..
..
..
ඒක හරියටම හැන්දෑවක්.....ශාවෝව හොස්පිටල් ඇඩ්මිට් කරපු දවසමයි තාමත්....අහස දම් පාටකටත් , රතු පාටකටත් හැරිලා තියෙන මොහොතක ජාන් නම් හිටියේ බරටම ෆයිල් ගොඩකට යට වෙලා....ඕෆ් වෙලා යන්න වෙලාව හරි උනත් ඒකවත් එයාට ගාණක් තිබුනෙ නෑ....ෆයිල් තුන හතරක් පෙරලගෙන මොනවදෝ කලබලෙන් වගේ හොයන්න ගත්තා...ආයෙම ඒක ලැප් එකෙන් බලන ගමන් මොනවදෝ ටයිප් කලා...ලොකු වැඩක් වෙන්න ඇති.....සැරින් සැරේට ඇරෙන දොරින් ශුවානුත් ඇවිත් ෆයිල් වගයක් පෙන්නලා කලබලෙන්ම අත්සන අරගෙන යද්දි වැඩ අස්සෙම ජාන්ට හුස්මක්වත් ගන්න වෙලාවක් තිබුනා කියලා පෙනුණේ නෑ...
එයාගේ බ්ලේසර් එක පුටුවෙ ඇන්දෙ රැදිලා..කමිසෙ අත් වැල්මිට ගාවට වෙන්කම්ම් නැවිලා...ඒසි තිබුණත්...දාඩියට පෙගුනු කොන්ඩෙ ඔහේ අවුල් වෙලා කපුටු කූඩයක් වගේ මූනට වැටිලා......විඩෙන් විඩේ එයා මහන්සියට් වගේ ඇස් පොඩි කරගන්න ගමන් ඔලුව දෙපැත්තට ගැසුවා...මේසෙ උඩ තිබුනු වතුර බෝතලේ අන්තිම උගුරත් බීල ඇගිලිතුඩුවලින් කොන්ඩෙ උඩට කරගත්තා....බර හුස්ම්ක් හෙලලා කමිසෙ බොත්තම් දෙකක් ගලවගත්තා......
ඊට පස්සෙ ආයෙම වැඩ......
..දැන් ඕෆ් වෙන්න ජාන්...
බොස් පනිවිඩේ එවනකම්ම ජාන් එතන....ඔය කිව්ව විදිහට එකපාරටම වැඩ නවත්තල යන්න බැරි නිසා තව පොඩි වැඩ වගයක් කරලා ෆයිල්ස් ටික කබඩ් එකට දාලා ලොක් කරලයි එයා යන්න නැගිට්ටේ..ඒ එක ෆයිල් එකක පේපර් එකක් හරි නැති උනොත් ජාන්ට විතරක් නෙවෙයි කම්පැනි එකටත් වෙන්නෙ ලොකු පාඩුවක්...
නැගිට්ටා උනත් එයාට දැන් ඇවිදගන්නවත් පන නෑ...පැය ගාණක් එක දිගට වාඩිවෙලා හිටිය නිසා කකුල් හිරි වැටිල...ජාන් කාර් එක ලගට ගියෙත් වැනි වැනීම වගේ....සීට් එකෙන් වාඩි වෙලා සීට් බෙල්ට් එක දාගත්තු එයා ඔලුව හේත්තු කරගෙන ඉඳලා බර හුස්මක් පහත දැම්මා......ස්ටෙයාරින් වීල් එක අල්ලන්නවත් බැරි තරමට එයාට මහන්සී.....ජාන් විඩෙන් විඩේ වැහෙන්න එන ඇස් දෙක පොඩි කරගන්න ගමන් හරි අමාරුවෙන් කාර් එක අරගෙන ගියා....කාර් එක වත්තට දානකම්වත් ජාන්ට හරි සිහියක් තිබුනේ නෑ ....වෙනදට ෆෝන් එක දිහාම බලන් ඩ්රයිව් කරන එයා අද ෆෝන් එක තිබ්බෙ කොතනවත් බලන්නෙ නැතුව නින්දෙන් ඇවිදිනවා වගේ දොර ඇරගෙන ඇතූලට ගියා.....
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."