02~Juice 💛

1.2K 258 52
                                    

..

..

..

තවමත් ඉරිදා දවසමයි....ඒ උනාට ටිකක් දවල් වෙලා...ඉර මුදුන් වෙලා තිබ්බත් සීතල කාලගුණය නිසාම ලොකුවට ඒක දැනුනේ නෑ....යාන්ත්මට වැටුනු ඉර එලි එක්ක සීත කාලේ ගුනේ හුරු වෙලා නිසාම මිනිස්සු තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන කාලේ ගත කරන ගමන් හිටියා...

යාහ් යාහ්...දන්නවා ප්‍රින්ටින් මිස්ටේක්....පපියෙක් වගේ කොල්ලෙක් ඉද්දි කාටද දෙයියනේ පාඩුවේ ඉන්න පුලුවන් .....වැරදීමකින් ඕන් දවල් කාලේ නිදාගත්තොත් මිසක ජීවිතේට දෙපැත්තෙන් තිබ්බ ගෙවල්වල මිනිස්සුන්ට නම් සැනසීමක් ලැබුනේ නෑ ...අද ඉතින් ඉරිදනේ...කොහොමද එහෙම පාඩුවෙ ඉන්නේ.....ඉරිදා තියෙන්නෙ විනෝද වෙන්නලුනේ....පිස්සුවක් ඇතැයි පැත්‍තකට වෙලා,ෆෝන් එකට මූන ඔබන් කාලේ කන්න....හරියට අන්කල් ජාන් වගේ.......




..කෝ මෙයා ..

යීබො නම් හිටියේ ඒ පැත්තට බෙල්ල දානගමන්....නිකම් නෙවේ වත්තෙ තිබුනු ලොකු ගහක අත්තක බැදපු ටයර් එකෙ එල්ලෙන ගමන්.....ටයර් එකේ එල්ලිලා පිටිපස්සට ගිය යීබෝ ඒක ඉස්සරහට එනකොට බෙල්ලත් උලුක් කරන් ජාන්ගේ ගේ දිහා බැලුවා......ආයෙමත් පිටිපස්සට යද්දි බෙල්ල උස්සලා ශාවෝගේ ගෙදර දිහා බැලුවා......ශාවෝ නම් පේන්න නෑ....එයා ගෙදර අයත් එක්ක කොහෙදෝ ගිහින් ..ඉතින් බෝබෝට කම්මැලි හිතිලනේ...වද දෙන්න ඉන්නේ ජාන් විතරයි නම් කොහොමද පාඩුවේ ඉන්නේ...බෑනේ නේද......

..හ්ම් ..හ්ම්....



මේ කොල්ලට ගානක් නෑ......තාත්තා එහෙම නැත්නම් මිස්ටර් වන්ග් බීලා අයින් කරන බියර් ටින් එකතු කරලා යීබො ගහේ අතුවල එල්ලලා තිබ්බා...එයා පැද්දෙන වේගෙට අර බියර් ටින් එකත් එකට හැප්පෙන ගමන් මහ කරච්චල හඩක් නැගුවා..ඒත් ඒ සද්දෙට යීබෝ ආසයි....කොහොමත් හැම කෙනෙක්ම එකම දේට කැමති වෙන්නෙ නෑනේ...ඒක යීබෝගේ කැමැත්‍ත....එයා ආසයි හැමතැනකම ඒවා පාට පාටින් එල්ලෙනවා බලන්න...හුලගට වැනෙද්දි ඇහෙන සද්දෙට කන් දෙන්න...ඒ හින්දමයි එයා අන්කල් ජාන්...ඕහෝ ..ප්‍රින්ටින් මිස්ටේක් කියමු...එයාට තාම තිස් දෙකයිනේ...වැඩි වයසක් නෑනේ....යීබෝ ජාන්ට බියර් ටින් ටික ගිහින් දෙන්න හැදුවෙත් වත්තෙ එල්ලගන්න...කෝ ඉතින් එයා ඒක ගත්තෙ නෑනේ....



⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)Onde histórias criam vida. Descubra agora