[ ඕලෙවල්වලට හිර උනු නිසා ස්පෙසල් දෙන්න බැරි උනාට මේ ලමයට සමාව දෙන්න හරිත...😁]
..
..
..
ඔන්න එකෝමත් එක කාලෙක සුරංගනා කතාවක වගේ ලස්සන නගරබද ගමක් තිබුනලු...ආහ් නෑ ගම්බද නගරයක් තිබුනලු...ඔය දෙකෙන් මොකක් හරි....ඉතින් මේ ගමේ සුරංගනා කතාවල තියෙනවා වගේ නපුරු රාක්ශයෙක්වත්.....එක්ටැම් ගේක හිර කරපු කුමාරිකාවක්වත් හිටියෙ නෑලු...ඒ වෙනුවට ඒ ගමේ ජීවත් උනේ සාපෙකට අහු උනු ගෙඹි පැටියෙකුයි ඒ සාපේ මුදවන්නම ඉපදුනු කුමාරයෙකුයි....
ඉතින් කුමාරයා ගෙඹි පැටියගේ සාපේ නැති කරලා දාලා එයාව ලස්සන පොඩි කුමාරයෙක් කලාලු...අන්තිමට ඒ දෙන්නා ආදරේ කරලා කසාද බැන්දලු....සුරන්ගනා කතාවල වගේ සුරදූතියෝ එක්ක මල්වලින් පිරුනු හද එළියෙන් නෑවුනු විවාහ උත්සවයක් නැතත්...අල්තාරයක් උඩ එයාලා එයාලගෙම උනාලු......දැන් ඉතින් මේ ඒ කුමාරයෝ දෙන්නා එයාලගෙම වෙන්න අවුරුදු ගානක් බලන් හිටිය මොහොත වෙනුවෙන් කා එකක් ඇතුලෙ කතා බහ කරනවලු..
ආහ්...
කතා බහ කරනවා..??..
පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න...
මොනා කතා බහද....එයාලා රන්ඩු කරනවා....!!!!!!!....
..බෝබෝ මං කිව්වනේ මට බෑ...!!!..
..දැන් මොනාද බෑ කියන්නෙ අන්කල් ජාන් ආහ්....ඔයා කිව්වා...එදා රෑ ඩ්රින්ක් අරන් ඉද්දි කිව්වා බෝබෝට ටොප් වෙන්න දෙනවා කියලා...
..නෑ නෑ ඒ මං නෙවේ මං එහෙම දෙයක් කිව්වෙ නෑ....
..නැ නෙවේ ඔයා කිව්වා අන්කල් ජාන්..!!...
අසරනයා අත් දෙකෙන්ම කන්දෙක වහන් කෑ ගහනවා...හරියට අර හින්දි ෆිල්ම්වල නිලියෝ ඔලුවෙ අත ගහගෙන 'නහී නහී' කියලා ලතෝනි දෙනවා වගේ...පැයකට කලින් ඒ මූනේ තිබුනු සතුට දැන් හොයන්නවත් නෑ...ඒ වෙනුවට ඒ මූනේ තිබුනේ දැන් ආතර්ගෙ මූනට වතුර බාල්දියෙන් ගැහුව මර්ලින්ගේ මුනේ තියනවා වගේ අසරන බැල්මක්....මොනා උනත් පවු දෙයියනේ මර්ලින්....ආතර්ට වටින්නෙ නෑනේ අත් වැරැද්දක් නිසා සමාව දෙන්නෙ නැතුව වතුර පනිට්ටුව මර්ලින්ගේ ඔලුවෙ හලන්න...ඒ අසරනයත් ඉතින් කොච්චර මහන්සියෙන්ද බිම පිහින්නේ...ආ නෑද...
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."