..
..
..
..බෝනස්ලු🙂
..
..
..
.
ජාන්ගේ මුලු මූනම රතු වෙලා තිබුනේ....මූනේ ඇස් වටේ, නහය ළඟ වගේම කම්මුල් දෙක්ත්..තදම තද රතු පාට වෙලා...එයාගේ තොල් අග පවා පැලිලා ගිහින් ලේ බින්දු ඉතුරු වෙලයි තිබුනේ...පූසෙක් සූරලා වගේ බෙල්ල පුරාම හීරිලා ලේ උනලා තිබුනා....පවු දෙයියනේ...කොහොම හිටිය කොල්ලෙක්ද මේ අද මෙහෙම දුක් විඳින්නේ.....හොදවැඩේ ඉතින් එකාතකට...ඕකගෙ වලත්තකමනේ..දැන් ඉතින් කොරගහපන් කෑවා නම් සඳ බොද වෙන්නම.....
..මේක රසයි පැටියෝ....
ඒ තරම් රසක් නැති උනත් ජාන් කිව්වෙ යීබෝගේ මැලවුනු මූනට හිනාවක් ගේන්න බලන්.....හිතුවා වගේම ඒ ඇස් ලොකු වෙලා ගිහින් කම්මුල් දෙපැත්තට ඇදෙන ගමන් ලස්සන හිනාවක් මතු උනේ ජාන්ගේ හිතම පුරවලා.....නූඩ්ලස් බෝල් එක හෝදලා ඒ අතෙන්ම වතුර පිටින් ජාන් ලන් වෙලා බෝබෝගේ බෝල කම්මුලක් මිරිකුවා......
..ඊ...හ්....එපා..හ්....
යිබෝ මූන අහකට ගත්තේ ජාන්ගේ අතේ හිම මිදුණු ගගේ සීතලම සීතල වතුර තිබුනු නිසා......ඒත් ඉතින් ඒක ඇහුනේ නෑ වගේ ජාන් අත් දෙකෙන්ම බෝබෝගේ කම්මුල් අල්ලලා පොඩි කරලා දැම්මා.....ඔන්න ආයෙත් මූනම නරක් කරන් ජාන් දිහා රවලා බැලුවා.....හිතේ තිබ්බ තරහා කොහෙ ගියාද නෑ....ජාන් හිනාවෙලා පැන්ට්‍රිය උඩ වාඩි වෙලා හිටිය කොල්ලව කිහිල්ල යටින් අත් දාලා බිමට බැස්සුවා....බර කියලා නාමයක් නෑ...ඔව් ඉතින් අතට අහුවෙන හැම ජරාවම කටේ ඔබාගත්තම බරක් තියෙයියැ...
..කෝ බලන්න තුවාල කොහෙද කියලා...
..ම්හ්...එපා...
..එහෙනම් ..
..බෝබෝට රිදෙන්නෙ නෑ...අක්කා අන්කල් ජාන්ට ගැහුවනෙ ගොඩක් ...ඒවට බේත් දාමු ...
යීබෝ ජාන්ගේ තුවාල දිගේ ඇස් අරන් යන ගමන් කියද්දි එයා ඉනට අත් දෙක තියාගත්තා ...
..ශෝක් ශෝක්...එයා අක්කා මං අන්කල්....මොන ගැලපිමක්ද බම් ඒ...මට මහ ලොකු වයසක් පේනවද....
YOU ARE READING
⚽DeNniS ThE MeNacE ⚽ ( Zy Completed)
Fanfiction"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."