"ම්..මොකක්ද...? අ..ආයේ කි..යන්න..ජූන්..."
ජින් ඇස් වල කදුලු පුරවන් කියද්දි නම්ජූන් හිනාවෙලා ජින්ව බදාගෙන ජින්ගෙ කෙස් අතරින් ඇගිලි යවලා ඇස් පියාගෙන හොද හුස්මක් ගත්තා...
"ඔයාට අහන්න ඕන්නැද්ද සෝකී ඇයි මං ඔයාව මැරි කරේ කියලා....?"
නම්ජූන් අහද්දි ජින් නම්ජූන්ගෙ උණුසුම් පපුවට තුරුලු වෙලා හිමින් ඔලුව වැනුවේ 'දැනගන්න ඕනෙ' කියන්න...
"ම්ම්...කියන්නම්...ඒත් මට පොරොන්දු වෙන්න මේ දේවල් අහලා කවදාවත් ඔයා දුක් වෙන්නෑ කියලා...මොකද වෙච්ච හැමදෙයක්ම වෙලා ඉවරයි සෝකී...."
ජින් ඒකටත් පිලිතුරු විදිහට දුන්නෙ කලින් වගෙම හිස සෙලවීමක් විතරයි...
"මගෙ තාත්තා මාව දාලා ගියේ මට අවුරුදු 5 දී...ඒ මිනිහාගෙ ජරා වැඩ ගැන අම්මාගෙන් මං දැනගත්තෙ බලෙන්...අම්මා කැමති වුනේ නෑ ඒ දෙවල් ගැන මට කියන්න....ඒත් ඒ දෙවල් දැනගත්තම මට තාත්තා කියන වචනේ පවා එපා වුනා...දවසක් මං දැක්කා මගෙ ඒ තාත්තා කියන මිනිහා තව එකෙක් එක්ක පාරක් අයිනේ මොනාද කියව කියව ඉන්නවා...මට උගෙ රූපේ මතක තිබුනේ නෑ ඒත් අම්මා මට දවසක් ෆොටො වගයක් පෙන්නුවා...ඒවාගෙන් දැකපු නිසා මතක තිබුනා....මට ඌගෙන් වැඩක් නෑ ඒත් මට දැනගන්න ඕනෙ වුනා මාවයි අම්මාවයි දාලා ගිහින් ඒ මිනිහා හොදට පවුල් කනවද කියලා...
මං ගියා උන්ගෙ පස්සෙන්....එදා තමයි මං ඔයාව මුලින්ම දැක්ක දවස සෝකී....ඔයා හිටියා මිදුලට වෙලා අහස දිහා බලන්....ඔයාගෙ අම්මාත් හිටියා...මං එදායින් පස්සෙ ආයෙ ඒ මිනිහාව දැක්කේ නෑ මං හොයන්න ගියෙත් නෑ....ඒත් මං ඔය සිද්දිය මගෙ යාලුවට කිව්වම ඌ ඔය ගැන හොයලා...එයයි මට කීවේ ඒ මිනිහා ඔයාගෙ අම්මාටයි ඔයාටයිත් සලකන්නෙ මහා ජරා විදිහට කියලා...
මගෙ අම්මා මාව උස් මහත් කරේ ගොඩක් අමාරුවෙන්...මන් හොදට ඉගෙනගත්තා මගෙ අම්මා වෙනුවෙන්...මට ඕනෙ වුනා මගෙ අම්මාව සතුටින් තියන්න...මං වෙනුවෙන් කරපු කැපකිරීම් වලට ස්තූති කරන්න...මං ඒ දේ කරා...මං පොඩි වයසෙන්ම ලෝකයක් දන්න හොද බිස්නස්මන් කෙනෙක් වුනා...මං සල්ලි හෙව්වා ඇති වෙන්න...ඒත් මට අඩුවක් දැනුනා...කාලයක් ගියත් ඔයාගෙයි ඔයාගෙ අම්මාගෙයි අනාගතේ ගැන මට බයක් දැනුනා...මට හෙව්වා ඔයාලා ගැන...එතකොටයි මං දැනගත්තේ අර නරුමයා ඔයාගෙ අම්මාව මරලා හිරේ ගියා කියලා...
ඒත් මට ඔයා ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුනා මැනික...පස්සෙ මං ගියා ඔයාලගෙ ගෙදරටම....ඒ ලග ගෙදරක හිටපු ආච්චි කෙනෙක් හම්බුනා මට...එයයි කීවේ ඔයා අම්මා මැරුනට පස්සෙ නැන්දලාගෙ ගෙදර ගියා කියලා...මං ගියා ඔයාගේ නැන්දාවත් හොයන්...එයාලායි මට කීවේ ඔයා ඉන්න තැනයි ඔයා වැඩ කරන තැනයි....
ඔයාව මං පොඩි කාලේ දැක්කට පස්සෙ දැක්කේ මාස පහකට විතර කලින්...මං ඔයාගෙ පස්සෙන් මගෙ කට්ටියව දැම්මා...ඔයා යන එන හැම තැනක් ගැනම මං දැනන් හිටියා...ඔයා වැඩ කලෙත් මගෙම කම්පැනි එකක නිසා මට ඔයා ගැන හොයන එක තවත් ලේසි වුනා...
මට ඕනෙ වුනේ මගෙ නමට විතරක් තාත්තා නිසා ඔයාට නොලැබුන දේවල් ඔයාට දෙන්න...!"
නම්ජූන් හරිම හිමින් මුළු කතාවම කියලා ඉවර වෙද්දි ජින් නම්ජූන්ගෙ තුරුලෙන් ඈත් වෙලා අඩි දෙකක් පස්සට ගියේ මොනා හරිම දෙයක් වැරදි කියලා එයාට දැනුන නිසා....
මොකක්ද වැරැද්ද....?
^__^
හිතුවට වඩා මේ චැප්ටර් දික් වුනානේ...🥲 ආ කමල්ලෑ ඉතින්...
YOU ARE READING
සෝකී | NUMJIN | COMPLETE ✓
Fanficපුංචි ජින් බයයි....!? මොනාටද....? අඳුරට......!! පුංචි ජින් අකමැතියි....!? මොනාටද....? කළු පාටට......!! :(