කිසිවෙකු තමාට උපකාර කරනා බව යූ ෂිආඕ මෝට දැනුණි. සිහිමුර්ජා වීමට ප්‍රථම ඔහු යාන්තමට ලින්ග් ෂිආඕගේ රුව දැකගත්තේය.
පමණ ඉක්මවා ආත්ම ශක්තිය භාවිතා කිරීම? එක් බැල්මකින්ම යූ ෂිආඕ මෝගේ තත්ත්වයේ ගැටළුවක් ඇති බව ලින්ග් ෂිආඕට වැටහුණේය. ඔහු ඉන්ද්‍රජාලිකයන් හා ඔවුන්ගේ පිළිවෙත් පිළිබඳව එතරම් දැනුවත් නොවූ බැවින් ඔහු නළල රැළි කළේය. නමුත්, මායා ගුලි නිස්සාරණය කිරීමේදී කෙතරම් ආත්මීය ශක්තියක් ඉතිරිව තිබේදැයි දැනගැනීමේ හැකියාවක් ඉන්ද්‍රජාලිකයන් සතු බව ඔහු දැන සිටියේය. එබැවින්, බොහෝ ඉන්ද්‍රජාලිකයන්, සිය ආත්ම ශක්තිය පහළ මට්ටමකට පැමිණි විට, මායා ගුලි නිස්සරණය නවතා, යළි ඇරඹීමට පෙර උචිත විවේකයක් ලබා ගත්තේය. එසේ නොවුවහොත්, ඔවුන්ට සිය ආත්ම ශක්තිය ක්ෂය වීම හා සුළු කලකට එය සුවපත් නොවීම, දින කිහිපයක් සෙලවීමට පවා නොහැකි වන අයුරින් විඩාවට පත්වීම, වැනි අතුරු ප්‍රතිඵල වලට මුහුණ දීමට සිදුවනු ඇත.
කරුණු එසේ වුවද, මෙහි යූ ෂිආඕ මෝ මායා ගුලි නිස්සාරණයේදී, සැබවින්ම සිය ආත්ම ශක්තිය පමණට වඩා භාවිතා කොට තිබුණි. ලින්ග් ෂිආඕට එය නොවැටහුණද, හෙතෙම ඔහුව ඔසවාගත්තේය. අනපේක්ෂිත ලෙස, මෙම යෞවනයා ඔහු සිතුවාට වඩා සැහැල්ලු විය. ඔහුව සයනය මතින් තැබීමෙන් අනතුරුව, ලින්ග් ෂිආඕගේ දෑස් ඔහුගේ හස්තයේ දැඩි ග්‍රහණයට ලක්වූ මායා ගුලිය වෙත යොමු විය. මෙය එම මායා ගුලියද?
ලින්ග් ෂිආඕ ඔහුගේ ඇඟිලි එකිනෙක දිගහැර මාය ගුලිය ලබා ගත්තේය - ඔහු සොයාගත්තේ ඉතාමත් සුලභ - පළමු මට්ටමේ මායා ගුලියකි. එහි ගැබ්වී තිබූ ආධ්‍යාත්මික ශක්තිය ඔහු දිවි ගෙවූ ස්ථානයේ ශක්තිය හා කෙසේවත් සැසඳිය නොහැක.
නමුත් මෙම පළමු මට්ටමේ මායා ගුලිය ඔහු පෙර දින අනුභව කළ මායා ගුලිවලට වඩා බොහෝ වෙනස් විය. එය දිස්වූයේ එතුළ වූ ශක්තිය වඩාත් පවිත්‍රව හා වඩාත් සංකේණ්ද්‍රගතව තිබූ ලෙසටය. වැදගත්ම දෙය වූයේ පෙරදා ඒවා හා සසඳන විටදී මෙහි අපද්‍රව්‍ය ඉතාමත් අවම වීමයි, එය ඔහුව විස්මිත කළේය. පෙනී යන්නේ මෙම ෂිආඕ ශිදි හට සැබවින්ම ඔහුට ප්‍රසන්න පුදුමයක් ලබා දිය හැකි බවය!
ESTÁS LEYENDO
උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුම
Fantasía"ඔබ මාගේ තොල් සිපගත්තේ කුමටද?" " ඔබේ තොල් මත මී පැණි තැවරී තිබේද? ඒවා කෙතරම් මිහිරිද යත් මට එය අත්හැරිය නොහැකියි." "මගේ තොල් මඳක්වත් මිහිරි නොවේ. ඇතැම්විට මිහිරිවන්නේ ඔබේම දෙතොල් විය හැකියි." "එසේනම් ඔබට ඒවා මිහිරිදැයි පිරික්සිය හැකිද? මට එය තහවුරු...