මට්ටමේ මායා ගුලිවල වර්ණය ස්වභාවිකවම පහළ මට්ටමේ මායා ගුලිවලට වඩා තද පැහැති විය. නමුත් ඔහුගේ අතේ තිබූ මේ ශක්ති සංකේන්ද්‍රණ මායා ගුලිය මධ්‍යම මට්ටමේ මායා ගුලියක් නොවූයේ එහි වර්ණය මධ්‍යම මට්ටමේ වර්ණයට වඩා ලා පැහැති වූ බැවිනි. කළමණාකරු ඉක්මනින්ම සිව්වන බෝතලය අතට ගත්තේය.
එතුළ වූයේ විසුරුම් ඖෂධයයි. ඒවාද තෙවන බෝතලයේ වූ ශක්ති සංකේන්ද්‍රණ ඖෂධය වැනි විය. බොහෝ අත්දැකීම් සහිත තැනැත්තෙකු වූ ඔහු පවා මින් ව්‍යාකූලත්වයට පත් විය. ඒ සියල්ලම පහළ මට්ටමේ මායා ගුලිවුවද, වර්ණයේ වෙනසක් ඇත්තේ මන්ද?
"කීර්තිමත් අමුත්තාණෙනි, මෙය?" තවදුරටත් ඉවසා සිටිය නොහැකිවූ කළමණාකරු අවසානයේදී විමසුවේය.
කළමනාකරුගේ මුහුණේ වූ විස්මිත ඉරියව්ව දුටු යූ ෂිආඕ මෝ බොහෝ වේලාවකට පෙර සැනසුම් සුසුමක් හෙළා තිබුණි. සිය මායා ගුලිවලට වටිනාකමක් හිමි වනු ඇති බව ඉන් අදහස් වේ යැයි ඔහු අනුමාන කළේය. ඔහුට ඒවා තරමක් වැඩි මිලකට විකිණීමට හැකි විය යුතුය.
"මෙම බෝතල් දෙක අනෙක් දෙකට සමාන වන්නේ නැහැ. ඒ සියල්ල පහළ මට්ටමේ මායා ගුලි වුවද, ඒවා හා සම්බන්ධ අවදානම ඉහළ අගයක් ගන්නේ නැහැ. එය සියයට දහයක් පමණයි."
මෙය ඇසූ කළමනාකරු තුෂ්නිම්භූත විය. ඔහු අද්භූත වස්තුවක් දෙස බලන්නාක් මෙන් යූ ෂිආඕ මෝ දෙස බලා සිටියේය. ඔහු කැළඹීමට පත්වී ඇති බවට ඉඟියක්ද දක්නට හැකි විය. මෙම තරුණයා මෙතරම් විස්මිත යමක් තමා වෙත ගෙන ඒ යැයි කියා ඔහු සැබවින්ම සිතුවේ නැත. ඔහු මායා ගුලි විකිණූ අයෙක් වූ නිසාවෙන් සැබවින්ම ඔහු ඒ පිළිබඳව කරුණු කිහිපයක් දැන සිටියේය.
YOU ARE READING
උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුම
Fantasy"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇතැම්විට මිහිරිවන්නේ ඔබේම දෙතොල් විය හැකියි." "එසේනම් ඔබට ඒවා මිහිරිදැයි පිරික්සිය හැකිද? මට එය තහවුරු...