..
..
..
බෝබෝ....................
එයා කකුල් දෙක එකට ලන් කරගෙන උකුල උඩින් අත් තියාගෙන වාඩි වෙලා හිටියා....ඒ ඔලුව පාත් වෙලා තිබ්බේ ...ඔලුව උස්සන්න පුලුවන්කම තිබ්බත් එයා යටි තොල හපාගෙන එයාගේ ඇස් හංගගන්න හැදුවා....ඇස් තදින් වහගෙන එයාට මොනවත් පේන්නෙ නෑ කියලා හිතන්න හැදුවා...ඒත්බෑනේ ...බෝබෝගේ ඉස්සරහ තිබුනු ටේබල් එක උඩ තියෙන බියර් ටින් වැලත්..සායම් ගහලා හෝදපු ලැප් එක, රතු පාට උනු බුරුසුව, ජරා කරපු අලුත්ම කමිසෙ, පාට දාපු වතුර බොන ජෝගුවත් එක්කම කාටත් හොරෙන් බිදලා දැම්ම පෝසිලේන් පිගානක කෑලිත් නිසා බෝබෝට කීයටවත් ඇස් පියාගන්න නම් හම්බුනේ නෑ.....ඇස් පියාගත්තත් ඔෆිසර්ට හැමදේම තේරුම් කරලා යන්න ගියපු වෙලාවෙ ඉදන් ජාන්ගේ ඇස්වල තිබ්බ කේන්තිය නම් අමතක කරන්න බැරි උනා.....
..තව මොනාද ආහ්...
යීබෝට මූන ලා වාඩිවෙලා හිටිය ජාන් කේන්තියෙන්ම අහද්දි එයා කලේ තවත් මූන හංගගත්ත එක.....
..ඔලුව උස්සලා බලනවා යීබෝ...!!
මේ ටික විතරක් නම් කමක් නෑ...ඒත් අර පූසා...මොන මගුලකටද එහා ලේන් එකෙන් පූසෙක් උස්සන් ආවේ...ඒකත් අර ආව ඔෆිසර්ගෙම පොඩි කොල්ලගෙ පූසව...ඔලුව කොහෙ හරි වැදිලද ඉන්නෙ ආහ්.... තව ටිකේන් මට හිරේ ලගින්න වෙනවා..දගයි කියලා ඔහොමත් දඟ වැඩ කරනවද...ඉගෙන ගන්න ළමයෙක් නේද..මොලයක් කියලා නාමයක් නැද්ද....ඌප්ස්...අද නම් ජාන්ට ගොඩක් තරහා.ගිහින් වගේ...ඔව් ඉතින් තරහා යන්නෙ නැද්ද දවස ඉවර වෙන්නත් කලින් මේ උනු දේවල්වලට....වෙන මනුස්සයෙක් නම් බෝබෝට ගහලා....ටිකක් හරි ඉවසීම හොද නිසා ජාන් මෙහෙම ඉන්නේ.....කොහෙද ඉතින් අපේ බෝබෝත් දන්නෙ නෑ ජාන්ව ශේප් එකේ තියාගන්න....
ජාන් බනිද්දි බෝබෝ එයාගෙම කොට කලිසමේ දාරය ඇගිලිවලින් කොනිති ගහන්න ගත්තා....එයාට ජාන් දිහා බලන්න බයයි.....කවදාවත් ජාන් මේ තරම් තරහා අරන් ඉන්නවා දැකලා නැති නිසා බෝබෝට හුම් කියන්නවත් බයයි....ක්රිස්ටල් නැති නිසා නම් ජාන් කරපු ඒවට බෝට ගහන එකක් නෑ...ඒත් ඉතින් වෙන්න පුලුවන් නරකම දේ ගහන එක විතරක් නෙවේනේ..ඊට වඩා දේවලුත් වෙන්න පුලුවන් නේ...
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."