54. ලැයිස්තුවෙන් ඉඩක්

42 3 0
                                    

"මා හට අසන්නට ලැබුණා චාඕ ශිෂු පවසනවා ඔබ මේ මස තුළ එතරම් මායා ගුලි නිස්සාරණය නොකළ බව. කුමක් හෝ සිදුවූවාද?" ඔහු දෙස සන්සුන්ව බැලූ කොන්ග් වෙන්ගේ දෑස් ඔහුගේ දකුණු පාදය කරා පහත වැටුණි. ඔහු සාමාන්‍ය ලෙස ඇවිදිනු දුටු හෙතෙම, ඒ පිළිබඳව නොවිමසා, හුදෙක් මායාගුලි නිස්සාරණය පිළිබඳව පමණක් විමසුවේය. ඔහු ඔහුගේ ශිෂු වූ නිසාවෙන් මෙය සාමාන්‍ය විය.

යූ ෂිආඕ මෝ බොහෝ කලකට පෙර මෙයට සූදානම්ව සිටියේය. සත්‍ය වශයෙන්ම ඔහු පසුගිය මසට සාපේක්ෂව මේ මස තුල නිස්සාරණය කළේ මායා ගුලි ස්වල්පයක් පමණි. සැබවින්ම ඒ ඉන් අඩක් හෝ නොවීය. චාඕ ශිෂුගේ ගැටළුව හැරුණුකොට, ඔහුගේ ශිෂු වූ කොන්ග් වෙන් හට මෙය වඩාත් ගැටළුකාරී වූයේ, බොහෝ දුරට කොන්ග් වෙන් ඔහුව සිය සිසුවෙකු ලෙස භාරගත්තේ මෙම හේතුව නිසාවෙන් වූ බැවිනි.

මේ වන විටත් සිය නිදහසට කරුණ පිළිබඳව සිතා තිබූ යූ ෂිආඕ මෝ වහා ආචාරශීලීව පිළිතුරු දුනි. "ශිෆු, මින් පෙර ඔබේ සිසුවා මායාගුලි නිස්සාරණය කිරීමේදී සීමාව ඉක්මවා කටයුතු කළා. ප්‍රතිඵලය වූයේ උනන්දුව තිබුණද එය කිරීමට ශක්තියක් නොමැති වීමයි. සිරුරට මෙය දරාගත නොහැකි වේයැයි ඔබේ සිසුවා තැවෙනවා. එබැවින් ඔහු මඳක් මන්දගාමී වීමට තීරණය කළා."

දිනක් තුළ මායා ගුලි සියයකටත් වඩා නිස්සාරණය කිරීම සැබැවින්ම බෙහෙවින්ම අසාමාන්‍ය විය. මේ වනවිට ඔහුගේ වේගය අඩාල වී තිබූයෙන්, ඔහු ඊට සුදුසු නිදහසට කරුණක් සොයාගත්තේය.

ඔහු පිළිබඳව සැක නොකළ කොන්ග් වෙන්ද, හිස වනමින් මෙසේ පැවසීය. "මායාගුලි නිස්සාරණය කිරීමේදී යමෙකු ස්ථාවර ලෙස ඉදිරියට ගමන් කරමින්, නිසැක, ප්‍රතිඵලදායක ලෙසින් කටයුතු කළ යුතුයි. ඔබ මින් පසු මෙය සිහි තබාගත යුතුයි."

"මේ සිසුවා හෘදයාංගමව ශිෆුගේ අනුශාසනාව පිළිගන්නවා!" යූ ෂිආඕ මෝ බෙහෙවින්ම ආචාරශීලී හා උද්‍යෝගීමත්විය.

තෘප්තිමත්ව හිස සැලූ කොන්ග් වෙන්, ඉන්පසු ඔහුට තමා ඉදිරිපිට වූ පහත්ම ආසනයේ අසුන් ගැනීමට සැලැස්වීය. මෙය සකසා තිබුණේ ජ්‍යෙෂ්ඨත්වයේ පිළිවෙලටය. යූ ෂිආඕ මෝ යනු නවක මෙන්ම ලාබාලතම සිසුවාය. ඉහළින් සිටි සියලු දෙනා ශිශියොංග් හා ශිජිඅ විය. ඔහු අවසන් ස්ථානයේ අසුන් ගැනීම සාධාරණය.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 17 ⏰

Add this story to your Library to get notified about new parts!

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමWhere stories live. Discover now