10 . කෝලම්

195 46 1
                                    

"ජින්....!! නවතිනවා....!! "

නම්ජූන් පඩිපෙල නගින ජින් පස්සෙන් යන ගමන් කතා කරත් ජින් නෙවේ හැරිලා බැලුවේ....

ජින් නම්ජූන්ව ගණන් නොගෙනම තමන්ගෙ කාමරේ දිහාට ඇදුනේ තරහ පිරුණු මූණක් මවාගෙන...

මවාගෙන....ඔව් ඔව් මවාගෙන....!!

"යාහ් ජින් මුරණ්ඩු නොවී ලෑස්ති වෙනවා...මං කීවා නේද අනිවාරෙන් තමුසේ අද මාත් එක්ක යනවා...."

කාමරේ ඇතුලට ගිහින් මහා හයියෙන් දොර වහගත්ත ජින්ට දෙහි කපන ගමන් නම්ජූන් දොර ලග ඉදන් හයියෙන් බෙරිහන් දෙන්න ගත්තේ ජින් ඇතුලට වෙලා කටට අත තියන් හිනා වෙද්දි....

හිනා වෙද්දි...? ඔව් ජින් හිනාවෙනවා....!! ඇයි දැන් නම්ජින්ගෙ ප්‍රශ්න ඉවරද...?

අපොයි නෑ...! ඒත් නම්ජූන්ව කේන්ති ගස්සන එක දැන් ජින්ගේ විනෝදාංශයක්...

නම්ජූන් තමන්ව මැරි කරපු හේතුව ජින් දන්නේ නෑ...!

එයාට ඒක දැනගන්න ඕනෙ කියන එකත් අමතක වෙලා ගිහින්ද....? ඒකත් මාසයක්ම....?

^__^

සෝකී | NUMJIN | COMPLETE ✓Where stories live. Discover now