32~Mission💛

521 147 50
                                    

..

..

..





නිවාස අඩස්සිය...

ම්හ්ම්...

අපේ යීබෝ...

එයා තාම ඇතුලේ නේද....

හහ්...මොන පිස්සුද.....

කොල්ලා ඔය යස අගේට ඉන්නේ...





..අම්මියේහ්හ්.....කෝ අයියෝ...





නිවාස අඩස්සියේ හිටිය කොල්ලා යස අගේට එලියට පැනලා ඔංචිල්ලාවේ ඉදගෙන කෑ ගහනවා...රන්ඩුව නිසා එයාට ස්කූල් එන්නත් එපා කිව්වා සතියක් යනකම්....එකාතකට ඒකත් නිවාස අඩස්සියේ දාන්න හෙතුවක් උනා...නීතිය නම් දැම්මේ ක්‍රිස්ටල් උනත්...එයා අඩලා අඩලා එලියට බැස්සා......බැස්සා නෙවේ පැන්නා....බෝබෝ හොටු පෙරන ගමන් හුස්ම ගන්න බෑ වගේ අඩද්දි ක්‍රිස්ටල්ට නම් කොහොමත් නීති ටික බුරුල් කරන්නෙ නැතුව ඉන්න බැරි උනා...


දැන් ඉතින් මේ කෑ ගහන්නේ කුරියර් එකෙන් ඇවිත් පාර්සලයක් බාර දෙන්න ගෙදර වැඩිහිටියෙක් හොයන නිසා..උස ගියා කියලා ඉතින් කොල්ලට ඕවා බාර ගන්න බෑනේ.....

ක්‍රිස්ටල් ඇතුලෙ ඉදන් එන්න ටිකක් පරක්කු වෙද්දි යීබෝ චිප්ස් පැකට් එක අතේ තියාගෙන ඔන්චිල්ලාවෙ දෙපැත්තට පැද්දෙන ගමන් හිටියා...එයා ඒ ගමන්ම කුරියර් එක දෙන්න ආව පිරිමි කෙනාව ටිකක් ඇස් දෙකෙන් ස්කෑන් කලා...ම්ම්..එයා ටිකක් මැදි වයසෙ වගේ....හැබැයි ඉතින් යුනිෆෝර්ම් එකට දාපු කැප් එක එක්ක එයාට අමුතුම ලස්සන පෙනුමක් එකතු වෙලා තිබුනා.....ඇගත් හොදට තියෙනවා...ජිම් යනවද කොහෙද ..අත්වල නහරත් පෑදිලා...බයත් හිතෙනවා හැබැයි ඒ පෙනුමට නම්...



යීබෝ කරස් කරස් සද්දෙට චිප්ස් පැකට් එක ඉවර කරන ගමන් ඇස් යටින් බැලුවා...ගේ ඇතුලෙ ඉදන් ආව ක්‍රිස්ටල් අත්සන් කරලා මොකක්ද පාර්සලයක් බාරගන්න හැටියි...ජිම්කාරයා ඒක බාරදුන්නා කියන්න මාර්ක් කරගන්න හැටියි කොල්ලා බලන් හිටියා....එක ඇහි පිල්ලමක්වත් ගහන්නෙ නැතුව....හරියට ෆිල්ම් එකක ස්ලෝව්මෝශන් වර්ශන් එකෙන් වගේ දැනෙන නොදැනෙන තරම් ගානට චිප කටට දාගෙන යීබෝ ඒ දිහා හුස්මක්වත් නොගෙන විමසිල්ලෙන් බලන් හිටියා...

⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Where stories live. Discover now