..
..
..
දවසින් දවස ගෙවිලා ගිහින් තවත් දවසක් උදා වෙනකොට ජාන්.හිටියේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා කා එකට නගින ගමන්....එයා අද නම් හැමදේම හොදින් වෙන්න කියලා දෙවියන්ව යැදලා දකුණු කකුලත් පෙරට තියලයි ගෙදරින් එලියට බැස්සේ....හැමදේම හොදින්.වෙන්න ඕන...අද තමා එයාට ප්‍රොමෝශන් එකක් ලැබෙන දවස....අවුරුදු ගානක් වැඩකරපු මහන්සියේ ප්‍රතිපල එයාට ලැබෙන්නම ඕන......පඩිය වගෙම ඒකෙන් එයාගේ ගෞරවයත් වැඩි වෙනවා..අනිත් අයගෙන් පිලිගැනීමකුත් ලැබෙනවා...ඉස්සර ඉදන් කුනු බැනුම් ඇහුව අයගෙන් තවත් එයාට බැනුම් අහන්න ඕන වෙන්නෙ නෑ ..එයාල ඉස්සරහා ආයෙ බයට ඔලුව නවන්න ඕනත් නෑ...හැබැයි මීට පස්සෙ නම් මූනට හිනාවෙලා පිටිපස්සෙන් අනින්න එන මිනිස්සු ගාන වැඩි වෙයි...තියන තියන අඩියක් ගානෙම වට්ටන්න එක එකා ඉදී.....කලින්ටත් වඩා ගොඩක් පරිස්සමෙන් වගේම බුද්දිමත්ව එයාට වැඩ කරන්න වෙයි....
ඒකමයි ජාන් හැමදේම හොදින් වෙන්න කියලා හිතින් පාර්තන කරලා ක එකට නගින්නත් දකුනු කකුල තිබ්බේ...
ඒත් ඉතින් ............
...අන්කල් ජා.........................න්න්න්..
..ආ...හ්හ්..වූ......
ඒ කටහඩත් එක්ක ගැස්සිලා ගිය පාර ඉන්න තැනවත් මතක නැති වුනු ජාන් හැදුවෙ පන කඩාගෙන දුවන්න...හැබැයි කලබලේටම දෙයියනේ කියලා එයාගේ සුබ වෙලාවෙන්ම ඔලුව කාර් එකේ වැදුණා...තරු විතරක් නෙවේ මන්දාකිනිත් පේන්නම...හිත සන්සුන් කරලා දෙවියනුත් වැදලා කා එකට නැග්ගත් ඒ ඔක්කොම පැත්තක දාලා කැත වචන ටිකක් ජාන්ගේ කටින් පිට වෙලා ගියා...දැනටමත් ඒ මූන පුපුරන්න අරන් තියෙද්දි එයා ඔලුවත් අතගාන ගමන් පිටිපස්ස හැරිලා බැලුවා.....
වෙන කෙනෙක් නම් ගුඩ් මෝනින් කියලා කියන්න හිතනවා උනත් ජාන්ගෙ හිතේ මිමිනුනේ වචන කීපයයි...
..ඇයි ඉස්කෝලේ සෙනසුරාදටත් උගන්වන්න බැරි...හ්....
..අන්කල් ජා....................න්න්න්න්......
ESTÁS LEYENDO
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfic"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."