..
..
..
ජාන්ගේ ඇස් ලොකු වෙලා කටත් ඇරිලා මූන සුදුමැලි වෙන්න ගියේ තප්පරයයි....
හාද්දක් දෙන්න...
ඒකත් ගෙම්බෙක්ට....
ජාන් ආයෙමත් හුස්ම උඩට අල්ලන් හිර කරගෙන බැලුවේ ෆ්‍රෝගී දිහා...ඌත් ඉන්නවා....යස අගේට කුමාරයෙක් වගේම ආඩම්බරකාර මූනකින්...
..ක්‍රෝක්ක්....
..ආ..හ්හ්හ්.....
ජාන් ආයෙම කෑ ගැහුවා....හාද්දක් ඉල්ලපු යීබෝ ගෙම්බව තව තවත් ජාන්ට ලන් කරද්දි එයා අත් දෙකෙන්ම කට වහගෙන මහ සද්දෙන් කෑ ගැහුවා....ගෙම්බෙක්..හාද්දක්...දෙයියනේ ඒ අසරනයා මැරිලා යයි....
..ඇයි අප්පා කෑ ගහන්නෙ අන්කල් ජාන්...ඔන්න ඔහෙ හාද්දක් දීලා දාන්න අප්පා...අක්කලා සීයකට විතර උම්මි දීලා ෆ්‍රොගීට විතරක් එකක් දෙන්න බෑද...මොකක්ද අප්පා...ඔයා මහ ඕන්නෑනේ...
..යීබෝ...හ්හ්හ්හ්....
ජාන් අත් දෙකෙන් කටත් වහන් බිරාන්ත වෙලා කෑ ගහද්දි යීබෝ නම් කලේ පන්ඩිත රාල වගේ කටත් හදාගෙන තවත් ෆ්‍රොගියව වනපු එක...එක්කො දැන් ඔය වනන වැනිල්ලට ඒකා චූ කරනවා නැත්නම් බයටම ජාන්ට චූ යනවා.....
..ඔහොම නම් බෑ අන්කල් ජාන්...මේක කරන්න පුලුවන් ඔයාට විතරයි ...ශියෝ කියන්නෙ රජ පරපුරෙන් පැවත එන පවුලක්...දේපල රජයට පවරලා තිබ්බා උනාට ඔයත් රජ කුමාරයෙක්...රාජ ආණ්ඩු ක්‍ර්මය තිබ්බ නම් ඔයයි අපේ රජතුමා වෙන්න ඕන අන්කල් ජාන්....ඒත් දැන් ඒක නෑනෙ..ඒ උනාට ඔයාට ඒ අයිතිය ලේවලින් තියනවා...ඔයා කුමාරයෙක් අන්කල් ජාන්...කුමාරයෙක්...ඔයාට විතරයි පුලුවන් මේ ශාපේ මුදවලා ෆ්‍රොගීව ආයේ කුමාරයෙක් කරන්න...අපි ඒක කරමු අන්කල් ජාන්..අපිට ඒක පුලුවන් ...ෆයිටින්ග්...
යීබෝ එක අතක් මිටි මොලවලා යුද්දෙකට යන්න වගේ ගැම්මකින් කියද්දි ජාන්ගේ මූන නම් තිබ්බෙ අනේ මාව මරපන් වගේ අසරන බැල්මකින් වැහිලා...පවු දෙයියනේ කොහොම හිටිය මනුස්සයෙක්ද...නැගිටගන්නවත් බැරිව කොල්ලෙකුයි ගෙම්බෙක්ටයි මැද්දෙ හිර වෙලා....දුක නෑ මේක කිව්වත් වගේ යටගිය බරනැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කාලයක් උනා නම්......මේ ඉන්නෙ ඇත්තටම කුමාරයෙක් කියලා හිතන් ජාන්ට හාද්දක් දෙන්න තිබ්බ....ඒත් දෙයියනේ මේ විසි එක්වෙනි සියවස..මේ කාලේ කොහෙන්ද කොස්සක් උඩ නැගලා මන්තර පොල්ලෙන් පොඩි දරුවො පැහැරන් එන බට කොල ආච්චිලා ඉන්නවා වගේ කතන්දර.... ඇයි මේ වසවර්තියට ඒක තේරුම් ගන්න බැරි...
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."