මින් සෝක් ජින් :-
ජින් පුංචි කාලේ ඉදන්ම හැදුනේ වැඩුනේ මහ කරදර ගොඩක් අස්සේ...එයාගෙ අම්මාට එයාව බලාගන්න තරම් වත්කමක් නොතිබුණු නිසායි වෙන මිනිහෙක් එක්ක පවුල් කන්න තීරණෙ කරේ...නැතුව එයාගෙ සතුට ගැන හිතලා නෙවේ....ඒත් එයාවත් නොහිතපු විදිහට එයා සතුටක් කියලා ජීවිතේට ලං කරගෙන තියෙන්නෙ දුකක් , වේදනාවක්...!
ජින්ගෙ අම්මා ගොඩක් වෙලාවට මින්ගෙ ( නම්ජූන්ගෙ තාත්තා / ජින්ගෙ සුළු පියා ) හිරිහැර වලට ලක් වුනා...ජින්ට උනත් මින් ගොඩක් වෙලාවට ගැහුවා බැන්නා...ජින්ට මින්ගෙන් ලැබෙන ලොකුම දඩුවම උනේ කළුවර කාමරයක් ඇතුලේ කෑමක් බීමක් නැතුව ආපහු කීයට හරි එලියට ගන්නකම් ඉන්න වෙන එක....ජින් එතකොට පොඩි වැඩි...පොඩි ළමයි බයයි කළුවරට...! එහෙම නේද...?
ජින් වයසින් වැඩුනත් පුංචි කාලේදි එයාගෙ ජිවිතේ තිබුණු අදුරු මතක නිසා එයා කළුවරට බය වුනා...තනිකමට වෛර කලා...!
නම්ජූන් එයාව කාමරයක් ඇතුලේ හිර කරපු වෙලේ පවා ජින් බය වුනා...ඒත් සාමාන්‍යයෙන් යාන්තම් එලියක් තිබුනු නිසා එයා කොහොම හරි ඉවසුවා...ඒත් පවර් කට් එක....ඒක එයාගෙ බය දෙගුණ තෙගුණ කරා...
ජින්ගෙ මනසේ පුංචි කාලේ එයා කළුවර කාමරයක් අස්සෙ ඉද්දි අම්මා අඩන සද්දෙ සුළු පියා කෑ ගහන සද්දෙ ආයෙ ආයෙ මතක් වෙද්දි එයාගෙ සිහිය එයාගෙන් ඈතට ගියේ තවත් දරාගන්න තරම් හයියක් නෑ කියලා පෙන්නන්න වගේ....
ජින් මුලදි නම්ජූන්ට අකමැති වුනා තමා ඒත් කොයි වෙලාවකවත් නම්ජූන් ගැන වෛරයක් එයාගෙ හිතේ තිබුනේ නෑ...හැබැයි එයා හිතුවා එයා නම්ජූන්ට වෛර කරන්න ඕනෙ කියලා...ඒත් එයා එහෙම කලේ නෑ කොයිම වෙලාවකවත්....එයා ජිවිතේ වැඩි හරියක් සතුටින් හිටියේ නම්ජූන් එක්ක හිටියේ කාලේ කිව්වොත් විශ්වාස කරන්න අමාරුයි ඒත් ඒක තමා ඇත්ත....!
ජිනුත් ආදරේ කරා නම්ජූන්ට...ඒත් එයාට ඒක තේරුම් ගන්න කල් ගියා....!
කිම් නම්ජූන් :-
නම්ජූන්ගෙ තාත්තා ගැන පොඩි කාලේ ඉදන්ම එයාට පැහැදීමක් තිබුනේ නෑ...ජූන්ගෙ අම්මා පවා එයාගෙ තාත්තාව නතර කරගන්න උත්සහා නොකල ඒකෙන් වැඩක් නොවෙන බව දන්න නිසාමයි....
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanfictionපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(