9. පුරාවෘතගත ආත්මය

60 16 1
                                    

ඊට පසු දින යූ ෂිආඕ මෝ අනෙකුත් සිසුන් සමඟ ප්‍රධාන ශාලාව වූ මායා ශාක ශාලාව වෙත ගියේය. සිසුන් සියලුම දෙනා සෑම දිනකම යායුතු මායා ශාක ශාලාව ප්‍රධාන ශිඛරය පිහිටි වැදගත්ම ස්ථානයයි. ඔවුන්ව එහි රැගෙන ඒම ලී ශිශියොංග්ට පැවරී තිබුණ ද, ඔහුට ඔහුගේ පැවරුම් තිබූ හෙයින් ඔවුන්ට ඉගැන්වීමට කාලයක් නොවීය. දා ශිශියොංග්ට ඒ මොහොතේ විවේකයක් තිබූ නිසා ඔහු එය භාරගත්තේය.

"මේ ඔබලා මෙම දේවල් හා ගැටෙන පළමු අවස්ථාව බැවින් මා බොහෝ සංකීර්ණ දෑ පිළිබඳව කතාකරන්නේ නැහැ. අපි මූලික දෙයින් පටන් ගනිමු. ඔබලා ඉදිරිපිට ප්‍රදර්ශනය කර ඇත්තේ මායා ගුලි නිස්සාරණය කිරීමට අවැසි මායා ශාකයි. ඉදිරියට පැමිණ නිරීක්ෂණය කරන්න."

කතා කරනා අතරතුර ෆැන්ග් චෙන් යුඅ ඔහුගේ පිටුපසින් බඳුන්වල වගා කරන ලද ශාක කීපයක් ගෙන ඔවුන් ඉදිරියෙන් තැබුවේය. අන් සියල්ලන් සේම යූ ෂිආඕ මෝ ද කුඩා බඳුන්වල වූ මායා ශාක දෙස කුතුහලයෙන් බැලුවේය. මායා ශාක යනු මායා බලයක් සහිත ඖෂධීය ද්‍රව්‍ය සඳහා භාවිතා කරන පොදු නාමයකි. නමුත් සියලුම මායා බලයක් සහිත ඖෂධීය ද්‍රව්‍ය ශාක නොවීය. උදාහරණයක් ලෙස එහි වම් පසින් වූ දෙවන කුඩා බඳුන්ගත ශාකය පළමු මට්ටමේ මායා ශාකයක් වූ ශාන්ත මනසේ පුෂ්පය (Peaceful Mind Flower) විය.

ෆැන්ග් චෙන් යුඅ ඔවුන්ට පළමු මට්ටමේ මායා ශාක හඳුන්වාදුන්නේය. ඉන්ද්‍රජාලිකයන් සේම මායා ශාකද විවිධ අවධි අනුව වර්ගීකරණය කර තිබුණි. පළමු අවධියේ සිට දොළොස්වන අවධිය දක්වා. මායා ශාකයේ අවධිය ඉහල යනවාත් සමඟම ඉන් නිෂ්පාදනය කෙරෙන මායා ගුලියේ අවධිය ද ඉහළ ගියේය. එයට ඉන්ද්‍රජාලිකයාගේ අවධියද බලපෑවේය.

පහත් තලයේ ඉන්ද්‍රජාලිකයන්ට නිස්සාරණය කළ හැකි වූයේ පළමු අවධියේ සිට තුන්වන අවධිය දක්වා වූ මායා ගුලි පමණි. මධ්‍යම තලයේ ඉන්ද්‍රජාලිකයන්ට පළවන අවධියේ සිට සයවන අවධිය දක්වා වූ මායා ගුලි නිස්සාරණය කළ හැකි විය. උසස් තලයේ ඉන්ද්‍රජාලිකයන් ගැන පැවසුවහොත් ඔවුන් ලොන්ග් ෂිආන්ග් මහද්වීපය තුළ බොහෝ ඊර්ෂ්‍යාවට භාජනය විය. එමෙන්ම මෙය ඉතාමත්ම ඉහළ ආදායම ලැබෙනා රැකියාව විය. කෙසේ වුවද මායා ගුලියේ අවධිය ඉහළ යනවාත් සමඟම, මායා ගුලි නිස්සාරණය සාර්ථකවීමේ අනුපාතය පහළ ගියේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමOnde histórias criam vida. Descubra agora