32. ප්‍රධාන ශිඛරයේ සිසුවා

49 16 1
                                    

සැබවින්ම ලින්ග් ෂිආඕට ටියෑන් ෂින් නිකායේ ආත්ම පුහුණු අත්පොත සොරකම් කළ නොහැක. එම ආත්ම පුහුණු අත්පොත තබා තිබුණේ නැගෙනහිර මණ්ඩපයේ ඉහළම තලයේ ය. එය, පසුබිමේ සිට කටයුතු කිරීම සඳහා විශ්‍රාම ගිය, ටියෑන් ෂින් නිකායේ ජේෂ්ඨයන් විසින් ආරක්ෂා කෙරිණි. ඔවුන් සෑම අයෙකුටම විශාල ශක්තියක් තිබුණි. නමුත් ඔහුට එම ආත්ම පුහුණු ක්‍රමවේදයේ අත්පොත ලබාගත නොහැකි බව මින් අදහස් නොවීය. නමුත් එම අත්පොත සොරකම් කරනු ලැබුවහොත්, එය නිකායේ විශාල කලබලයක් ඇති කරනු ඇත.

එම ආත්ම පුහුණු අත්පොත ටියෑන් ෂින් නිකායට ඉතාමත් වැදගත් වස්තුවක් සේ සැලකුණු හෙයින්, ඒ පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලුණි. එම සොරකම පිළිබඳ එළිදරව් වූ විට, ඔවුන්ගේ නිකාය තුළ ද්‍රෝහියෙකු සිටිනා බව ටියෑන් ෂින් නිකාය නිසැකවම සැක කරනු ඇත. එවිට එම පසුබිමේ සිටිනා මහල්ලන් නිසැකවම පැමිණ සිසුන් සියල්ලන්වම පිරික්සනු ඇත. මෙය ඔහුට බොහෝ කරදරකාරී වනු ඇත. එමෙන්ම යූ ෂිආඕ මෝටද බොහෝ රහස් ඇති බවක් පෙනුණි. එබැවින්, ආත්ම පුහුණු අත්පොත සොරකම් කිරීම අයහපත් උපායකි. ඔහු අවසාන සැලැස්ම ලෙස මිස අන් කවර විටෙකත් මෙම ක්‍රමවේදය තෝරා ගන්නේ නැත.

නමුත් ඔහු මේ වන විට යූ ෂිආඕ මෝට ආත්ම පුහුණු ක්‍රමවේදයක් ලබාදෙන බවට පොරොන්දු වී ඇත. විශ්වාසදායක තැනැත්තෙකු ලෙස, ඔහු පැවසූ දෙය කළ යුතුය. එබැවින් ඊට පසුදින, ලින්ග් ෂිආඕ කඳු පාමුලට ගොස් ඇති බව යූ ෂිආඕ මෝට අනෙකුන්ගෙන් අසන්නට ලැබුණි.

පෙරදින, ඔවුන්ගේ සාකච්ඡාවට පසු, මඳ වේලාවක් එහි රැඳී සිටි ලින්ග් ෂිආඕ, මායා ගුලි විස්සක් සමඟ පිටවී ගියේය. එබැවින් යූ ෂිආඕ මෝ සතුව මායා ගුලි තිහක් ඉතිරිවිය. ඔහු මීළඟ වතාවේ කඳු පාමුලට ගියවිට එම මායා ගුලි විකිණීමට තීරණය කළේය. එය විශාල ප්‍රමාණයක් නොවුවද, එය ඔහුගේ මුදල් පසුම්බිය සිඳී යෑම වළකනු ඇත.

ලින්ග් ෂිආඕ කඳු පාමුලට ගියේ මන්දැයි සිතූ යූ ෂිආඕ මෝ, ඔහු ආත්මය පුහුණු කිරීමේ ශිල්ප ක්‍රමය සෙවීමට ගිය බව සිතුවේය. එය ඔහුට කිසිසේත් අදාළ වන කරුණක් නොවූවද, ලින්ග් ෂිආඕ එය සෙවීමට උපකාරී කරනා බව සිතූ විට ඔහුගේ හද තුළින් මඳ වරදකාරී හැඟීමක් හටගත්තේය. නමුත් ආත්ම පුහුණු ක්‍රමවේදය ලබා ගැනීමෙන් පසු ඔහුට පෙරටත් වඩා මායා ගුලි නිස්සාරණය කිරීමට හැකි වනු ඇති බව සැළකූ විට, එම වරදකාරී හැඟීම සෙමෙන් පහව ගියේය.

උතුමාණන්ගේ සොඳුරිය - 01 වෙළුමOnde histórias criam vida. Descubra agora