26. අසාධාරණ කොන්දේසි

59 18 3
                                    

යූ ෂිආඕ මෝට, ලින් ෂිආඕ මුණගැසී තිබුණේ කිහිපවරක් පමණක් වුවද, ඔහු කිසිදින හෙතෙම සිනාසෙනු දැක නැත. ශිමෙයි හෝ මෝ ගු ශිෂු සමඟින් සිටිනා අවස්ථාවක වුවද, ඔහු කිසිදා සිනාසෙන්නේ නැත. එමෙන්ම ඔහු යූ ෂිආඕ මෝව ඇමතූ මෘදු කතා විලාසය. පළමු ඉඟිය මෙය විය.

දෙවන ඉඟිය වූයේ ඔහු භාවිතා කළ වදන්ය. ඔහු සැබෑ ලින් ෂිආඕ වූවා නම්, ඔහු මෝ ගු ශිෂු හා එක්ව නොසිටින බව ඔහු දැන සිටිය යුතුය. එදින උදෑසන හේ පින්ග් නුවරට පැමිණීමෙන් පසු ඔවුන් මේ වනවිටත් වෙන්වී ගොස් අවසන්ය. ඔවුන් යළි එක්වූවා නම් එය සිදුවන්නේ පසුදා උදෑසනය. මින් අදහස්වන්නේ ඔහු ඉදිරිපිට සිටිනා 'ලින් ෂිආඕ' ඔහු මින් පෙර දුටු තැනැත්තා නොවන බවයි.

මෙම තැනැත්තා පැහැදිලිවම තමා ලින් ෂිආඕ බව පිළිගත්තේය. එමෙන්ම ඔහුගේ මුහුණද ලින් ෂිආඕගේ මුහුණට සෑම අතින්ම සමානය. වෙනසකට තිබුණේ ඔහුගේ වස්ත්‍ර පමණකි. උදෑසන ලින් ෂිආඕ ඇඳ සිටියේ කාල වර්ණ ලෝගුවකි, නමුත් දැන් ඔහු සැරසී සිටින්නේ ස්වේත වර්ණ ලෝගුවකිනි. වස්ත්‍ර පමණක් නොව ඔහුගේ හැසිරීම් රටාවද සම්පූර්ණයෙන්ම වෙනස් පුද්ගලයෙකුගේ වැනිය.

ඔහු ඉදිරිපිට සිටිනා ලින් ෂිආඕ රැවටිලිකාරයෙකු වුවද, යූ ෂිආඕ මෝ ඒ පිළිබඳව තකන්නේ නැත. ඔහු දැන සිටි එකම දෙය නම් ස්වේත ලෝගුවෙන් සැරසුණු ලින් ෂිආඕ කෙරෙන් කාල වර්ණ ලෝගුව ඇඳි ලින් ෂිආඕට වඩා දරුණු හැඟීමක් පළවන බවයි.

යූ ෂිආඕ මෝ ගොත ගැසුවේය. "ලි... ලින්-ශිශියොංග්, මාහට කිරීමට තවත් කාර්යයන් ඇති බැවින් මා පිටවී යන්නම්. ඔබව පසුව හමුවන්නම්!"

මෙසේ පවසමින් ඔහු ආපසු හැරී නික්මීමට සැරසුණේ, 'ලින් ෂිආඕ'ට පැවසීමට යමක් තිබූ බව ඔහු නොදුටු බවක් අඟවමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, පියවර දෙකක් පෙරට තැබීමටද පෙර, සිය ගෙල වටා බාහුවක් එතෙනු යූ ෂිආඕ මෝට දැනුණි. ඉන් ඔහුගේ ආශ්වාස කිරීම නැවතුණු අතර ඔහුට හුස්ම ගැනීමට නොහැකි විය. එසැණින් ඔහුගේ දෙපා ඉහළට එසවුණු අතර, ගුවනේ ඉහළට ගොස් වටයක් කැරකුණු ඔහු, 'ලින් ෂිආඕ'ගේ මුහුණට මුහුණලා නැවතුණේය. ඔවුන්ගේ නාස් තුඩු අතර වූයේ සෙන්ටිමීටර පහකටත් වඩා අඩු දුරකි.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now