..
..
..
ලස්සන ගම් පලාතක්......හරියට සුරන්ගනා කතාවක තියෙන්වා වගේ.....කදු යායකින් වට උනු , ටිකක් විතර සීතල ඒත් ජීවත් වෙන්න ආස හිතෙන පැත්තක්...එක කාලෙකට කොල පාට නැත්තටම නැති වෙලා ගිහින් තැඹිලි පාට ඉදුනු කොලවලින් ගස් පිරිලා යද්දි තවත් කාලෙකට සුවද මල්වලින් වගේම පලවලින් ඒ ගස් පිරිලා යනවා.....නිවාඩුවක්වත් ගන්නෙ නැතුව පාවෙලා යන වලාකුලු එක්ක චුට්ටන් කුරුල්ලොත් ඔන්න සින්දු කියන ගමන් පලතුරු කන්න අතුවල වහනවා.....ඔය අතරෙදි ඒ චූටි හොටෙන් ගිලිහිලා යන සමහර පලතුරු හුලගත් එක්කම පාවෙලා වගේ ගිහින් පහතින් ගලාගෙන යන ගගට වැටෙනවා...ගඟ සීතලයි....කදුරකරය නිසා තියෙන මීදුමත් එක්ක අතවත් දාන්න බැරි තරමට ඒ ගඟ පුදුම සීතලයි....ගඟෙන් මේ ගමේ ගෙවල්වලට වතුර ගත්තත් රෙදි හෝදන්න පවා වතුර උනු කරලා ගන්න වෙන තරමට මේ වතුර සීතලයි.....
ඉතින් සීතල ගඟ ගැන අමතක කලොත් මේ ගමේ මිනිස්සු කදු කපලා වගා කරලා තමන්ගෙ පාඩුවෙ ජීවත් උනා.....කාගෙන්වත් බළපැමක් නැතුවම එක යායෙට හැදිලා තියෙන වයලට්..ලීලි...ඩේසි...බටර්කප් වගේ එක එක පාට සුවද ගහන මල් වර්ග එක්ක මේ ගමට තිබ්බෙ ඇත්තටම සුරන්ගනා ලෝකෙක තියනවා කියන්න පුලුවන් තරමේ ලස්සනක්...බලන් ඉන්න ආසයි.....විදින්න ආසයි...මේ නිස්කලන්කකම ...දැනෙන සැනසීම....නිහඩකම......
ඈ....හ්හ්....මං කිව්වෙ නිහඩකම කියලද....ඒ එක්කම මං සැනසීමත් කියලා කිව්වද...උප්ස්!!!...ප්රින්ටින් මිස්ටේක්....හදාගන්න හාද....
ඔන්න ඉතින් ගම ලස්සන උනත්...හුගක් හොද මිනිස්සු ජීවත් උනත් වැඩක් නෑ ....කිව්වත් වගේ මේ ගමේ තිබ්බ නිහඩකම , සැනසීම නැති කරලා දාන්න පුලුවන් තරමේ දෙයක් අවුරුදු ගානකට පස්සෙ පහල වෙලා තිබ්බා ...නෑ ඉතින් පහල උනා කියන්න නැති වෙලා තිබ්බෙත් නෑ...ඒ කොහොම උනත් මේ හින්දා අර තමන්ගේ පාඩුවෙ වගාවක් කරන්, අදුනන කෙනෙක් එක්ක චීත්තයක් හෝදන් හිටිය ගමේ බෝසත් වැසියන්ට නම් ලේ පුච්චගන්නවා හැර වෙන වැඩක් නොතිබුනු තරම්.......
අනේ ඉතින් සූර පප්පයි , ජිම් පප්පයි වෙද පප්පගේ....න්න්න්.....ඌප්ස්...සොරි සොරි ප්ර්රින්ටින් මිස්ටේක්.....හී..හි...
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."